රාත්‍රියේදී ඔබටත් මෙය දැණුනොත් රුධිර පරීක්ෂණයක් කර ගන්න

December 19, 2021
6,742
If you feel this at night, do blood test
කාර්‍යබහුල දිනයකින් අනතුරුව නින්දට යන වේලාවේ ඇතැම්විට සිරැරේ විවිධ තැන් වල සුලු සුලු වේදනා කැක්කුම් දැනීමට ඉඩ තිබෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්.. නමුත් දිගින් දිගටම ඔබගේ පාදවල කැක්කුමක් පවතිනවා නම් එ‍ය අනතුරු ඇඟවීමක ලක්ෂණයක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

රාත්‍රී කාලයේ ඔබගේ පාදවල ඇතිවන අධික කැක්කුම සිරැරේ බර දරා සිටීම හෝ වැඩියෙන් ඇවිදීම නිසා නොව ඔබගේ සිරැරේ අධික කොලෙස්ටෝල් තත්ත්වයක් වර්ධනය වී ඇතැයි කරන අනතුරු ඇඟවීමක් බවට වෛද්‍යවරුන් අනතුරු අඟවනවා.. සිරැරේ කොලෙස්ට්‍රෝල් අධික වීම ඔබගේ සෞඛ්‍යය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරනු ලබනවා.

කොලෙස්ට්‍රෝල් Low-density lipoprotein (LDL) සහ High-density lipoprotein (HDL) ලෙස වර්ග දෙකක් ඇති අතර LDL නරක කොලෙස්ට්‍රෝල් ලෙසද හඳුන්වනවා.. මෙය වැඩිවීමෙන් රුධිර ධමනි තුල කොලෙස්ටෝල් තැන්පත් වීමෙන් ධමනි සිහින්වීම සිදුවන අතර එමගින් රුධිර ගමනාගමනයට බාධා එල්ල කරනු ලබනවා. එමෙන්ම එමගින් peripheral arterial disease (PAD) නම් රෝගය ඇතිවිය හැකියි. එවිට සෛල සහ මාංශ පේශී ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය ඔක්සිජන් නොලැබී යාම සිදුවන අතර ඒ හේතුව නිසා රාත්‍රී කාලයේ පාදවල වේදනාව ඇතිවනවා.

රෝග ලක්ෂන

රාත්‍රී කාලයේදි දෙපයේ වේදනාව සහ මස්පිඩු පෙරළීම වැනි තත්ත්ව ඇතිවීම
ඇවිදීම නිසා ඇතිවන කකුලේ වේදනාව දවස පුරාම තිබිය හැකි සාමාන්‍ය තත්ත්වයක් වන අතර කොලෙස්ට්‍රෝල් අවධානම නිසා ඇතිවන පාදයේ වේදනාව විලුඹ, ඇඟිලි, ආශ්‍රිතවද ඇතිවිය හැකියි. ඒ සමග මස්පිඩු පෙරළීමත් සිදුවනවා. මෙවැනි රෝග ලක්ෂණ ඔබත් අත්විදිනවා නම් රුධිර ගමනාගමනය වැඩිකිරීම කෙරෙහි හැකිවන ආකාරයට පාද තබාගත යුතු වනවා මෙන්ම මෙම රෝග ලක්ෂන දිගින් දිගටම තිබෙනවා නම් ඉක්මනින් වෛ‍ද්‍ය උප්දෙස් ලබාගත යුතුයි.

කකුල් හිරිවැටීම, සිතල වීම සහ සුදුමැලි ස්වභාවයක් ගැනීම ඉතා අනතුරුදායක ලක්ෂණ වනවා


කොලෙස්ට්‍රෝල් තැන්පත් වීමෙන් දිගින් දිගටම රුධිර ධමනි අවහිර වීමේ ප්‍රථිඵලයක් ලෙස පාදවල ඉඳිකටු තුඩකින් අනිනවා වැනි ස්වභාවයක්, හිරි වැටීම, සීතල වීම සහ සුදුමැලි වීම වැනි තත්ත්ව ඇතිවනවා. එමෙන්ම ඒවා ඔබ හදිසි ප්‍රථිකාර ලබාගත යුතු තත්ත්වයක සිටින බවට සිරැර නිකුත්කරන සංඥා ලෙස සැලකිය හැකියි.


අධික කොලෙස්ටරෝල් බරපතල සෞඛ්‍ය ගැටලුවක් වීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි

හෘද සෞඛ්‍යය නිසි පරිදි පවත්වා ගැනීම, ධමනි අවහිර වීමෙන් ඇතිවන PAD රෝගය වළක්වා ගැනීම සහ හෘදයාබාධ හෝ ආඝාත ඇතිවීම සඳහා වන අවදානම අඩු කර ගැනීමට ඔබේ රුධිර ප්‍රවාහයේ LDL මට්ටම පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය බවයි වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ. එමෙන්ම ඔවුන් පවසන ආකාරයට ඔබට කොලෙස්ට්‍රොල් නොමැති වුවත් සෑම වසර 5කටම වරක් රුධිර පරීක්ෂාවක් කිරීමත් සංතෘප්ත මේදය අඩංගු ආහාර හැකිතාක් සීමා කිරීමත්, සමබර ආහාර වේලක් ගැනීමත් ක්‍රියාශීලි ජීවන රටාවක් අනුගමනය කිරිමත් වඩාත් සුදුසු වනවා.. විශේෂයෙන් බටර්, චීස් හෝ රතු මස් අඩංගු ආහාර වේලක් වෙනුවට ඕට්ස්,බෝංචි, බ්‍රොකෝලි, පොප්කෝන, අලිගැටපේර, බතල වැනි ආහාර සහ සෞඛ්‍ය සම්පන්න අසංතෘප්ත මේදය අඩංගු අලිගැට පේර, ඔලිව් තෙල් සහ ඇට වර්ග දෛනික ආහාර වේලට එක්කර ගැනීමත් සුදුසු වනවා.

ඊට අමතරව ඔබගේ සිරැරේ කොලෙස්ට්‍රෝල් ඇතිවීමේ අවධානම වැඩිකල හැකි දුම්පානය සහ දුම්කොල ආශ්‍රිත නිශ්පාදන වලින් වැළකීමත්, සෑම සතියකම මිනිත්තු 150 සිට 300 දක්වා කාලයක් ශාරිරික ව්‍යායාමයන්හි නිරත වීමත් සිදුකල යුතු වනවා. එමෙන්ම කොලෙස්ට්‍රෝල් ඇතිවීම පිළිබඳව පවුලේ ඉතිහාසයක් තිබෙනවා නම් ඔබ කොපමණ කලකට වරක් කොලෙස්ට්‍රෝල් පරීක්ෂාවක් කරගත යුතුදැයි විමසා දැනුවත්ව සිටිය යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 2111 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:25:33 PM
Script:/article/2111/if-you-feel-this-at-night-do-blood-test.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:25:33 PM
Script:/article/2111/if-you-feel-this-at-night-do-blood-test.html