ඔබගේ විවාහය අවසන්වී ඇති බව හැගවෙන සළකුණු 10ක්

November 19, 2021
6,300
10 signs to tell if your marriage is over
ඔබගේ විවාහයත් ක්‍රමයෙන් දික්කසාදයක් දක්වා ගමන් කරමින් තිබෙනවා යැයි ඔබටත් සිතෙනවාද..? එසේනම් මෙම සලකුණු ඔබ දෙදෙනා අතරත් තිබෙනවාදැයි බලන්න.

1. ලිංගික ජීවිතය නීරස සහ යාන්ත්‍රික වීම
සබඳතාවයක් ශක්තිමත් වීමට මෙන්ම සෞඛ්‍යයට සහ යහපැවැත්මට තෘප්තිමත් ලිංගික ජීවිතයක් අත්‍යවශ්‍ය වනවා.. නමුත් ඔබ දෙදෙනාටම එය කිසිදු හැඟීමකින් තොර ඉබේ සිදුවන යාන්ත්‍රික දෙයක් නම් සහ ලිංගික ජීවිතයේ දිගුකාලීන අපේක්ෂා භංගත්වය ඔබ දෙදෙනාගේ විවාහයේ අවසානය වීමට ඉඩ තිබේ..

2. ඔබ දෙදෙනා අතර ගැටළු රාශියක් සහ විසඳුම් ස්වල්පයක් පමණක් තිබීම
පවුලේ සහ ඔබ දෙදෙනාට පොදු ගැටළු සඳහා දෙදෙනාට එක්ව විසඳුම් සෙවීමට ඇති නොහැකියාව ඔබ දෙදෙනා විරිද්ධවාදීන් කරනු ලබනවා.

3. චරිත ඝාතනය
නමින් ඇමතීම, අනෙකා පහත්කොට සැලකීම, අපහාස කිරීම සහ සහකරු හෝ සහකාරිය අපහසුතාවට හා රිදවීම අරමුණු කරගත් පුද්ගලික පහරදීම් ආදිය දික්කසාදය වෙත ඔබව තල්ලු කරනු ලබනවා.

4. නිරන්තර කෝපය
ඔබේ සහකරු හෝ සහකාරිය කෝපය පාලනය කරන්නේ කෙසේදැයි නොදන්නේ නම් සහ එය ඔබ දෙදෙනා අතර පර්වතයක් මෙන් නැගී සිටිනවා නම් දික්කසාදය නොවැළැක්විය හැකි කාරණයකි.

5. වංචා කිරීම
ඇතැම් විට ඔබ දෙදෙනාගෙන් කෙනෙකු එක් වරක් සබඳතාවය තුලදී කරන ලද වරදක් හෝ වංචනික ක්‍රියාවක් සඳහා සමාව දුන්නද එම වරද දිගින් දිගටම සිදුවීම වේදනාකාරි අත්දැකීමක් වන අතර සහනය සොයා දික්කසාදය වෙත යොමු විය හැකියි.

6. ආත්මාර්ථකාමී වීම
විවාහය යනු දෙයක් ඔබ ලබාදෙන දෙය, සහ නැවත ඔබ වෙත ලැබෙන දෙයක් වන අතරම ඔබගේ සහකරුගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුයි. නමුත් ඔබ දෙදෙනාගෙන් කෙනෙකු ආත්මාර්ථකාමී නම් එය ඔබගේ සබඳතාවය දික්කසාදවීම කෙරේ යොමු කරනු ඇති.

7. ඔබට හෝ දෙදෙනාටම සෑමවිටම නිවැරදි වීමට අවශ්‍ය වීම
ඔබගේ සහකරුට සෑම දෙයකින්ම නිවැරදි වීමට අවශ්‍ය නම් ඔබට එය සෑමවිටම ඉවසිය හැකිද.. නැතිනම් ඔබ දෙදෙනාටම නිවැරදි වීමට අවශ්‍ය වී සෑම සුළු දෙයක්ම වාදවිවාද වලින් අවසන් වනවා නම් ඔබට තවදුරටත් එකට ජීවත් වීම ඉතා අපහසුයි නේද..? අවශ්‍ය වන්නේ ඒකාධිපති ස්වාමියාගෙන් මිදී නිදහසේ ජීවත් වීමට නම් දික්කසාදය හැර වෙනත් විසඳුමක් ඔබට නොපෙනේ..

8. හාදු ප්‍රතික්ශේප කිරීම
ඔබගේ විවාහයේ අවසානය වෙත ළංව ඇති බව හඳුණාගත හැකි ප්‍රධාන සලකුනක් ලෙස ඔබ පෙර මෙන් සිපගැනීම් ප්‍රතික්ශේප කර ලිංගික එක්වීම පමණක් ඉලක්ක කිරීම දැක්විය හැකියි.

9. සංවාදයන් අවසන් වීම
ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීමට හොඳම ක්‍රමය නම් එකිනෙකා හා සංවාදයේ යෙදීමයි.. එකිනෙකාගේ අදහස්, යෝජනා ආදිය පිළිබඳ දෙදෙනා හොඳින් කතාකර තීර්ණ ගත යුතුයි. නමුත් ඔබ දෙදෙනා අතර සංවාදයන් බිඳ වැටීම විවාහය තුල හිස් බවක් ගෙන එනු ලබනවා.

10. මුදල් නොමැති වීම හෝ මුදල් අධිකව තිබීම
එක් අයෙකු අනෙකාට වඩා සැලකිය යුතු ආදායමක් උපයන විට, විශේෂයෙන්ම එය බිරිඳ නම්, මුදල් පාලන ගැටළු විවාහය කඩාකප්පල් කළ හැකිය. කෙසේ වෙතත්, උවමනාවට වඩා මුදල් තිබීම සහ වියදම් කිරීමේදී සැළකිලිමත් නොවීම විවාහය කෙලවර කරා ගෙන යාමට හේතු වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2098 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:34:56 AM
Script:/article/2098/10-signs-to-tell-if-your-marriage-is-over.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:34:56 AM
Script:/article/2098/10-signs-to-tell-if-your-marriage-is-over.html