ඔළුවට දාන හෙයාර් ඩයි එක සමේ ගැවුනොත් ඉවත් කරන්නේ මෙහෙමයි

September 18, 2020
22,748
How to remove hair dye on your skin
ඔයා නිවසේදී කෙස් කලඹ වර්ණ ගැන්වූවත්, සැලෝන් එකට ගියත් ඒ හෙයාර් ඩයි එක අනිවාර්යයෙන්ම ඔයාගේ නළල, කන්, බෙල්ල හෝ වෙනත් තැනක ගෑවෙනවා. හෙයාර් ඩයි එකේ වර්ණකය නිර්මාණය කර ඇත්තේ හිසකෙස් වල පිටත කොටස් හරහා විනිවිද ගිහින් ඔබේ වියපත් වුණු හිසකෙස් වලට නව පැහැයක් එකතු කරන්නටයි. හිසකෙස් වර්ණ ගැන්වීමෙන් කෙස් කළඹට දිගු කල් පවතින වර්ණයක් ලැබෙනවා. නමුත් ඒවා සමට නිරාවරණය වුවහොත්, සමේ පිටත ස්ථීරය හරහා ද විනිවිද යන්න පුලුවන් අතර ඔබේ සම්ට පොඩි අඳුරු පැහැයක් එක්කරනවා.

හිසකෙස් වර්ණ ගැන්වීමට භාවිතා කරන වර්ණ සමේ ගෑවුනොත් සමේ දැවිල්ලක් හෝ අසාත්මිකතාවයක් ඇති වෙන්න පුලුවන්. 
ඉතින් ඔයාගේ සමේ ගෑවෙන ඩයි පැල්ලම් ඉවත් කිරීමට පහසු ක්‍රම කිහිපයක් තියෙනවා. ඔයාට දැන් ඉක්මනින්ම සමේ ගෑවුණු හෙයාර් ඩයි එක ඉවත් කර ගන්න මේ ක්‍රම හරහා පුළුවන්. ඔබේ ඩයි එක තවදුරටත් ඔබේ සමට කරන්න පුලුවන් බලපෑම් වළක්වා ගන්න පුලුවන්. සමේ පැල්ලම් ඉවත් කිරීම සඳහා විශේෂඥ උපදෙස් මෙන්න:

මුහුණේ සහ නලල දිගේ ගිය ඩයි පැල්ලම් ඉවත් කරන්නේ කොහොමද?

පොල්තෙල්, බේබි ඔයිල් හෝ ආගන් තෙල් වගේ ඕනෑම තෙල් වර්ගයක් හෙයාර් ඩයි ඉවත් කිරීම සඳහා පිරිසිදුකාරකයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඔයාගේ සමෙන් හෙයාර් ඩයි පැල්ලම් ඉවත් කිරීම සඳහා විශේෂයෙන් සාදන ලද රූපලාවණ්‍ය නිෂ්පාදනද වෙළඳපොලේ තියෙනවා. ඒවා මුහුණ, බෙල්ල සහ අත් වල ඇති පැල්ලම් ඉවත් කිරීමට අතිශයින්ම ඵලදායී යි.

තවත් එක් ක්‍රමයක් තමයි, මැරුණු සම ඉවත් කිරීමට ඇති අමුද්‍රව්‍ය වර්ග. ග්ලයිකොලික් අම්ලය (glycolic acid) හෝ සැලිසිලික් අම්ලය (salicylic acid) මේ සඳහා ඔයාට භාවිතා කරන්න පුලුවන්. නමුත් පැල්ලම් ඉවත් කරන්න සාමාන්‍ය ස්ක්‍රබ් උපයෝගී කරගන්න එපා. එයින් ඔබේ සමට හානි වෙන්න පුලුවන්.

ඉහත ක්‍රම හරිගියේ නැති හරියන්නේ නැති නම් රබින් ඇල්කොහොල් (rubbin alchohol) පොඩි පුලුන් කැබැල්ලකට අරගෙන පැල්ලම් ඇති තැන් වල පමණක් මෘදු ලෙස අතුල්ලන්න.


හිස්කබලේ ගෑවුණු ඩයි පැල්ලම් ඉවත් කරන්නේ කොහොමද?

ඔයාගේ හිසකබලෙන් හෙයාර් ඩයි ඉවත් කිරීමේදී උපක්‍රමශීලී වෙන්න ඕනේ. ඒ, ඔයාගේ අලුතින් ඩයි කරපු හිසකෙස් වලින් ඒ අලුත් පැහැය ඉවත් නොකරමින් හිස් කබලේ ගෑවුනු අනවශ්‍ය‍ ඩ්යි ටික විතරක් ඉවත් කරන්න ඕනේ නිසායි. එහිදී ගැටලුවක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඩයි කරලා හිසකෙස් වේළුවාට පස්සේ ඔබට හිසට යොදන මෘදු ස්ක්‍රබ් එකක් හෝ සැහැල්ලු exfoliating (මැරුණු සම ඉවත් කරන) අමුද්‍රව්‍ය සහිත ෂැම්පූ එකක් උත්සාහ කරන්න පුලුවන්.

සැලිසිලික් අම්ලය (salicylic acid) සහිත ෂැම්පූ වගේ හයිඩ්‍රොක්සි අම්ලයක් (hydroxy acid) අඩංගු නිෂ්පාදනයක් ඔයා තෝරා ගන්නවා නම්, හිසකෙස් වල වර්ණ මැකී යාම වැළැක්වීමට ෂැම්පූ භාවිතය සතියකට වරකට හෝ දෙවාරයකට සීමා කිරීමට වග බලා ගන්න.


ඔයාගේ  අත් සහ නියපොතු වල ඩයි පැල්ලම් ඉවත් කරන්නේ කොහොමද?

ඔයාගේ අත්වල ඇති ඩයි පැල්ලම් ඉවත් කිරීම සඳහා වඩාත් පහසු ක්‍රමයක් තියනවා. 
පිඟන් සෝදන සබන් සහ බේකිං සෝඩා මිශ්‍රණයකින් අත් සෝදන්න. පිඟන් සෝදන සබන් වල ශක්තිමත් පිරිසිදු කිරීමේ අමුද්‍රව්‍ය අඩංගු නිසා අත් හොඳින් සේදුවාට පස්සේ මොයිස්චරයිසින් හෑන්ඩ් ක්‍රීම් එකක් දෑත් වල ආලේප කරන්න වග බලා ගන්න.
ඩයි පැල්ලම් තවමත් තිබේනවා නම් ඔබේ හෑන්ඩ් හෝ බොඩි ස්ක්‍රබ් එකන් හෝ නේල් පොලිෂ් රිමූවර් එකෙන් හෝ හෑන්ඩ් සැනිටයිසර් එකෙන් උනත් මේ පැල්ලම් ඉවත් කරන්න පුලුවන්.  

ඇත්තෙන්ම හෙයාර් ඩයි පැල්ලම් ගෑවෙන එක වළක්වා ගන්නේ කොහොමද?

ඕනෑම සායම් වර්ගයක් ආලේප කිරීමට පෙර සම මත ආරක්ෂාකාරී නිෂ්පාදනයක් අලේප කරන්න. ඔයාගේ නලල, හිස් කබල, කන් වල පිටුපසට සහ බෙල්ලේ පිටුපසට වන්නට තියන සමේ ප්‍රදේශවලට ඒවා භාවිතා කරන්න. වැස්ලින් වගේ පෙට්‍රෝලියම් ජෙලි වර්ගයකින් මේ කාර්යය ඉටු කරගන්න පුලුවන්. ළඟපාත පෙට්‍රෝලියම් ජෙලි එකක් නැද්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. කොණ්ඩය වර්ණ ගැන්වීමට පෙර පොල්තෙල් ස්වල්පයක් අරන් නලල වටා ආලේප කරන්න. 

ඔයා නිවසේදී කොණ්ඩය ඩයි කළත්, රූපලාවණ්‍යාගාරයේ ඩයි කළත් ඔබේ නලලේ හෝ වෙනත් තැනක ඩයි පැල්ලම් ගැවුනොත් ඒ වෙලාවේදීම තෙත තුවායකින් එය පිස දමන්න. එවිට එය සමට ඇල්ලීම වලක්වා ගන්න පුලුවන්.

ඔබ කලත් වෙන කෙනෙකු ඔබේ හිස කෙස් ඩයි කලත් ඩයි කිරීමේ ක්‍රියාවලිය පුරාම ආරක්ෂිත අත්වැසුම් පැළඳීමට වග බලා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1834 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:25:23 PM
Script:/article/1834/how-to-remove-hair-dye-on-your-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:25:23 PM
Script:/article/1834/how-to-remove-hair-dye-on-your-skin.html