ඔබේ හිසකෙස් කෝපි වලින් සෝදන්න, එවිට ඔබ පුදුමයට පත් වනු ඇත

January 8, 2020
14,467
wash your hair with coffee for a shiny healthy hair
කෝපිවලින් කොණ්ඩය සේදීම ඔබට හාස්‍යජනක කරුණක් වෙන්න පුලුවන්. නමුත් ඔබට ලස්සන, දිලිසෙන සහ සෞඛ්‍ය සම්පන්න හිසකෙස් අවශ්‍ය නම් එය එතරම් නරක අදහසක් නොවේ. උදේ ඔබව අවදි කරනවාට වඩා කෝපි වලට ඔබට බොහෝ දේ කළ හැකියි. ඔබේ කොණ්ඩයේ බැබළීම සහ වර්ධනය වැඩි දියුණු කිරීමට කෝපි වලට හැකි බව පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා. උදාසීන හිසකෙස් වලට වර්ණයක් එක් කිරීමට ද එය උපකාරී වෙනවා.

කෝපි මෙයට පිළියමක්

වැඩිපුර කෝපි යෙදූ කෝපි බඳුනක් සාදන්න. කෝපි අඳුරු හා තද කහට සහිත වන තරමට එය ඔබේ හිසකෙස් වර්ණයට එකතු වේ.

ඔබ කළ යුත්තේ මෙයයි :

* ඔබේ හිසකෙස් සාමාන්‍යයෙන් ෂැම්පූ වලින් හොඳින් සේදීම.

* ඔබේ හිසකෙස් වලින් අතිරික්ත ජලය මිරිකා ගැනීමට ඔබේ දෑත් භාවිතා කරන්න. වැඩිපුර වියළීම හොඳ නැත, නමුත් ඔබේ හිසකෙස් තෙතබරිත නොවිය යුතුය.

* නැමී ඔබේ කොණ්ඩය ඉදිරියට පෙරළන්න. සීතල කෝපි ඔබේ හිස්කබලට හා කොණ්ඩයේ මුල්වලට වත් කරන්න.

* ඔබට වඩාත් ගැඹුරු ප්‍රතිකාරයක් සඳහා යාමට අවශ්‍ය නම්, ඔබේ හිසට යටින් තරමක භාජනයක් බිම තැබිය හැකිය, එවිට ඔබට එයට වැටෙන කෝපි නැවත අරගෙන ප්‍රතිකාරය නැවත කළ හැකිය.

* හිස මුදුනට කර ඔබේ කොණ්ඩය එකට බැඳ ෂවර් කැප් එකකින් ආවරණය කරන්න. මිනිත්තු 20ත් 60ත් කාලයක් එසේ තබන්න. 

* දැන් මද උණුසුම් ජලයෙන් කෝපි ටික සෝදා ඔබේ හිසකෙස් වියළීමට ඉඩ හරින්න.


ඔබ මෙම ක්‍රමය නිතිපතා නැවත නැවත කරන්නේ නම්, ඔබේ හිසකෙස් කළු, දිලිසෙන සහ සෞඛ්‍ය සම්පන්න වීමට පටන් ගනී. කෝපි හිසකෙස් වර්ධනය වැඩි දියුණු කරයි. ඔබට මෙම ක්‍රමයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය නම්, ඇපල් සයිඩර් විනාකිරි වලින් ඔබේ හිසකෙස් සේදීමෙන් හිසකෙස් වර්ණය රඳවා ගැනීමට ලොකු උපකාරී වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1505 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:43:29 AM
Script:/article/1505/wash-your-hair-with-coffee-for-a-shiny-healthy-hair.html
Referer:http://hadakari.com/article/889/do-not-let-them-do-these-mistakes-when-you-do-your-eyebrows.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:43:30 AM
Script:/article/1505/wash-your-hair-with-coffee-for-a-shiny-healthy-hair.html
Referer:http://hadakari.com/article/889/do-not-let-them-do-these-mistakes-when-you-do-your-eyebrows.html