බතල වලින් ස්නැක් එකක්

September 7, 2021
3,567
A sweet potato snack
විටමින් බී, සී, ඩී, කැල්සියම්, අයන්, මැග්නීසියම්, පොටෑසියම්, ෆොස්පරස්, සින්ක් යන ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් සහ ඛණිජ ලවන බොහොමයකින් පරිපූර්ණ බතල වලින් සේවරි ස්නැක් එකක් හදන හැටි බලමු..

අවශ්‍ය ද්‍රව්‍ය :

බතල 250g
වියලි මිරිස් කරල් 5ක්
කොත්තමල්ලි මේස හැඳි 1
සූදුරු මේස හැඳි 1
සියඹලා මේස හැඳි 3
අබ ඇට තේ හැඳි 1
තෙල් මේස හැඳි 1
කරපිංචා කොළ 5-7ක්
රස පදමට ලුණු
අලංකාර කිරීමට නැවුම් කොත්තමල්ලි කොල

සාදන ආකාරය :

1. බතල ටික වාෂ්පයෙන් තම්බා ගන්න.
2. සියඹලා උණු වතුරේ විනාඩි 10 ක් පොඟවා ගන්න.
3. පෑන් එකක් ලිප තබා එයට මිරිස්කරල්, කොත්තමල්ලි ඇට සහ සූදුරු එකතු කරන්න. මෙය විනාඩි තුනක් හෝ හතරක් බැදගන්න.
4. බැදගත්මිරිස්කරල්, කොත්තමල්ලි ඇට සහ සූදුරු සහ සියඹලා වල ඇට ඉවත් කර ඒවා පොඟවාගත් උණු වතුරත් සමඟම බ්ලෙන්ඩර් එකට දමා පේස්ට් එකක් සාදා ගන්න.
5. භාජනයක් ලිප තබා තෙල් ටික රත් කරන්න.
6. තෙල් රත් වන විට අබ ඇට එකතු කරන්න. අබ ඇට පුපුරන විට කරපිංචා එකතු කරන්න, ඉන්පසු පේස්ට් සහ ලුණු එකතු කරන්න. මෙය විනාඩි දෙකක් පමණ පිසගන්න.
7. මෙයට තම්බා ගත් බතල කොටු කපා එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
8. කොත්තමල්ලි කොළ වලින් සරසා උණුවෙන්ම පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2060 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:43:28 AM
Script:/article/2060/a-sweet-potato-snack.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:43:29 AM
Script:/article/2060/a-sweet-potato-snack.html