ඔබගේ දන්ත සෞඛ්‍යය සඳහා අහිතකර ආහාරපාන 6ක්

December 31, 2021
6,307
6 Worst Foods for Your Teeth
ආත්ම විශ්වාසයෙන් යුතුව යුතු සිනහවක් සඳහා නීරෝගි දත් දෙපෙළක් තිබීම අත්‍යවශ්‍ය කාරණාවක්.. නවතම අධ්‍යනයන්ගෙන් හෙළිව ඇති ආකාරයට දුම්පානයෙන් සහ සීනි සහිත රසකැවිලි මගින් දත්වලට එල්ලවන බලපෑමට වඩා වැඩි බලපෑමක් ඇතැම් ආහාරපාන මගින් දත්වලට එල්ල වනවා. ඔබේ සිනහවට හානියක් විය හැකි සාමාන්‍යයෙන් ඔබ ගන්නා සෞඛ්‍ය සම්පන්න මේ ආහාර ගැන ඔබ පුදුමයට පත් වේවි.

ඔබේ දත් වලට අහිතකර මෙම ආහාර තොලගාන විට හෝ අනුභව කරන විට මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඔබ මෙම ආහාර අත්හැරිය යුතු යැයි අපි කියන්නේ නෑ, නමුත් ඔබ ඒවා නිතර පරිභෝජනය කරන්නේ නම්, දත් දුර්වර්ණ වීම හෝ එනමල් ඛාදනය ඔබ නිතර අත් දකින ගැටළුවක් නම් ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවීම ඔබ කල යුතුයි.

බ්ලැක් තේ සහ ශාකසාර තේ


ශාකසාර තේ සහ බ්ලැක් තේ වල සෞඛ්‍යයට හිතකර බොහෝ සංඝටක අඩංගු වුවත් නිතර නිතර පානය කිරීම මගින් දත්වල එනමලය සඳහා හානි පමුණුවන අතර දත් දිරායාම වේගවත් කරනු ලබනවා.


පැඟිරි කුලයේ පළතුරු වර්ග


දත් දිරායාම සඳහා ප්‍රධාන හේතුව වන්නේ අප ආහාරයට ගනු ලබන ආහාරවල අඩංගු අම්ල වර්ගයි (dietary acid). ඒ අතරින් පැඟිරි කුලයේ පළතුරු වර්ග ප්‍රධාන ස්ථානයක් ගනු ලබනවා. විශේෂයෙන් දෙහි යුෂ පානය දන්ත එනමලය කෙරෙහි හානි පමුණුවනවා. ඔබ සාමාන්‍ය ජලයට පවා දෙහි හෝ දොඩම් පෙති දමා පානය කිරීමට කැමති අයෙක් නම් හෝ නිතර දොඩම්, දෙහි යුෂ පානයට හුරු වූ අයෙක් නම් ඒවා පානයේදි බටයක් (ස්ට්‍රෝ එකක්) ආධාරයෙන් පානය කිරීම මගින් ඉදිරිපස දත්වල එනමලයට වන හානිය අවම කරගත හැකියි.


වියළි පළතුරු වර්ග


වියළි පළතුරුවල අඩංගු වන සීනි ප්‍රමාණය සහ ඇලෙනසුලු බව දත්වලට හානි එල්ල කරනවා.. ආහාරයන් සඳහා මිශ්‍රකර ආහාරයට ගැනීමට වඩා ඔබ වියළි පළතුරු වර්ග කෙලින්ම ආහාරයට ගැනීම වඩාත් හානිදායක වනවා.. සාමාන්‍යයෙන් ඔබ ආහාර ගන්නා විට ඛේට ග්‍රන්ථි මගින් ඛේටය ශ්‍රාවය වීම වේගවත් වන අතර එමගින් ආහාරවල ඇති අම්ල මගින් දත් ආරක්ෂා වීමත් දත් පිරිසිදුවීමත් සිදුවනවා. එමනිසා වියළි පළතුරු වෙනුවට සෑමවිටම නැවුම් පළතුරු ආහාරයට ගැනීම වඩාත් සුදුසු වනවා.


කෝපි


කෝපි වල ප්‍රතිඔක්සිකාරක, විටමින් සහ ඛනිජ ලවණ ඉහළ මට්ටමක පැවතියත් සෞඛ්‍යයට වැඩි වශයෙන් ප්‍රතිලාභ ගෙන දුන්නත් ඉහළ අම්ලිකතාවය නිසා දත්වලට එල්ලවන හානිය වැඩි බව පර්‍යෙශකයන් පවසනවා.. විශේෂයෙන් ඔබගේ කෝපි කෝප්පයට සීනි එක් කිරීමෙන් දත්වලට වන හානිය දෙගුණ වීමට බලපානු ලබනවා. එමනිසා ඔබ කෝපි පානය කරනු ලබන සෑමවිටකම කෝපි පානය කිරීමෙන් පසුව පිරිසිදු වතුරෙන් මුව සේදීම කිරීම වැදගත් වනවා.


ක්‍රීඩා පානයන්


දහඩිය පිටවන තෙක් හොඳින් ව්‍යායාම් හි නිරතවීමෙන් පසු ශක්තිජනක පානයන් කෙරෙහි බොහෝදෙනා යොමුවනවා. නමුත් ආම්ලිකතාවය අධික ක්‍රීඩා පානයන් මගින් දත් දිරායාම වේගවත් වන අතර දත්වල ඇති තද ස්වභාවය අහිමි වීම කෙරෙහි බලපානු ලබනවා. ඊට අමතරව වෙළදපොලේ ඇති බොහෝමයක් ක්‍රීඩා බීමවර්ග සහ ශක්තිජනක පානයන් හි අධික සීනි ප්‍රමාණයක්ද අන්තර්ගත වනවා.


එමනිසා නිරෝගි ශක්තිමත් දන්ත සෞඛ්‍යයක් සඳහා ඉහත පානයන් නිතර පානය කිරීම මගින් අහිතකර බලපෑම් එල්ල කරනු ලබන අතර සෑම විටම පළතුරු යුෂ හෝ කෘත්‍රිම බීමවර්ග පානය කිරීම වෙනුවට නැවුම් පළතුරු වර්ග ආහාරයට ගැනීමත් පිරිසිදු ජලය පානය කිරීමත් පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතුයි.. එය ඔබගේ දන්ත සෞඛ්‍ය ආරක්ෂා කිරීමටත් ලස්සන සිනහවක් සඳහාත් උපකාරි වනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2115 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:29:17 AM
Script:/article/2115/6-worst-foods-for-your-teeth.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:29:18 AM
Script:/article/2115/6-worst-foods-for-your-teeth.html