අම්මා කියන්නේ අපේ ජිවිතේ අපිට ඉන්න ආදරණියම හා විශ්වාසවන්තම සෙවණැල්ල කිව්වොත් නිවැරදියි. ඒ වගේම තමයි ඉතින් දෙමවුපියන්ටත්. දෙමාපියන්ට දරුවන් තරම් වටින තවත් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. පුංචිම කාලේදී නම් ළඟින්ම තියාගෙන පරිස්සමට දරුවන්ව බලාගන්න පුළුවන් වුණත් දරුවන් ටිකෙන් ටික ලොකු වෙද්දී ළඟින් තියාගෙන වෙනදා වගේ හුරතල් කරන්න, හොයලා බලන්න අමාරුයි, දරුවෝ ගැන නිතරම අවදානය දෙන්න අමාරු වෙනවා. දරුවන්ට සමීප වෙන්න කාල වෙලාවක් ඔබට නැති වෙනවා. ඒත් එහෙමයි කියලා දරුවෝ ගැන අපේ හිතේ තියෙන හැඟීම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
ඒ වගේම තමයි වැඩිහිටියෝ එක්ක ගනුදෙනු කරන විදියට දරුවොත් එක්ක ගනුදෙනු කරන්න බැහැ. ඒ ගැන හැම අම්ම කෙනෙක්ම දැනුවත් විය යුතුමයි. දරුවන්ගේ ප්‍රශ්න වලදී විශේෂයෙන් දරුවෝ කරන වැරදි වලදී හැමෝම ඉදිරියේ ඒ ගැන කථා කරන එක, දොස් පවරන එක දරුවන් තුළ, ලජ්ජ්ජාව, කනස්සල්ල, දුක වගේම දෙමව්පියන් ගැනත් තරහවක් ඇති කරන්න හේතු වෙනවා. ඒ වගේම දරුවන් තුළ මානසික පීඩනය ඇති කරන්නත් එය හේතුවක්. ඒ වගේ දේවල් පසුකාලිනව දරුවන්ගේ අනාගතයටත් බලපෑම් කරනවා. කිසිම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන්ගේ අනාගතය අඳුරේ හෙලන්න කැමති වෙන්නේ නැහැ.
ඒ නිසා දරුවෝ සම්බන්ධව තීන්දු තීරණ ගනිද්දී ඉතා පරිස්සම් විය යුතුයි. අඩුම තරමේ නිවසේ අනිත් අය ඉදිරියේ වත් දරුවා අපහසුතාවයට පත් නොකිරීමට ඔබ වග බලා ගත යුතුයි. දරුවෝ කරන වැරදි වලදී පෞද්ගලිකව දරුවා එක්ක කතා බහ කරලා වැරැද්ද පෙන්වා දෙන්න. මොකද දරුවෝ එක්ක ගනුදෙනු කරන්න ඕන විදිය වෙනස්.
අධ්‍යාපන කටයුතු වලදී දරුවාට අනවශ්‍ය ලෙස බලපෑම් කිරීමෙන් වලකින්න. "ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" කියලා කතාවකුත් තියෙනවනේ. ඒ නිසා මුල් කාලයේදීම දරුවාගේ හැකියාවන්, දක්ෂතාවයන් සහ ලැදියාවන් හඳුනා ගෙන ඒ ඔස්සේ දරුවාගේ අනාගතය සාර්ථක කර ගැනීමට මඟ පෙන්වන්න. ඔබේ ආශාවන් දරුවන් තුලින් ඉටු කර ගන්න හිතන එකෙන් වළකින්න. ඒක දරුවන්ගේ අනාගතය එක්ක සෙල්ලම් කිරීමක්. දරුවන්ගේ ළමා කාලය පොත් පතටම යට වෙන්න නොදී ඒ ළමා කාලය විඳින්න ඔවුන්ට ඉඩ ලබා දෙන එක ඔබේ වගකීමක්. අනවශ්‍ය විදියට කුඩා මනස වෙහෙස වන්න දෙන්න එපා. විවේකය, නිදහස ලබා දෙන්න.
දැන් කාලේ දරුවන්ට ඉස්සර වගේ සුන්දර ළමා කාලයක් තියෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඔයාගේ දරුවාව කිසිම වෙලාවක අධ්‍යාපන හා විෂය භාහිර කටයුතු වලටම විතරක් හිර කරන්න එපා. දරුවන් එකිනෙකා හා තරඟ කිරීමට පුංචි වයසේදීම හුරු කරන්න එපා. ඒ වෙනුවට දරුවන්ට සෙල්ලම් කරන්න, යාළුවන් ඇසුරු කරන්න, විනෝද වෙන්න, වැලි ටිකක්, මඩ ටිකක් අතගාන්න, ඇලක දොළක පැනලා නාන්න ඉඩ දෙන්න. පරිසරයට සංවේදී වූ දරුවෙක් නිර්මාණය කරන්න.
මේ හැම දෙයක් එක්කම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න හැම අම්මා කෙනෙක්ටම, තාත්තා කෙනෙක්ටම වගකීමක් තියෙනවා. අපේ ජිවිත මොන මොහොතේදී, කොතැනදී, කොහොම නතර වෙලා යයිද කියල කියන්න අපි දන්නේ නැහැ. ඒ නිසා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වන ආකාරයට ඔවුන් වෙනුවෙන් ඉතුරුවක් කරන්නත් අමතක කරන්න එපා. මොකද ඉතුරු කිරීම කියන එක අදට වඩා ප්‍රයෝජනවත් වෙන්නේ හෙටට. අද දවසේ ඔයාට ලොකු ලොකු ප්‍රමාණ වලින් ඉතුරු කරන්න බැරි වුනත් දරුවන් වෙනුවෙන් යම් කිසි පොඩි මුදලක් හෝ ඉතිරි කරන්න. ඒ වගේම එහි ඉතිරියේ තියෙන වැදගත් කම දරුවන්ටත් පෙන්වා දෙන්න. පොඩි කාලෙදිම ඉතුරු කරන මේ පුරුද්ද ඇති කර ගැනීමම ගොඩක් වටිනවා. ඉතුරු කරනවා කියන්නේ ලෝබ කමෙන් එක් රැස් කර ගැනීමට නෙවෙයි කියන එකත් දරුවාට කියලා දෙන්න.
ඔබේ දරුවාගේ ඉතිරි කිරීමේ පුරුද්දට වටිනාකමක් එකතු කිරීමටත්, දරුවනට දිය හැකි වටිනාම දායාදය වන අධ්‍යාපනය වෙනුවෙන් ශක්තිමත් පදනමක් තනන්නටත් NDB බැංකුවේ "ශිල්ප " ළමා ඉතුරුම් ගිණුම කියන්නේ ඔබට තියෙන විශ්වාසවන්ත මාර්ගයක්. දරුවාගේ අධ්‍යාපනය සඳහා විශේෂ අනුග්‍රහය හා දායකත්වය ලබා දෙන අතරම දරුවාගේ වයස් මට්ටමට සරිලන පරිදි NDB "ශිල්ප" ළමා ඉතුරුම් ගිණුමක් තෝරා ගැනීමට ඔබට පුළුවන්. රුපියල් 500ක් වැනි අවම මුදලකින් ආරම්භ කල හැකි අතරම නොමිලේ රක්ෂණාවරණයක්, සාමාන්‍ය පොලී වලට අමතරව අතිරේක ප්‍රසාද පොලී ක්‍රමයක්ද එහි ක්‍රියාත්මකයි. දරුවාගේ ඉතුරු කිරීමත්, අධ්‍යාපනයත් සුරක්ෂිත කර ගන්න NDB "ශිල්ප" සමඟ එකතු වෙන්න.