දරුවාගේ අනාගතය ගැන හිතනවද? එහෙනම් මේ වැරදි කරන්න එපා

December 7, 2018
10,737
Do not do these mistakes if you think about your child’s future
හැම ආදරණීය අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම සිහිනය තමයි දරුවාගේ ඉදිරි අනාගතය ශක්තිමත් කර දරුවාව ඉහල පිළිගත් තැනකට ගෙන යන එක. තාත්තලා අම්මලා දරුවන්ගේ ඉදිරිය ගැන හිතලා එයාලාගේ මුළු ජිවිතයම කැප කරනවා. සමහර අවස්ථාවලදී දෙමව්පියන් තම දරුවාව සතුටින් තැබීමට වැඩිහිටියෙක් විදිහට නොකළ යුතු දේවල් පවා කරනවා. නමුත් දරුවාගේ සතුට වෙනුවෙන් කැප කිරීම් කරලත් ඒ වෙලාවේදී ක්ෂණික සතුටක් ලැබුණත් පසුව දරුවගේම අයහපතට ඒ දේවල් හේතු වෙන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයත් එක්ක දෙමව්පියන් වශයෙන් ඔයාගේ දරුවාගේ අනාගතය ගැන වැරදි තීරණ නොගෙන ඔවුන්ව සතුටු කරන්නේ, අනාගතය යහපත් කරන්නේ කොහොමද කියලා කතා කරන්නයි යන්නේ.

ප්‍රශංසා කිරීම

දරුවාගේ යහපත් මානසික වර්ධනයට ප්‍රශංසාව ඉතාම වැදගත්. සමහර දෙමව්පියන් තම දරුවාව වැඩියෙන් ප්‍රශංසා කරනවා. තවත් සමහර දෙමව්පියන් තම දරුවාව අගය කිරීම කරන්නේ නැහැ. මෙමගින් දරුවාට නොදැනුවත්ම අයහපතක් සිදු වෙනවා. දරුවා යහපත් දෙයක් කරන විට අම්මා තාත්තා වශයෙන් දරුවාව ප්‍රශංසා කරන්නේ නැති නම් දරුවා මානසිකව කඩා වැටෙනවා. නැවත යහපත් ක්‍රියාවක් කිරීමට දරුවා තුල ඇතිවන උනන්දුව අඩු වෙනවා. ඒවගේම දරුවා තුල ඇති ආත්ම විශ්වාසය නැති වෙනවා. අම්මෙක් තාත්තෙක් විදිහට දරුවාව ප්‍රශංසා කල යුත්තේ දරුවා ප්‍රශංසාව ලැබීමට සුදුසු මොහොතේදීය. අනිත් අතට අනවශ්‍ය ලෙසට  දරුවාව ප්‍රශංසාවට ලක් කල විට දරුවා මහන්සි නොවී ප්‍රතිලාභ ලැබීමට බලාපොරොත්තු වෙනවා. දරුවාට යමක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් තමාගේ පැත්තෙනුත් යමක් සිදු විය යුතුයි යන කාරනාව දරුවා තේරුම් කර දෙන්න ඕනා.  දරුවා තුල සැබෑ ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙන්නේ දරුවාගේ සැබෑ හැකියාවන් ප්‍රශංසා කිරීමෙන් පමණයි.

ආරක්ෂා කිරීම

සමහර දෙමව්පියන් දරුවන්ගේ පොලිස් ආරක්ෂකයෙක් විදිහටයි ක්‍රියා කරන්නේ. දරුවෙකුට දෙමව්පියන්ගෙන් ලැබිය යුතු රැකවරණයේ සීමාවක් තිබෙනවා. එම සීමාව පසු කර ඔයා දරුවාව ආරක්ෂා කරනවා නම්, එමගින්  බිහි වන්නේ කිසිත් තනිවම කිසිත් කර ගැනීමට නොහැකි වන දුර්වල දරුවෙක් වන අතර දරුවන් අභියෝග වලට මුහුණ දීමට බිය ගැන්වෙනවා. දරුවන්ට ඇති වෙන පොඩි ප්‍රශ්න එයාලටම විසඳා ගන්න ඉඩ හැරීමෙන් ඔයාගේ දරුවාට අභියෝග වලට මුහුණ දීමට පුරුදු වෙනවා. දෙමව්පියන් ආරක්ෂා කරනවා කියලා කරන්නේ විභාගයකදී දරුවාගේ ලකුණු අඩු වුණොත් ගුරුවරයාටද, ප්‍රේම සබඳතාවයක් ඇති කර ගත් විට ඇසුරු කරන මිතුරන්ටද වරද පටවනවා. එමගින් දරුවාව නිවැරදි මාර්ගයට ගන්න බැහැ. දරුවාගේ වැරැද්ද පෙන්වලා නිවැරදි මාර්ගයට ගැනීමයි කරන්න ඕනි. දරුවාගේ අතින් වරදක් වූ විට එහි වගකීම දරුවා ගන්නට බිය වෙනවා හෝ පැකිලෙනවා නම් ඔහුට අනාගතයේ තනිව ප්‍රශ්වලට මුහුණ දෙන්න බරි වෙනවා.

ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන්න එපා

දෙමව්පියන් නොකා නොබී හෝ මුදල් එකතු කර දරුවා ඉල්ලන සෑම දෙයක්ම පහේ අරන් දෙන්න උත්සහා කරනවා. එතැනදී අපෙන් සිදුවෙන වැරැද්ද තමයි දරුවා කවදාවත් අම්මා තාත්තා තමන් වෙනුවෙන් සිදු කරන කැපවීම් හඳුනා ගන්නවත්, ඊට සංවේදී වන්නවත් සිතේ හැඟීම ඇති නොවීම. ඇතැම් දෙමව්පියෝ නිවසේ මුදල් හිඟතාවයක් තියෙනවද කියලවත් දරුවාට දැනෙන්න දෙන්නේ නැහැ. එමගින් දරුවන් තවකෙකුගේ දුක හඳුනා ගන්නේ නැහැ. තමා තව කෙනෙකු වෙනුවෙන් කැපවීම් කල යුතු යැයි සිතන්නේ නැහැ.

දෙමව්පියන් වශයෙන් දරුවාගේ වර්තමාන සතුට ගැන පමණක් නොව අනාගත සතුට ගැනත් සිතුවොත් හොඳ පෞර්ශත්වයකින් යුත් දරුවෙක් අනාගතයට දායාද වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1191 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:52:19 AM
Script:/article/1191/do-not-do-these-mistakes-if-you-think-about-your-child-s-future.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:52:20 AM
Script:/article/1191/do-not-do-these-mistakes-if-you-think-about-your-child-s-future.html