කප් කේක් හදන්න.. හරිම ලේසියි

October 9, 2018
8,710
Cup Cake Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

Self Raising පාන් පිටි ග්‍රම් 125 (ඕනෙම සුපිරි වෙළඳසැලක ගන්න තියෙනවා)
සිහින්ව කුඩු කරගත් සීනි ග්‍රෑම් 125
උන්සල්ටෙඩ් බටර් ග්‍රෑම් 125
ලොකු බිත්තර 2
වැනිලා රසකාරක තේ හැඳි 1/2
කිරි මේස හැඳි 2

අයිසින් සඳහා :

ක්ෂණික රෝයල් අයිසින් පැකට් 1
ආහාර වර්ණක (කැමති වර්ණයකින්)

සාදන ක්‍රමය :

01. උදුන 200 ‘C / ගෑස් මාක් 6 / 400 ’F ට රත් වෙන්න හරින්න.

02. මෆින් ටින් එකට කප් කේක් කේසස් ටික දාලා පැත්තකින් තියන්න.

03. ඔයාට ෆූඩ් ප්‍රොසෙසර් එකක් තියෙනවා නම් කරන්න තියෙන්නේ, කිරි හැර අනිත් සියලුම දේ ප්‍රොසෙසර් එකට දාලා මිශ්‍රණය ක්‍රීම් එකක් වන තුරු විනාඩියක් පමණ ගහන්න.

04. දැන් කිරි ටිකෙන් ටික ෆනල් එක දිගේ දමන ගමන් ප්‍රොසෙසරයේ PULS එක ප්‍රෙස් කරන්න.

05. ඔයාට ප්‍රොසෙසරයක් නැති නම් බෝල් එකක, ලී හැන්දක් හෝ ස්පැචුලර් එකක් ආධාරයෙන් සීනි සහ බටර් ක්‍රීම් එකක් වන තුරු මිශ්‍ර කරගන්න. දැන් පිටි චුට්ටකුත් එක්ක, බිත්තර එකින් එක බටර් මිශ්‍රණයට එකතු කරමින් බීට් කර ගන්න.

06. වනිලා එකුතු කරන්න. ඉතිරි පිටි ටික හෙමින් එකතු කරමින් ලී හැන්ද ආධාරයෙන් පිටි ටික පෙරලමින් මිශ්‍ර කරගන්න. බීට් කරන්න යන්න එපා. කිරි ටිකත් එකතු කරගන්න. කිරි එකතු කල විට යන්තමින් දියාරු මිශ්‍රණයක් ලැබිය යුතුයි.

07. හැන්දක් ආධාරයෙන් කප් කේක් කේස් 12කට මිශ්‍රණය සමානව දා ගන්න.

08. දැන් රත් වූ උදුනේ විනාඩි 15-20 පමණ පුළුස්සා ගන්න. ටූත්පික් එකකින් කේක් එකකට ඇන මැද ඇලෙනවාද බලන්න අමතක කරන්න එපා.

08. කේක් ටික නිවෙන්නට හැරින්න.

09. පැකට්ටුවේ ඇති ආකාරයට රෝයල් අයිසින් එක සාදා කප් කේක් ටික සරසා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1108 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:45:13 AM
Script:/article/1108/cup-cake-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:45:13 AM
Script:/article/1108/cup-cake-recipe.html