ඔබේ පෙම්වතාගේ සතුට නැති කරන දේවල් 6ක්

February 8, 2017
15,722
How to Make Your Boyfriend Happy: 6 Things to Never Do
අපි හැමෝම වගේ දන්නවා පෙම්වතෙක් සතුටින් තියන්න මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා. හැබැයි ගොඩක් කාන්තාවන් දන්නේ නෑ මොන වගේ හේතු හින්දද පිරිමියෙක් අසතුටට පත් වෙන්නේ කියලා. මේ හින්දා ගොඩක් කාන්තාවන් අතින් වෙන්නෙම තමන්නේ පෙම්වතාගේ හිත රිදෙන දේවල්. අද අපි ඔබට කියල දෙන්නේ ඔබ අතින් මේ විදිහට වෙන පෙම්වත්ගේ සතුට නැති නැති වෙලා යන කාරණා 6ක් ගැන.

1. ඉරිසියාව

ගොඩක් ගෑණු ළමයි කැමති නෑ තමන්ගේ පෙම්වතා වෙන ගෑනු ළමයි එක්ක කතා කරනවා තියා හිනා වෙනවටවත්. හැබැයි ඔබ මතක තියා ගන්න ඕනේ ඔහුගේ ජිවිතේ ඉන්න එකම කාන්තාව ඔබ විතරක්ම නොවන වග. මොකද ඔහු සමාජයේ ජිවත් වෙනකොට රැකියාවක් කරනකොට ඔහුට විවිධ කාන්තාවන් සමග කටයුතු කරන්න සිදු වෙනවා. ඔබ මේ දේවල් වලට ඉරිසියා කර කර ඔහුට වද කරන්න ගියොත් නම් ඔහුට ඔබව ඉක්මනින්ම එපා වේවි. ගොඩක් ගෑනු ළමයි මේ විදිහට කරන්නේ ඇත්තටම ඔවුන්ට ඔවුන් ගැනම විස්වාසයක් නැති නිසා. මේ වගේ වෙලාවල් වලට මේ ගෑනු ළමයි නිතර පෙම්වතා සමග රණ්ඩු කරමින් ඔහුගේ දුරකථනය, පරිගණකය පරික්ෂා කරමින් ඔහුට කරදරයක් වෙන ආකාරයට හැසිරෙනවා. මේ දේවල් වල අන්තිම ප්‍රථිපලය වෙන්නේ පෙම්වතාට මේ සියල්ල එපා වී ඔබව අත්හැර දැමීමයි.

2. පෙම්වතාගේ මවට අවමන් කිරීම

සමහර වෙලාවට ගෙදර ප්‍රශ්නයක් ඇති උනාම ඔබේ පෙම්වතා ඔහුගේ මව ගැන වැරදි විදිහට කතා කරාවි. නමුත් ඔහු එහෙම කතා කරා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඔබට ඇය ගැන වැරදි කියන්නට ඔහු ඔබට අවසර දුන්නා කියන එක. මේ වගේ වෙලාවට ඔබ කරන්න ඕනේ ඔහුට ඔහුගේ ගැටලුව නිදහසේ කියන්න දීල ඔහුගේ හිත හදන එක. නැතුව ඔහුගේ මවට බනින එක නෙවෙයි.

3. පොරොන්දු ඉටු නොකිරීම

බොහෝ වෙලාවට ඔබට අමතක වෙනවා ඔබ ඔහු වෙනුවෙන් ලබා දුන්නු පොරොන්දු. මේ වගේ වෙලාවල් වලට පෙම්වතාට හිතෙන්නේ ඔබ ඔහු ගැන හිතන්නේ නෑ කියලා. එක නිසා හොදට මතක තියාගන්න ඔබ ඔහු වෙනුවෙන් ලබා දෙන පොරොන්දු ඉටු කරන්න.

4. ආඩම්බර වීම සහ අහංකාර වීම

ගොඩක් ගෑනු ළමයි කරන්නේ තමන්ගේ පෙම්වතාට ආඩම්බර කම් පෙන්වීම සහ අහංකාර කම් පෙන්වීමයි. මිතුරියන්ගේ පෙම්වතුන් කරන කියන දේවල් කිය කියා ඔබේ පෙම්වතා නොකරන දේවල් කියමින් ඔබ ඔවුන්ව හෑල්ලුවට ලක් කරමින් ඔබේ අහංකාරකම් ඔහුට පෙන්වනවා නම් ඔබේ පෙම්වතා කිසිම දවසක ඔබත් එක්ක සතුටින් ඉන්නේ නැති වේවි.

5. පෙම්වතාගේ මිතුරන් ප්‍රිය නොකිරීම

බොහෝ විට පිරිමි ළමුන් කැමතියි පෙම්වතිය සමග කාලය ගත කරනවා වගේම තමාගේ මිතුරන් සමගත් කාලය ගත කරන්න. නමුත් ගැහැණු ළමයි ගොඩක් දුරට කැමති වෙන්නේ නෑ පෙම්වතා මිතුරන් සමග සිටිනවාට. මේ නිසා ඔවුන් කරන්නේ පෙම්වතාගේ මිතුරන් ගැන වැරදි කියමින් ඔවුන් හමුවීමට ඔහුට යන්න නොදී කටයුතු කිරීමයි. මේ නිසා බොහොමයක් පෙම්වතුන් තමාගේ පෙම්වතිය නිදහසට බාධාවක් යයි සිතා ඔවුන්ව අත්හැර දමනවා.

6. පෙම්වතාගේ විශ්වාසය බිද දැමීම

බොහොමයක් පෙම්වතියන් තමාගේ පෙම්වතා අනෙක් තරුණියන් ඇසුරු කරනවට අකමැති උනත් ඔවුන් පෙම්වතාට රහසින් තවත් තරුණයින් සමග සබදතා පවත්වනවා. යමෙක් ඔබට සැබවින්ම ආදරය කරන්නේ ඔබ පිලිබදව කිසිදු සැකයක් හිතේ තියාගෙන නෙවෙයි. නමුත් ඔබ ඒ විස්වාසය බිද දැමුව හොත් නැවත ඔහු කිසිම දවසක ඔබව විශ්වාස කරන්නේ නැති වේවි.


Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 40 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:22:09 AM
Script:/article/40/how-to-make-your-boyfriend-happy-6-things-to-never-do.html
Referer:http://hadakari.com/article/351/he-is-not-in-love-with-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:22:10 AM
Script:/article/40/how-to-make-your-boyfriend-happy-6-things-to-never-do.html
Referer:http://hadakari.com/article/351/he-is-not-in-love-with-you.html