දෙපතුල්වල වියලිබව නැති කිරීමට නිවසේදීම කරගත හැකි පහසු ප්‍රතිකාරයක්

January 27, 2017
9,901
How to Remove Dry Skin from Your Feet
කාන්තාවන් බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි විලුඹ ඉරි තැලීයාම. මෙය දෙපාවලට වේදනාවක් මෙන්ම දෙපාවල සුන්දරත්වයටද හානියක් ගෙන දෙන්නක්. විලුඹ ඉරිතැලීමට බලපාන ප්‍රධාන හේතුව තමයි දෙපතුල්වල සම වියලීම. ඒ නිසා දෙපතුල්වලට වියලිබව නැතිකරගැනීම මඟින් මෙම තත්වය අඩු කරගන්න ඔබට පුළුවන්. මේ සඳහා අපි නිවසේදීම කරගත හැකි ප්‍රතිකර්මයක් ගැන තමයි මේ කියන්න යන්නේ.

මුලින්ම ෂැම්පූ මිශ්‍ර මද උණුසුම් වතුර භාජනයකට දෙපා දමා තබාගෙන ඉන්න. විනාඩි 2ක් පමණ දෙපා එසේ තබා බුරුසුවකින් විලුඹ ප්‍රදේශය හොඳින් රවුමට අතුල්ලන්න. මෙමගින් මැරුණු සම ඉවත්වේවි.

දැන් පාද සඳහා යොදන ස්ක්‍රබ් වර්ගයක් (Foot Scrub) විලුඹ ප්‍රදේශයේ හොඳින් ආලේපකර රවුමට අතුල්ලන්න. මෙම ස්ක්‍රබ් ආලේපය විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න.

ඉන්පසු හොඳින් දෙපා පිසදමා විලුඹ ප්‍රදේශයේ වැස්ලින් ස්වල්පයක් ආලේප කරන්න. දැන් දෙපතුල් ආවරණය කිරීමට ඇති ආවරණයකින් හෝ පිරිසිදු රෙදි කැබැල්ලකින් විනාඩි 20ක් පමණ දෙපා ආවරණය කර තබන්න.

ඉන්පසු වැස්ලින් සෝදාහැර විටමින් E අඩංගු ක්‍රීම් වාර්ගයක් දෙපාවල ආලේප කරන්න. මෙම ප්‍රතිකාරය සතියට දින 4ක් පමණ කිරීමෙන් ඔබට විලුඹ පැලීමට ඉක්මණ් සහනයක් නිවසේදීම සලසා ගත හැකි වනු ඇති.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

A golden relief for the new year
   459
   60

අලුත් අවුරුද්දට අතේ මිටේ අග හිඟකම් නැති කරන රත්තරන් සහනයක්

අපි හැමෝගෙම ජීවිත වලට ප්‍රශ්න එන්නේ කලින් දැනුම් දීලා නෙවෙයිනේ. කාන්තාවෝ විදිහට අපි හැමෝම අසාවෙන් පරිස්සම් කරන රත්තරන් අපි නොහිතන අවස්ථාවන් වලදී ජීවිතේට අපිට අවශ්‍යම වෙන සහනයක් ලබා දෙන්නේ හදිසියේම ඇතිවෙන මුදල් අග හිඟකම් වලදී
Christmas Cake Recipe
   1,475
   42

නත්තල් කේක් - Recipe

නත්තල් කාලයට ගෙදරක අනිවාර්යයෙන්ම හදන නත්තල් කේක් අද හැඩකාරී අපි ඔයාට පහසුවෙන් හදාගන්න විදිහක් කියලා දෙනවා
Symptoms to say you are pregnant
   9,115
   37

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Mince Pies Recipe
   901
   33

මින්ස් පායිස් - Recipe

අපි අද කියල දෙන්නේ හරිම ලේසි විදිහට මින්ස් පායි හදන විදිහක්

Latest Articles

Most Viwed