මේ ආහාර 7න් පුළුවන් ඔබේ සමට ලොකු වෙනසක් එක් කරන්න

May 22, 2020
35,687
These 7 food can glow your skin
ඔබේ ආහාර වේල ඔබේ පෙනුමට විශාල කාර්යභාරයක් ඉටු කරනවා. නිවැරදිව ආහාර අරගන්න. එවිට ඔබෙන් ස්වභාවික දීප්තියක් පිට වෙනවා. ක්ෂණික ආහාර වලට පුරුදු වෙන තරමට අඳුරු සහ කුරුලෑ සහිත සමක් සමඟ ඔබට පොරබදින්න වෙනවා.

ඔබේ සමේ පෙනුම කියන්නේ ඔබේ ආහාර තේරීම් සමඟ යා වෙන දෙයක්. නිරෝගී සමක් සඳහා හොඳම පෝෂණය ලැබෙන්නේ දීප්තිමත් වර්ණ සහිත එළවළු, පැඟිරි පලතුරු, පැහැදිලි දියර වර්ග, ප්‍රෝටීන් සහ ඔමේගා මේද අම්ල වැනි ස්වාභාවික ප්‍රභවයන්ගෙනුයි. දීප්තිමත් සමක් ලබා ගන්න ඔබට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත හොඳම ප්‍රභවයන් ලැයිස්තුවක් මෙන්න...

1. කහ
කහ කියන්නෙ උයන්න ගන්න කුළුබඩු අතර නැතුවම බැරි දෙයක්. අතීතයේ ඉඳන්ම සාම්ප්‍රදායික රූපලාවණ්‍ය පිළියමක් වන කහ වලින් ගෙදරදී ම හදාගන්න පුළුවන් ෆේස් පැක් තියනවා. ප්‍රතිබැක්ටීරීයා හා සන්සුන් කරවන ගුණ ඇති කහ, දැවිල්ලට පත් සම සමනය කරයි. ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ප්‍රභවයක් වන එයින් ඔබේ සමේ වයසට යාමේ සලකුණු මකන අතර සමේ ස්වභාවික දීප්තිය ද වැඩි කරයි. හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා හිස් බඩින් අමු කහ කෑල්ලක් දාලා පැය දෙකක් විතර තියපු ජලය (ඉන්ෆියුස් වොටර්-infused water) වීදුරුවක් පානය කරන්න.

2. බීට් රූට්
 බීට්රූට් කියන්නේ යකඩ වලින් පොහොසත් ප්‍රභවයක් වන අතර එය විශිෂ්ට රුධිර පවිත්‍රකාරකයක් විදිහට ද ක්‍රියා කරනවා. මේක සමේ දීප්තිය පවත්වා ගැනීමට වැදගත් සාධකයක්. විටමින් ඒ සහ සී වගේ සමට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවල ප්‍රතිලාභ ද මෙමඟින් ලැබෙන අතර එමඟින් සමේ කැළැල් ඉවත් කර ඒකාකාර වර්ණයක් ලබා ගන්න පුළුවන්. බීට්රූට් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා එය ඔබේ දෛනික ආහාර වේලට ගනිද්දී තම්බලා හෝ යුෂ ආකාරයෙන් ආහාරයට ගන්න.

3. තක්කාලි
තක්කාලි වල ඇති ප්‍රතිඔක්සිකාරකයක් වන ලයිකොපීන් මඟින් ශරීරයේ සෛල ආරක්ෂා කරන නිසා එමඟින් තද සමක් සහ තරුණ පෙනුමක් ඇති කරවනවා. එය ස්වාභාවික සන්ස්ක්‍රීන් ආලේපනයක ප්‍රතිලාභ ද ලබා දෙන අතර හිරු එළියෙන් සමට වෙන සංවේදීතාවන් අඩු කරයි. එහි ඇති හොඳම ගුණාංගයක් වන්නේ විටමින් සී ඉහළ ප්‍රමාණයක් අඩංගු වීමයි. ඒ හරහා සමේ සීබම් නිෂ්පාදනය පාලනය කරන අතර කුරුලෑ වලට ප්‍රතිකාරයක් වෙනවා. ඔබේ ආහාර ගැනීමේ පුරුද්දත් එක්ක සමේ සෞඛ්‍ය සම්පන්න බව වැඩි දියුණු කිරීම සඳහා තක්කාලි සුප්, සලාද ඔබේ ආහාර වේලට නිතර එකතු කරගන්න.

4. කසකසා ඇට
ෆලූඩා වට්ටෝරු වලට රසවත් එකතු කිරීමක් ලෙස වඩාත් ප්‍රචලිත මෙම කුඩා කළු බීජ සමට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවල ප්‍රබල ප්‍රභවයක්. ඔමේගා -3 මේද, විටමින් ඒ සහ සී වලින් පොහොසත් කසකසා ඇට සමේ වයස්ගත වීමේ මුල් සංඥා වලට එරෙහිව සටන් කරමින් දැවිල්ල සමනය කිරීමට ගොඩක් උපකාරී වෙනවා. කසකසා ඇට තේ හැන්දක ප්‍රමාණයක් එක රැයක් පොඟවලා තියලා හිස් බඩින්ම පානය කිරීමෙන් එහි ප්‍රතිඵල ඔබට නෙළා ගන්න පුළුවන්.

5. බතල
බතල වල ඇති ප්‍රතිඔක්සිකාරක සංඝටකය ඔබේ මුහුණට ස්වාභාවික දීප්තිය ලබා දෙයි. බතල වල තියන රතු පැහැයට හුරු දම් පැහැය ලබා දෙන ඇන්තොසියානින් සංයෝගය මඟින් සමේ කැළැල් සහ අඳුරු පැල්ලම් අඩු කිරීමට උපකාරී වෙනවා. බතල වල ඇති විටමින් සී අන්තර්ගතය සමේ කොලජන් නිෂ්පාදනය ඉහළ නංවන අතර එය සමේ වර්ණය ද වැඩි දියුණු කරවනවා. සම තරුණ හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සඳහා ඉතා වැදගත් අංගයක් වන විටමින් ඊ වල හොඳ ප්‍රභවයක් තමයි බතල. 

6. සූරියකාන්ත බීජ
විටමින් E වල බලශක්තියක් වන සූරියකාන්ත බීජ මගින් සමේ සෛල වලට සිදුවන හානි වළක්වනවා. දැවිල්ල ඇති කරන සමේ රෝග වලදී ඇතිවන අපහසුතාවයන් අවම කර ගැනීමට උපකාරී වන සම සුවපත් කිරීමේ විශිෂ්ට ගුණාංග ද ඒ තුළ අඩංගුයි. එපමණක් නෙමෙයි ඒවායේ තියන රසවත් බව නිසා සලාද වලට, උදේ කෑමට සහ එළවළු තෙම්පරාදුවකට විශිෂ්ට එකතුවක් මේ බීජ. ඔබට අවශ්‍ය ආකාරයෙන් එය බටර් සමඟ මිශ්‍ර කරලා වුණත් ආහාරයට අරගන්න පුළුවන්.

7. වෝල්නට්ස්
‘මොළයේ ආහාරය’ විදිහට ප්‍රචලිත walnuts සමට බොහෝ ප්‍රතිලාභ ලබා දෙනවා. ඔමේගා-3 මේදවල විශිෂ්ට ප්‍රභවයක් වන එය සමේ සෛල වලට හානි කරන විෂ ද්‍රව්‍ය ඇති වීම වළක්වයි. පෝෂ්‍ය පදාර්ථ හා තෙතමනය සමඟ සමේ සෞඛ්‍යය වර්ධනය කිරීම සඳහා මෙම නට් වර්ගය ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගන්න. එය ඔබේ සම වයසට යාමේ සලකුණු ආපසු හැරවීමට උපකාරී වන අතර ඔබට පැහැපත් පෙනුමක් ද ලබා දෙයි. මෙම හැපෙනසුළු ප්‍රණීත ආහාරය ආහාර වේල් අතර සුලු කෑමක් ලෙස අරගන්න. වඩා හොඳයි එය ඔබේ උදෑසන ආහාර බඳුනට එක් කරගන්න පුළුවන් නම්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1613 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:34:36 AM
Script:/article/1613/these-7-food-can-glow-your-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:34:36 AM
Script:/article/1613/these-7-food-can-glow-your-skin.html