මේ දේවල් ටික දැනගත්තොත් නම් නියම රහට රස පදමට වටලප්පන් හදන්න පුළුවන්

June 19, 2018
12,355
Make watalappan like this and enjoy the real taste
වටලප්පන් කියන්නේ ඉතින් ඇහුවත් ගොඩ දෙනෙක්ගේ කටට කෙල උනන කෑමක්. කට්ටිය වෙඩින් එකකට ගියා උනත් හිත යටින් ඩෙසට් එකට වටලප්පන් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉතින් හැම තැනකදීම අපිට නියම රහට නම් වටලප්පන් කන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගෙදරදී උනත් හදනකොට අපිට හරියටම හදාගන්න වෙන්නේ නැහැ. අපි කොච්චර ආස උනත් නියම වටලප්පන් එකක් අපිට කන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ නිසා වටලප්පන් කන්න කැමති ඔයාලට නියම විදිහට වටලප්පන් එකක් හදාගන්න වැදගත් වෙන දේවල් ටිකක් තමයි අද අපි ඔයාලට කියන්නේ. මේ දේවල් හරියට කරොත් ඔයාටත් පුළුවන් නියම රසට වටලප්පම් හදාගන්න.

01. පොල් කිරි විතරයි

නියම විදිහට වටලප්පන් හදන්න නම් ගන්න ඕනේ පොල් කිරි විතරමයි. කට්ටිය ෆ්‍රෙෂ් milk, ටිං කිරි වගේ ඒවා පාවිච්චි කරාට නියම විදිහට වලප්පම් හදන්න බැහැ. ඒ නිසා නියම රහට නියම විදිහට වටලප්පම් හදන්න ඕනේ නම් ගන්න ඕනේ උකු පොල් කිරි විතරයි. පොල් කිරි ටික හොඳටම උකු වෙන්න ඕනේ එතකොට තමයි රස වගේම වටලප්පන් එක ලස්සනට සෙට් වෙන්නේ .

02. හොඳම හකුරු

වටලප්පන් එකට හොඳම හකුරු දැම්මොත් ආයේ වටලප්පන් එක පාට වෙන්න කියලා වෙන කිසිම දෙයක් දාන්න ඕනේ නැහැ. ලස්සන පාටට රසට වටලප්පන් එක හැදෙනවා. හොඳම හකුරු හොයාගන්න මේ විදිහට පුළුවන් හොඳ කිතුල් හකුරු තද පාටයි ඒ වගේම තමයි අතේම දියවෙනවා, පිහියෙන් උනත් කපන්න කිසිම අමාරුවක් නැහැ. වටලප්පන් එකට දාන්න ගාගත්තම ක්‍රීම් එකක් වගේ ඇලෙනවා. තව දෙයක් සමහර අය වටලප්පන් හදන්න කිතුල් පැණි පාවිච්චි කරනවා හැබැයි නියම විදිහට වටලප්පන් හදන්න ඕනේ නම් පාවිච්චි කරන්න ඕනේ හකුරු විතරයි.

03. බිත්තර ගඳ නැතිවෙන්න

වටලප්පම් එක කොච්චර රස උනත් එකෙන් බිත්තර වල පිලි ගඳ ආවොත් කන්න ටිකක් අමාරුයි. ගොඩක් අය කරන්නේ මේ ගඳ නැතිවෙන්න කියලා දෙහි ලෙලි, කුරුඳු, කරාඹු නැටි, සුවඳ කුඩු වගේ ඒවා දානවා . මේ නිසා වෙන්නේ වටලප්පන් එකේ නියම රසය වෙනස් වෙන එක. වටලප්පම් වලට කරදමුංගු විතරක් දැම්මම ඇති. බිත්තර වලින් එන පිලි ගඳ අයින් කරගන්න කරන්න තියෙන්නේ බිත්තරේ කැඩුවම කහ මදේ අයිනෙන් තියෙන සුදුපාට ඝනකම කොටස ඉවත් කරන එක. එකෙන් බිත්තර වල පිලි ගඳ ඉවත් වෙනවා.

04. ඔක්කොම එකට බ්ලෙන්ඩර් කරන්න එපා

ගොඩක් අය ලේසියටත් එක්ක කිරි, හකුරු, බිත්තර ඔක්කොම එකට දාලා බ්ලෙන්ඩර් කරනවා. මෙහෙම කරාම වටලප්පම් එක ලස්සනට හැදෙන්නේ නැහැ. කරන්න ඕනේ බිත්තර විතරක් බ්ලෙන්ඩර් හරි බීට් හරි කරලා. හකුරුයි කිරියි හොඳට කලවම් කරලා ගන්න එක. එතකොට වටලප්පන් එක ලස්සනට තැම්බෙනව වගේම රසත් හොඳයි.

05. ස්ටීම් කරන්න

මේකත් වටලප්පන් එක රස වෙන්න බලපාන ප්‍රධනම දෙයක්. අපි ලේසියට බේක් කරාට වටලප්පන් එකේ නියම රස වගේම ලස්සනත් එන්නේ වටලප්පන් එක ස්ටීම් කරාම. ඒ නිසා නියම රසට වටලප්පන් හදා ගන්න ඕනේ නම් වටලප්පන් එක ස්ටීම් කරන්න සාමාන්‍යයෙන් විනාඩි 40 ක් විතර ස්ටීම් කරන්න ඕනේ. හරියටම තැම්බිලාද කියලා දැනගන්න ඉරටු කෑල්ලකින් ඇනලා බලන්න දිය ගතියට එන්නේ නැත්නම් හොඳට තැම්බිලා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-29 00:00:00' and A.id <> 896 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, July 30, 2025 at 6:39:28 PM
Script:/article/896/make-watalappan-like-this-and-enjoy-the-real-taste.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, July 30, 2025 at 6:39:28 PM
Script:/article/896/make-watalappan-like-this-and-enjoy-the-real-taste.html