කුංකුම වලින් ලස්සන වෙන්න

March 2, 2020
13,095
Be beautiful with saffron
ඉන්දියානු කාන්තාවන්ගේ රුව රකින රහස් ගැන කතා කළොත් කුංකම රේණු ගැන කතා නොකරම බැහැ. ඒ නිසා ඔවුන්ගේ සිරුර දීප්තිමත් පැහැයෙන් බැබලුනා. මේ සත්කාර අදටත් ගැලපෙන සත්කාර වීම නොරහසක්. සමේ ඇති වෙන කලු ලප සහ අඳුරු තැන් පැහැපත් කරනවා වගේම සමේ තෙතමනයත් ආරක්ෂා වෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් කුංකුම යොදා ගත්තේ මේ විදිහටයි.

කුංකම වලින් ක්ලෙන්සර්

කුංකම රේණු රාත්‍රියක් පුරා පොඟවා ගෙන පහුවදාට කෝමාරිකා ජෙල්, මීපැණි සහ දෙහි බින්දු කීපයක් එකතු කර ගෙන ක්ලෙන්සර් එකක් විදිහට භාවිතා කරන්න.

රැයක් පුරා පොඟවන ලද කුංකම වලට රෝස වතුර සහ දෙහි බින්දු කීපයක් එකතු කර ගෙන ටෝනර් ලෙසින් පාවිච්චි කරන්න.

කුංකම රේණු කීපයක් තලා ගෙන එයට රාබු යුෂ, කඩල පිටි ටිකක් සහ මී කිරි ටිකකුත් එකතු කරලා ස්ක්‍රබ් එකක් විදිහට පාවිච්චි කරන්න.

මොයිස්චර්රයිසර්

නිවසේදීම සාදා ගත හැකි කුංකම මොයිස්චර්රයිසර් එකක් ගැන දැනගන්න කැමැති නම්... පොඟවා ගත් කුංකම වතුරට සිහින්ව අඹරා ගත් කෝමාරිකා මිශ්‍ර කර ගෙන මොයිස්චර්රයිසර් විදිහට පාවිච්චි කරන්න.

සමේ විදිහට කුංකම පාවිච්චි කරන්නේ මෙහෙමයි..

වියළි සමක් නම්

ඔබේ සම වියළි නම් කුංකම පොඟවා ගෙන ඒ වතුරට කස්තුරි කහ මේස හැන්දක්, මී කිරි මේස හැන්දක් සහ ආමන්ඩ් පිටි මේස හැන්දක් එකතු කර ගෙන සාදා ගත් තලපය ෆේස් පැක් එකක් විදිහට පාවිච්චි කරන්න. පැය බාගයකින් පසුව සෝදා හරින්න.

තෙල් සහිත නම්

හම තෙල් සහිත නම් කුංකම පොඟවා ගෙන ඒ වතුරට අලිගැටපේර මද ස්වල්පයක්, කස්තුරි කහ, ආමන්ඩ් පිටි ස්වල්පයක් සමග යෝගට් හැන්දක් එකතු කර ගෙන ෆේස් පැක් එකක් ඔබටම සකස් කර ගන්න පුලුවනි.

මුලින්ම කුංකම රේණු දහයක් පමණ අර ගෙන ඒවා ආමන්ඩ් ඇට හතරක් සමග පිරිසිදු ජලයේ සම්පූර්ණ රාත්‍රියක් පෙඟෙන්න තියලා පහුවදාට බ්ලෙන්ඩ් කරන්න. එය බොහොම මෘදුව තිබීම වැදගත්. දැන් එය සිරුරේ ආලේප කරලා විනාඩි විස්සක් පමණ පහු වුනාම මද උණුසුම් ජලයෙන් සෝදන්න.

ඒ විතරක් නොවෙයි මේ සත්කාරයත් පුලුවනි.

කුංකම රේණු තුනක් පමණ ජලය තේ හැඳි දෙකක තබා රැයක් පෙඟෙන්න තියන්න. පහුවදා නැවුම් කිරි තේ හැඳි තුනක්, සිනි ඉතාම ස්වල්පයක්, ඔලිව් තෙල් ස්වල්පයක් සහ පාන් පෙත්තක මැද කොටස කුඩා කැබලිවලට කඩා එයද එක් කර ගෙන මෘදු පාප්පයක් වන සේ මිශ්‍ර කරන්න. ඇස් වල කළු පැහැ ගැනුන තැන්වල සහ තොල්වල මේ මිශ්‍රණය ආලේප කිරීමෙන් පසුව විනාඩි විස්සකින් මද උණුසුම් ජලයෙන් සෝදන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1522 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:49:53 AM
Script:/article/1522/be-beautiful-with-saffron.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:49:53 AM
Script:/article/1522/be-beautiful-with-saffron.html