ඔහුගේ ආදරයේ මේ වෙනස්කම් කවදාවත් සුළුවෙන් හිතන්න නම් එපා

April 11, 2017
13,905
6 Relationship red flags that you should not ignore
ආදරයේදී බොහොමයක් කාන්තාවන් හැගීම්බරයි. මේ නිසාම තමයි බහුතරයක් කාන්තාවන් අමාරුවේ වැටෙන්නෙත්. නමුත් ඇත්තටම ඔබේ සබදතාවය ඔබට නොගැලපෙන එකක් නම් බොහෝ අවස්ථාවන් එනවා ඒ ගැන ඔබට දැනෙන. නමුත් ආදරයෙන් අන්ධ වෙලා ඉන්න කාන්තාවන්ට මේ දේවල් ගැන දැනෙන්නේ නෑ. මේ නිසා ඔවුන් අන්තිමට පැටලෙන්නේ අනවශ්‍ය කරදර වල වගේම හිත් රිදීම්වල. මේ නිසා ඔබ ආදරේදී හැගීම්බර වෙනවා වගේම බුද්ධිමත් වීමත් අනිවාර්ය දෙයක්. මේ වගේ වෙනස්කම් ඔබට ඔහුගෙන් දැනෙනවා නම් හොදින් ඒ දේවල් ගැන සිතා බලන්න. මොකද ඒවා ඔබට කරන පූර්ව අනතුරු ඇගවීම් විය හැකියි.

1. ඔහුට ඔබ බිය වනවා නම්

මොහොතක් හිතල බලන්න ඔබ ඔහුගේ හැසිරීම් නිසා බියට පත්වෙනවා නම් ඔහුත් සමග ආදරෙන් කාලය ගත කරන්නේ කෙලෙසද කියා. සමහර විට ඔහු ඔබව බියගන්වාගෙන සිටින්නේ ඔහු ඔබට ආදරය නොකරන නිසා විය හැකියි. මේ නිසා ඔබ ඔහුගේ හැසිරීමට බියට පත් වෙනවා නම් ඔබේ සබදතාවය ගැන සහ ඔහුගේ හැසිරීම ගැන සුළුවෙන් සිතීම, පසුව ඔබව පසුතැවීමට පත් වීමට හේතුවක් විය හැකියි.

2. ඔහු සමහ දේවල් ඔබෙන් සැගවීමට උත්සහ කරනවානම්

ආදරයේදී දෙදෙනෙක් අතර රහස් තිබීම එතරම් සුදුසු දෙයක් නොවේ. ඔහු ඔබට අවංකවම ආදරය කරන කෙනෙක් නම් කිසිම අවස්ථාවක උත්සහ කරන්නේ නැහැ ඔබෙන් දේවල් සගවන්න. මේ නිසා ඔහු මේ විදිහට හැසිරෙනවා නම් අනිවාර්යෙන්ම ඔබ ඒ ගැන අවධානය යුමුකළ යුතුයි.

3. ඔබට ඔහුත් සමග විවෘතව කතා බහ කිරීම අපහසු කාර්යක් නම්

ඔබට බොහෝ දේවල් ඔහුත් සමග කතාබහ කිරීමට අවශ්‍ය උවත් ඒ සදහා ඔහු ඔබට අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් සහ ඔබට ඒ දේවල් ගැන ඔහුත් සමග කතාබහ කිරීම අපහසු නම් ඔබ දෙදෙනා අතර ඇත්තේ සාර්ථක සබදතාවක් නොවෙයි. මේ නිසා හොදින් කල්පනා කරලා බලන්න ඔහු ඔබට ගැලපෙන පුද්ගලයාද කියන වග.

4. ඔහු ඔබ ගැන අවධානයක් යොමු කරන්නේ නැත්නම්

ආදරේදී එකිනෙකා වෙනුවෙන් දක්වන අවධානය ආදරය ශක්තිමත් වෙන්න ප්‍රබලවම බලපාන දෙයක්. ඔහු ඔබේ හැගීම් අවශ්‍යතාවයන් ගැන කිසිම ආකාරයක අවධානයක් දක්වන්නේ නැතිනම් ඔහු ඔබට අවංකවම ආදරය කරන කෙනෙක් නොවෙයි.

5. ඔහු වගකීම් භාරගන්න අකමැතිනම්

ආදරය කියන්නේ සරලව සිතිය යුතු දෙයක් නොවෙයි. එය වගකීම් සම්භාරයක ආරම්භයක්. ඔහු එහි වගකීම් දරන්න සුදානම් කෙනෙක් නෙවෙයි නම් ඔබට ගත ක‍රන්න වෙන්නේ ප්‍රශ්න පිරුන අනාගතයක්. මේ නිසා මේ කාරණාව ගැන කිසිම අවස්ථාවක සුළුවෙන් හිතන්න එපා.

6. ඔහු ඔබේ මිතුරන් සහ පවුලේ අය ගැන කැමැත්තක් දක්වන්නේ නැතිනම්

ඔබගේ ජීවිතය විය යුත්තේ ඔහු පමණක්ම නොවෙයි. ඔබට ඔබේ පවුල වගේම අනෙක් සබදතාවයන් වැදගත්. මේ නිසා ඔහුට වගේම ඒ අයටත් ඔබ ඔබේ ජිවිතයේ මුල් තැන ලබාදිය යුතුයි. මේ නිසා ඔහු ඒ දේවල් වලට අකමැති අයෙක් නම් ඔබ ඔහු ගැන නැවත නැවතත් සිතාබැලිය යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 207 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:45:42 AM
Script:/article/207/6-relationship-red-flags-that-you-should-not-ignore.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:45:42 AM
Script:/article/207/6-relationship-red-flags-that-you-should-not-ignore.html