මේ ලක්ෂණ පෙම්වතා ලඟත් තියෙනවා නම් කවදාවත් ඔහු සැමියා කර ගන්න හිතන්න එපා

February 20, 2018
18,142
If your boyfriend has these qualities don’t think of marring him
මොන තරම් ආදරේ කරලා විවාහ වුනත් අද ගොඩක් දෙනෙක්ගේ පවුල් ජිවිත වල ඒ කාලේ තිබුණු සැබෑ සුන්දරත්වය නැහැ. ඒ ආදරෙත් නැහැ. ඒ දවස් වල එකතු කරපු බලාපොරොත්තු කිසිම දෙයක් කාලයක් යද්දී නැතුව ගිහින් පවුල් ජීවිතේ නීරස වෙන්න ගන්නවා. එහෙම වෙන්න නොදී දැම්මම ආදරේ කරන කෙනාගේ ගුණ අගුණ දුර්වලතා හඳුනා ගන්න එක වඩා හොඳයි. එහෙම උනොත් ඔයාගේ අනාගතේ අඳුරේ නොදා සුරක්ෂිත කර ගන්න පුළුවන්. බලන්න එයා ළඟත් මේ දේවල් පේන්න තියෙනවද කියලා.

01. ඔහු තමන්ගේම පවුලේ අය විවේචනය කරනවාද?

ඔයාගේ පෙම්වතා ඔයත් එක්ක කිසිම සාදාරණ හේතුවක් නැතිව එයාගෙම පවුලේ අය විවේචනය කරනවා නම් දොස් කියනවා නම්, තරහ හිතින් ඔවුන් ගැන කතා කරනාවා නම්  ඔහු පවුලක වටිනාකම, ආදරය, බැඳීම්, සම්බන්ධතා රැක ගැනීම ආදී දේවල් ගැන කිසිදු අවබෝධයක් නොමැති කෙනෙක්. පවුලක වටිනාකම දන්නේ නැති කෙනෙක් අනාගතයේ ඔයා එක්ක ගොඩනගන පවුලත් ඒ විදියටම විවේචනය කරයි. ඒත් එක්කම ඔහුගේ වගකීම්, යුතුකම් මඟහරිවී. 

02. ඔයා ගැන හැම තිස්සෙම සැකෙන්ද ඉන්නේ?

ප්‍රේම සම්බන්ධතාවයක් විතරක් නෙවෙයි ඕනෑම සම්බන්ධතාවයක්  ශක්තිමත් වෙන්නේ, දිගුකල් පවතින්නේ එකිනෙකා ගැන තිබෙන විශ්වාසය මත. විශ්වාසය නොමැති තැන නිරන්තරයෙන් ප්‍රශ්න ඇති වෙන එක අහන්නත් දෙයක් නෙවෙයිනේ. එයත් ඔයාව අහේතුකව සැක කරනවා නම් දැනටමත් ඔයාල අතර ඕන තරම් ප්‍රශ්න ඇති වෙලා ඇති. විවාහ වුනාට පස්සේ ඒ දේවල් අඩු වෙනවා වෙනුවට තව තවත් වැඩි වෙනවා.

03. ඔයා කියන කිසිම දෙයක් කනකට ගන්නේ නැද්ද?

යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන්න නම් දෙදෙනා තුලම හොඳ සවන් දීමක් තියෙන්න ඕන. දෙදෙනා අතර පනවා ගෙන ඇති යම් යම් සීමාවන් නොතකමින් එම සීමාවන් අභිබවා යනවා නම් හා ඔයා කියන කිසිම දෙයකට සවන් නොදෙයි නම් , ගණන් ගන්නේ නැත්තන් එයා ඔයාට හා සබඳතාවයට කිසිදු ගරුත්වයක් නොදෙන කෙනෙක්.  

04. ඔයාට දුන් පොරොන්දු කඩ කරාද?

ආදරය කරද්දී අපි එකිනෙකාට පොරොන්දු දෙනවා, පොරොන්දු ගන්නවා. එහෙමනේ ඉතින් හැටි. ඒත් ඔයාගේ පෙම්වතා ඔයාට දුන්නු පොරොන්දු කඩ කරනවා නම් සමහර විට එයා ඔයාව ඇසුරු කරන්නේ හූදු විනෝදය සදහා පමණක් විය හැකියි. ඔයාගේ හැඟීම්, බලාපොරොත්තු, අසාවන් එක්ක එයා සෙල්ලම් කරනවා වෙන්න පුළුවන්. එයා ඇත්තටම ඔයාට ආදරය කරනවා නම් කිසිම වෙලාවක ඔයාට දුන්නු පොරොන්දු කඩ කරන්නේ නැහැ.

05.නිතරම ඔයා වැරදියි, එයා හරි. ඒ විදියටද එයා හිතන්නේ?

තමන් ගැන හොඳ විශ්වාසයක් තියෙනවා කියන්නේ හොඳ දෙයක්. ඒත් තමන් ගැන අධික විශ්වාසයක් පැවතීම ප්‍රේම සබදතාවයක් තුල ප්‍රශ්න ඇති කරන්න හේතු වෙනවා. හැම වෙලාවකම තමන් සාධාරණිකරණය කරමින් ඔයාට දොස් කියන එක ඇත්තටම හොඳ ලක්ෂණයක් නෙවෙයි. ඔයාගේ පෙම්වතාත් නිතරම තමන්ගේ මතය  නිවැරදි කියලා සිතන කෙනෙක් නම් තමුන් අතින් සිදු වන වැරදි කිසිම පිළිගන්න ලෑස්ති නැත්තන් එහෙම කෙනෙක් එක්ක විවාහ දිවියක් ගත කරන්නේ කොහොනද කියලා ඔයාට හිතලා බලන්න වෙනවා.

06.බොරුකරයෙක්ද?

හැම වෙලාවකම ඇත්ත කතා කරන්න පුළුවන් නම් සබදතාවයක් පලුදු නොවී පවත්වා ගන්න පුළුවන්. එත් ඔයාගේ පෙම්වතා ඔයාට නිතරම බොරු කරනවා නම්, ඔයාට එහෙම දැනිලා තියෙනවා නම් , වංචා කරනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාගේ අනාගතේ සුරක්ෂිත කර ගෙන ඔහුගෙන් ඈත් වෙන එක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 666 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:36:06 AM
Script:/article/666/if-your-boyfriend-has-these-qualities-don-t-think-of-marring-him.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:36:06 AM
Script:/article/666/if-your-boyfriend-has-these-qualities-don-t-think-of-marring-him.html