ආදරය රැක ගන්න ඕන නම්, කවදාවත් මේ වැරදි 5 කරන්න එපා

January 26, 2019
15,194
Do not do these mistakes if you want to protect your love
ආදරය කියන්නේ ඉතාමත් සුන්දර අත්දැකීමක් කියලා ආදරය කරන, ආදරය විදින හැමෝම හොඳින් දන්නවා. ආදරය කියන්නේ ජීවිතයේ මිහිරිතම අත්දැකීමක් වුණත් ආදරය නිසා විරහ වේදනාවෙන් ලතැවි ලතැවි ජීවත් වන කොටසුකුත් අපි අතරේ නැතුවාම නෙමෙයි. දෙදෙනෙක් ආදර සම්බන්ධතාවක් පටන් ගන්නේ ගොඩක් දුර ගමනක් යන්න හිතාගෙන වුණත් බාධක, හැල හැප්පීම් අතරේ හිතුවටත් වඩා ඉක්මනට ආදර කතාවට තිත තියන්න වෙනවා. සමහර ආදර කතාවල අවසානය සනිටුහන් කර ගන්නේ ඔයාගේම නොසැළිකිමත්කම් නිසා. යහපත් ආදර සම්බන්ධතාවක් පවත්වා ගන්න හැඩකාරී හැමදාම වගේ ඔයාට වටිනා උපදෙස් ඉදිරිපත් කරනවානේ. ඔන්න අදත් අපි ඔයාට කියලා දෙනවා ඔයාට හිමි වුණු ආදරය ඔයාගෙන් ඈතට යවන්නේ නැතුව ඔයාගේ ළඟම තියා ගන්න පුළුවන් කරුණු කිහිපයක් ගැන. ඔයත් ආදරය කරන කෙනෙක් නම්, එහෙමත් නැතිනම් ආදරය වෙනුවෙන් බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාගේ ආදරයත් රැක ගන්න මේ කරුණු ටික ඔයාට නිසැකවම උපකාරී වේවී.

සැක කරන්න එපා

අද ගොඩක් ආදර කතා වලට කණකොකා අඬන්න පටන් ගන්නේ මෙන්න මෙතැනින්. සම්බන්ධතාවක් පටන් ගන්නකොට දෙන්නා තුළම තිබුණ විශ්වාසය නැතිවෙන්න ඔයා අතින් වෙන පුංචි අත් වැරැද්දත් හොඳටම ඇති. සැකය කියන්නේ ඔයාගේ ආදර කතාවේ හතුරා කියලා හිතන්නකෝ. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. ඔහු හෝ ඇය නැදෑයෙක් එක්ක, යාළුවෙක් එක්ක එහෙමත් නැති නම් ඔෆිස් එකේ කෙනෙක් එක්ක වැදගත් දෙයක් සම්බන්ධයෙන් කතා කරනවා කියලා දුරකථනයෙන්. මේ වගේ වේලාවට ඔයා ඔහු හෝ ඇය දිහා සැකයෙන් බලන්න තියෙන ඉඩකඩ වැඩියි. කාටද කතා කළේ? කවුද කතා කළේ? මොකදට කතා කළේ? වගේ ප්‍රශ්ණ කෝටියක් ඔහුගෙන් හෝ ඇයගෙන් අහන පුරුද්ද කවදාවත් ඔයා ළඟ තියා ගන්න එපා. මොකද එතකොට ඒ කෙනා තුළ ඔයාට තියෙන ගෞරවය, ආදරය සහ විශ්වාසය ටික ටික අඩු වෙලා යන්න පුළුවන්. ඔයාලා දෙන්නා අතර තියෙන බැඳීම ශක්තිමත් නම් සැකය කියන හතුරව ඔයලාගේ ආදර කතාවෙන් දුරස් කරලා තියෙන තරමට හොඳයි.

ප්‍රශ්ණ කරන්න එපා

අද ආදරය කරන පෙම්වතුන් වගේම විවාහ වෙලා ඉන්න අඹුසැමියන් අතරත් ගැටුම් ඇති වෙන ප්‍රබල කරුණක් තමයි ප්‍රශ්ණ කිරීම. ඔයා මෙහෙම හිතන්නකෝ. ඔහු හෝ ඇය රැකියාවකට ගිහින් ගෙදර එන්න පොඩ්ඩක් විතර පරක්කු වෙනවා කියලා. ඉතිං ගෙදර ආව ගමන් ගෙට ගොඩ වෙන්නත් කලින් අහන්නේ ඇයි පරක්කු? ඔෆිස් එකෙන් කීයටද ආවේ? අද එච්චර වැඩද? වගේ දේවල්. මහන්සි වෙලා ගෙරට එන කෙනෙක්ගෙන් වගේ ප්‍රශ්ණ අහනකොට කෙන්නි එන එකත් ටිකක් සාධරණයිනේ. ඉතිං මුලින්ම ඔහු හෝ ඇය ඉන්න තත්ත්වය ගැන හිතන්න. සමහරවිට ඔයා ප්‍රශ්ණ කරන්න කලින් ඔහු හෝ ඇය හේතු ඔයාට පැහැදිළි කරයි. ගෙදර පරිසරය සාමකාමී නොවුණොත් ඉන් එහාට ඔයාගේ ආදර කතාව ඒ නිවස ඇතුළේ රැක ගන්න ටික්ක අසීරුයි. ඒ නිසා මේ වැරැද්ද කවදාවත් කරන්න එපා.

සීමාවන් තියා ගන්න

මේ කරුණ නම් පෙම්වතුන්ට වගේම විවාහ වුණු අයටත් එක විදිහටම ආදාළ වන කරුණක්. ඉස්සරට වඩා අද කාලය ටිකක් වෙනස් කියලා ඔයා දන්නවානේ. ගොඩක් ආදර කතා රැකිලා තියෙන්නේ ජංගම දුරකථනයේ පිහිටෙන්. ඉතිං ඔයා ගෙවෙන හැම මිනිත්තුවකම ඔයා ආදරය කරන කෙනාට කෝල් කරලා, මැසේජ් කරලා කරදර කරන්න එපා. ඒවාට සීමාවක් තියා ගන්න. මොකද එයින් දෙදෙනාම හෝ එසේත් නැති නම් එක් කෙනෙක් හෝ අපහසුතාවට පත් විය හැකියි. අත්‍යාවශ්‍ය දෙයක් නම් මැසේජ් එකක් දාන්න. එක පාරක් ජංගම දුරකථනයට පිළිතුරු දුන්නේ නැත්තම් ආපහු එක දිගට කෝල් කරන්න එපා. මොකද ඒ කෙනා අත්‍යාවශ්‍ය වැඩක, රාජකාරීයක ඉන්නවා විය හැකියි. ඉතිං ඔයාගේ ආදර කතාව සාර්ථක කර ගන්න මේ කරුණත් ඉතාමත් වටිනවා.

විශේෂ අවස්ථා මිස් කරන්න එපා

සමාන්‍යයෙන් පෙම්වතුන් විදිහට ආදරය කරන කාලේදී වගේම විවාහ වුණාටත් පස්සේ ඔයාලා දෙන්නාගේම ජීවිතයේ තියෙන සුවිශේෂි අවස්ථා සුළු වශයෙන් හෝ සැමරීම ඉතාමත් වටිනවා. පිටතට නම් පේන්නේ මේ වගේ දේවල් තමන්ගේ ජීවිතයට වැදගත් නෑ කියලා තමයි. ඒත් ඔයා නොදන්නවා වුණාට හිත යටින් ආදරය කරන අය මේ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතිං ලොකු ලොකු තෑගී දෙන්න ඕන වෙන්නේ නෑ. ඔයාට පුළුවන් විදිහට දෙන්නා එකතු වෙලා සුවිශේෂි අවස්ථා සමරන්න අමතක කරන්න එපා. මොකද ඒ අවස්ථාව ඔයාගේ ආදරය රැක ගන්න උදව්වක්, උපකාරයක් වේවී.

අනෙකාට සවන් දෙන්න

ආදර කතාවක් පවතින්න නම් එකිනෙකාට ඇහුම්කන් දෙන එක හරිම වැදගත්. මේ කාරණය විවාහ ජීවිතයට තමයි අතිශය වැදගත් වෙන්නේ. ඔයා මෙහෙම හිතන්නකෝ ඔයාගේ ගෙදර විවිධ ගැටළු, ප්‍රශ්ණ තියෙන්න පුළුවන්. ඔයා කතාවටත් අහලා ඇතිනේ ගෙදර ප්‍රශ්ණ ගේ ඇතුළේම විසඳගන්න ඕන කියලා. ඔයා ඔහුට හෝ ඇයට ඇහුම්කන් දුන්නේ නැති වුණොත් ඔයාටත් නොදැනීම ගෙදර ප්‍රශ්ණ පිටට යාවී. මෙහෙම හිතන්නකෝ ඔයාගේ බිරිඳට කුමන ආකාරයේ හෝ ප්‍රශ්ණයක් තියෙනවා කියලා. සහකරුවා මේ ප්‍රශ්ණයට සංවේදී නොවුණොත් ඇය මේ ප්‍රශ්ණය තමන්ගේ නැදැයින්ට හිත මිතුරන්ට කියලා ඒ වෙනුවෙන් පිළිතුරු හොයන්න පෙළඹෙන්න පුළුවන්. ඉතිං හොඳම දේ වෙන්නේ එකිනෙකාට සවන් දීමයි. එයින් සාර්ථක සම්බන්ධතාවක් පවත්වා ගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1245 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:57:45 AM
Script:/article/1245/do-not-do-these-mistakes-if-you-want-to-protect-your-love.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:57:45 AM
Script:/article/1245/do-not-do-these-mistakes-if-you-want-to-protect-your-love.html