ඔබ සිතින් ආදරය කරන ඔහු ඔබේ ආදරය ප්‍රතික්ෂේප කලොත්?

April 11, 2017
8,809
How to overcome the fear of rejection?
කාන්තාවන් ජිවත් වෙන සමාජ රටාවත් එක්ක බොහෝ දුරට ලැජ්ජා වෙනවා තමන්ගේ හිතේ ඇතිවුන ආදරය ගැන පිරිමි කෙනාට කියන්න. මේ නිසා ඔවුන් කරන්නේ මේ හැඟීම හිත ඇතුලෙම හංගගෙන කාලය ගත කරන එකයි. ඒ වගේම ඔවුන් බිය වෙනවා හිතේ ඇතිවුන ආදරය ප්‍රකාශ කරන්න මොකද පිරිමි කෙනා තමන්ගේ ආදරය ප්‍රතික්ෂේප කරයි කියලා. මේ වගේ වෙලාවට ඔබේ හිත සංසුන් කරගන්න ඔබට පුළුවන් වෙයි මේ විදිහට වැඩ කරොත්.

1. ඔබට බය හිතෙන්නේ කුමක් නිසාද යන්න මුලින්ම වටහා ගන්න

ඔබ තවමත් ඔහුට ඔබේ ආදරය ගැන ප්‍රකාශ කරලා නැතිනම් ඔබ බොරුවට බිය විය යුතු නැහැ. ඔබ බිය වෙන්නේ බියවීමට තරම් හේතුවක් නැතිවයි. මේ නිසා අවස්ථාව එළබෙන තුරු සිදුවිය හැකි දේවල් ගැන සිතමින් ඔබ මානසික පිඩාවට පත්වෙන එක නතර කරන්න. ඔබට බිය වීමට සැබෑවටම හේතුවක් නැතිනම් සැහැල්ලුවෙන් කාලය ගත කරන්න.

2. ඇත්තටම බියවිය යුතු නැති බව තේරුම් ගන්න

ඔබ බිය වෙන්නේ තවමත් සිදු නොවුන දෙයක් පිළිබදවයි. අනික ඔහු ඔබව ප්‍රතික්ෂේප කරත් එය ඔබේ ජිවිතයේ අවසානය වෙන්නේ නැහැ. ඔබට නැවත ආදර සබදතාවයක් ආරම්භ කල හැකියි. මේ නිසා හේතුවක් නොමැතිව බියවීම සුදුසු නොවන බව තේරුම් ගන්න.

3. ප්‍රතික්ෂේප වීම් ජීවිතයේ සිදුවෙන සාමාන්‍ය දෙයක් බව අවබෝධ කරගන්න

ඔබ ඔහුගෙන් ප්‍රතික්ෂේප වීමකට ලක් උනා නම් ඒ ගැන බොහොම සංකීර්ණ විදිහට හිතන්න එපා. මොකද අපි හැමෝම ජිවිතයේ විවිධ අවස්ථාවන් වල කුමන හෝ ආකාරයක ප්‍රතික්ෂේප වීමකට ලක් වෙලා තියෙනවා. මේ නිසා මෙය ඔබට පමණක් සිදුවුණ දෙයක් ලෙස සිතමින් දුකට පත්වෙන එක නතර කරන්න. එය ජිවිතයේ සිදුවෙන සාමාන්‍ය දෙයක් ලෙස බාරගන්න.

4. හැම දෙයක්ම අවසාන උනා කියන සිතුවිල්ලෙන් මිදෙන්න

බහුතරයක් කාන්තාවන් සිතන්නේ මේ විදිහේ ප්‍රතික්ෂේප වීමකට ලක් වුනාම ඔවුන්ගේ ජිවිතයේ හැම දෙයක්ම විනාශ වුනා කියලා. මේ නිසා ඔවුන් හැසිරෙන්නේ බොහොම මෝඩ විදිහට. කෙනෙක් ඔබව ප්‍රතික්ෂේප කරා කියන්නේ හැම කෙනෙක්ම ඔබව ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙවෙයි. ඒ වගේම එය ඔබේ ජිවිතයේ හැම දෙයකම අවසානයත් නොවෙයි. මේ නිසා අනවශ්‍ය තීරණ වලට එළබෙන්නේ නැතිව යථාර්තය තේරුම් ගන්න.

5. ඔබ හැම වෙලාවකම නිවැරදියි කියලා හිතන්න එපා

කෙනෙක්ට සම්පුර්ණ අයිතියක් තියනවා ඔහු අකමැති කෙනෙක්ට තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරන්න. මේ නිසා ඔබ ඔහුට ආදරය කළාට ඔහු ඔබට ආදරය කරන්නේ නැතිනම් ඔහුට පුළුවන් ඔබව ප්‍රතික්ෂේප කරන්න. මේ නිසා හැම වෙලාවකම ඔබ නිවැරදියි කියන මතයේ ඉන්නේ නැතිව සාධාරණව හිතලා බලන්න. එවිට ඔබට පුළුවන් ඔබේ වැරැද්ද තේරුම් ගන්න.

6. ප්‍රතික්ෂේප වීම් ඔබේ ජිවිතයට පාඩමක් කරගන්න

මේ නිසා ඔබට පුළුවන් ඔබේ තියන අඩුපාඩු සකස් කරගන්න. ඒ වගේම ඔබට පුළුවන් ජිවිතයේ එළබෙන ඒ වගේ අවස්ථාවන් වලට සාර්ථකව මුහුණ දෙන ආකාරය ඉගන ගන්න. මේ නිසා මේ වගේ ප්‍රතික්ෂේප වීම් ඔබේ ජිවිතයට ප්‍රශ්නයක් කරගන්නේ නැතිව ඒ තුලින් යමක් ඉගන ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 206 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:46:13 AM
Script:/article/206/how-to-overcome-the-fear-of-rejection.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:46:14 AM
Script:/article/206/how-to-overcome-the-fear-of-rejection.html