කැපීපෙනෙන රූපයකට එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් ටිප්ස් 04ක්

May 16, 2019
31,723
Day to day tips for a outstanding beauty
අද සමාජයේ හැමෝම කැමති තමා ලස්සනට ඉන්න. සමහර යුවතියන් වයසට යන්නත් කලින් වයස පෙනුමක් අරගෙන නැති නම් යුවතියන් ශරීරයේ ස්වභාවය නිසා ඔයාගේ පෙනුමට හානියක් එක් කරගෙන. සම වයසට යන එක පටන් ගන්නේ අපි උපන් දා සිටමයි. වයසට වඩා වැඩි පෙනුමක් හිමි කර දෙන්නේ අනවශ්‍ය ආහාර රටා සහ හැසිරීම් රටා මගින්. අද හැඩකාරී අපි ඔයාට එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් වන සිරුරේ වයස් ගත ස්වභාවය පාලනය කර ගැනීම සඳහා උපකාර වන උපදෙස් ස්වල්පයක් කියන්නයි යන්නේ.

කෙට්ටු අයට මහත් වෙන්න…

උදැසන ආහාරය සඳහා

කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි 2
නැවුම් කිරි කෝප්ප 1
එනසාල් 4
වියළි මිදී තේ හැඳි 2

කෝලිකුට්ටු කෙසෙල් ලෙලි ඉවත් කර කුඩා කැබලි වලට කපා ගන්න. පසුව භාජනයක් ගෙන කිරි, එනසාල් සහ වියළි මිදී එකතු කොට හැන්දක් ආධාරයෙන් ආහාරයට ගන්න. මෙය උදැසන ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. ආහාරය වේල් 3 මගහරින්න එපා. ඒවගේම දවසට බිත්තරයක් දහවල් ආහාරය සඳහා ආහාරයට ගන්න.

දත් සුදු කර ගන්න 

බේකින් සෝඩා තේ හැඳි 1/2
ලුණු කුඩු තේ හැඳි 1/2
තක්කාලි යුෂ තේ හැඳි 2

කුඩා භාජනයක් ගෙන බේකින් සෝඩා, ලුණු කුඩු සහ තක්කාලි යුෂ දමා හොඳින් කවලම් කර ගන්න. පසුව දත් බුරුසුවක් ආධාරයෙන් මිශ්‍රණයේ තවරා මිනිත්තු 4ක් දත් මැදලා කට සෝදන්න. මෙය සතියකට දෙවරක් පමණක් භාවිතා කරන්න. ඊට හේතුව පමණට වඩා බේකින් සෝඩා භාවිතය සුදුසු නැති නිසා.
 
බඩ අඩු කර ගන්න

තලා ගත් ඉඟුරු තේ හැඳි 1
තලා ගත් අමු කහ කැබලි 1
කුරුදු පොතු 2
දෙහි ගෙඩියක යුෂ

භාජනයක් ලිපේ තබා එයට වතුර වීදුරුවක් දමා හොඳින් රත් කරන්න. රත් වූ පසු එයට තලා ගත් ඉඟුරු, කහ සහ කුරුදු බුබුලු නගින තුරු රත් කරන්න. පසුව සදා ගත් මිශ්‍රණය පෙරා දෙහි එකතු කර පානය කරන්න. මෙම මිශ්‍රණය පානය කිරීමෙන් ඔයාගේ නෙරා ඇති උදරය සම්පුර්ණයෙන්ම අඩු කර ගන්න පුළුවන්.

බ්ලැක්හෙඩ්ස් 

දන්තාලේපන තේ හැඳි 1
සීනි තේ හැඳි 1
ලුණු කුඩු තේ හැඳි 1

භාජනයක් ගෙන දන්තාලේපන, සීනි සහ ලුණු හොඳින් කලවම් කර සදා ගත් මිශ්‍රණය දත් බුරුසුවක් ආධාරයෙන් බ්ලැක්හෙඩ්ස් ඇති ස්ථාන වලට රවුමට අතුල්ලන්න. පසුව බ්ලැක්හෙඩ්ස් ගැලවී යනවා. මෙය සතියකට දෙවරක්වත් සිදු කරන්න. මෙමගින් මුහුණට ස්වභාවික සුන්දරත්වයක් ලබා ගන්න පුළුවන්. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-31 00:00:00' and A.id <> 1326 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 12:40:06 AM
Script:/article/1326/day-to-day-tips-for-a-outstanding-beauty.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 12:40:07 AM
Script:/article/1326/day-to-day-tips-for-a-outstanding-beauty.html