කාලයක් තිස්සේ සිතට දැනෙන තනිකමක් ඔබට ඇති බවක් දැනෙනවාද?

July 7, 2021
3,488
Are you experiencing chronic loneliness?
දීර්ඝ කාලයක් තිස්සේ ඔබේ සිතට දැනෙන හුදකලාබව නැතිනම් තනිකම ඔබව සෑමවිටම පීඩාවට පත්කරනවාද.. එය ක්‍රම ක්‍රමයෙන් ඔබගේ ජීවිතයේ සතුට ඔබෙන් ඈත්කර දමනවා කියා ඔබට සිතෙනවාද.. ඇතැම් විටකදී අප සියලු දෙනාටම බාහිර බලපෑම් සහ සම්බන්ධකම් වලින් මිදී හුදකලා වීමට අවශ්‍ය වනවා..එය සෑමදෙනාටම පොදු සාමාන්‍ය තත්වයක්..නමුත් දිගින් දිගටම සමාජ ආශ්‍රයන් කෙරෙන් ඈත්වී ඒ සම්බන්ධයෙන් ඔබතුල ඇතිවන ඍණාත්මක හැඟීම් දිනෙන් දින වර්ධනය වනවා නම් ඔබ නැවතත් මේ හැගීම් විශ්ලේෂණය කර බැලිය යුතුයි.. මන්ද දිගින් දිගටම හුදකලා වීම ඔබගේ මානසික සෞඛ්‍ය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් එල්ල කරනු ලබනවා..

මිනිසුන් තනිවන්නේ ඇයි..?

රැකියාව හෝ පාසල වෙනස්වීම මත
නිවසේ සිට රාජකාරි කරන විට
යම් කෙනෙකු හා තුබූ සම්බන්ධතාවයක් බිදවැටීම
පළමු වරට තනිව ජීවත්වනවා නම්

ඔබ ඉහත සඳහන් තත්ත්වයන්ට මුහුණ දුන් විට සහ එමනිසා මුහුණදෙන තනිකම/ පාලුව ඔබට නව යහලු මිත්‍රාදීන් එසේත් නැතිනම් වෙනත් සම්බන්ධකම් ඇති වූ විට ක්‍රමයෙන් පහව යනවා.. නමුත් ඇතැම් අවස්ථාවන්හි කෙතරම් ඔබ අවට පිරිස සිටියත් ඔබගේ සිත පාලුවෙන් තනිකමෙන් පීඩා විදිනවා හෝ ඔබට යම්කිසි ශාරිරික හෝ මානසික ගැටලුවකින් පීඩා විදිමින් සිටිනවා නම් ඔබ මේ තත්ත්වය සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමුකල යුතු වනවා..මන්ද දිගින් දිගටම සමාජ සම්බන්ධකම් වලින් ඈත්වී හුදකලාවීම ඔබගේ මානසික සෞඛ්‍ය බිද දමනු ලබන නිසා..

රෝග ලක්ෂණ
1. ශරීර ශක්තිය අඩුවීම
2. ඒකාකාරි නින්දක් නොලැබීම, හෝ නින්ද නොයෑම
3. ආහාර අරුචිය
4. තමන් පිළිබද නිතර දැනෙන පහත් හැඟීම
නිතර නිතර දැනෙන ශාරීරික පීඩාවන්
නිතර නිතර සිතට දැනෙන නොසන්සුන්කාරි සහ කණගාටුදායක හැගීම්
චිත්‍රපට සහා වීඩීයෝ නැරඹ්ට ඇබ්බැහි වීම.
නිතර නිතර උණුසුම් පාන වර්ග බීමට සහ උණුසුම් බ්ලැන්කට් තුල ගුලිවී සිටීමට පෙළඹ්ම.

රෝග විනිශ්චය

ඔබට තනිකමක් දැනෙනවා නම් නැතිනම් නිශ්චිත හේතුවක් පහදා ගැනීමට නොහැකි පශ්චාත්තාපී හැගීමකින් නිරතුරුවම පීඩා විදිනවා නම් මානසික උපදේශකයෙකු කරා යොමු වීම වැදගත්.. එවිට ඔහු හෝ ඇය ඔබගේ සිතෙහි පවතින මේ රෝග ලක්ෂණයන් සඳහා බලපා තිබෙන හේතුව සොයා ගැනීමට උපකාර ලබාදෙනු ඇති.. තනිකම සඳහා ඖෂධ ප්‍රතිකාරයක් නොමැති වුවත් මනෝ චිකිත්සක ප්‍රථිකාර මගින් ඔබට වඩාත් විශ්වාසදායි ප්‍රථිඵල ලබා ගැනීමට හැකියි.

දීර්ඝකාලිනව ඔබ අත්විදිනු ලබන තනිකම සහ හුදකලාව නිසා ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්..

1. නිදන්ගත රෝග ඇතිවීම
2. රුධිරයේ කොලෙස්‍ට්‍රෝල් ප්‍රමාණය ඉහල යාම
3. මානසික පසුබෑම
4. දියවැඩියාව
5. මානසික අවපීඩන තත්ත්වයන් ඇතිවීම

ප්‍රථිකාර

ඔබ පීඩාවට පත්කරන හුදකලාව රෝගයක් ලෙස හදුනාගෙන ප්‍රථිකාර කිරීමට නොහැකි වුවත් ඔබ මුහුණ දී සිටින තත්ත්වයෙන් මිදීමට ඔබට උත්සාහ කල හැකියි.. දීර්ඝකාලයක් තිස්සේ ඔබ මුහුණදී සිටින තනිකම ආමන්ත්‍රණය කිරීම මින් මිදීමට ඇති සාර්ථකම ක්‍රමයයි.. එවිට එසේ වීමට බලපා ඇති හේතුව හඳුනාගැණීමට ඔබට හැකියි.. බොහෝ විට බලපාන හේතු ලෙස පහත සඳහන් දෑ ඔබට හමු වේවි..

1. ඇතැම් විට ඔබට පුද්ගලයින් හා සම්බන්ධ වී සබඳකම් ඇති කර ගැනීමේ අපහසුවක් ඇති..
2. ඔබ හුරු පුරුදු පරිසරයෙන් මිදී අලුත් පෙදෙසක ජීවත් වන බැවින් ඔබගේ යහලු මිත්‍රාදීන්ගෙන් ඈත්ව සිටීම..
3. ඔබ තේරුමක් නොමැති සම්බන්ධකම් රාශියක් පටලවාගෙන සිටීම
4. ඔබ තුල හීනමානය වැනි පෞරුෂත්ව දුර්වලත්වයක් තිබීම නිසා අනිකුත් පුද්ගලයින් හා සම්බන්ධවීමේ නොහැකියාව

ඔබ පීඩාකරන හැඟීම් ඔබට හඳුනාගැණීමට නොහැකි නම් ඔබ මනෝ වෛද්‍ය චිකිත්සකවරයකු හමුවී අදහස් ලබා ගැනීම වැදගත්.. එවිට ඔවුන් ඔබට ප්‍රායෝගිකව අනුගමනය කල හැකි ක්‍රම සහ විදි කියාදේවි.

ඔබගේ ජීවන රටාව වෙනස් කිරීමට අනුගමනය කල හැකි පියවර..

ඔබගේ ආදරණීයයන් සමග යහපත් සබඳතාවයක් පවත්වා ගැනීම
උදාහරණයක් ලෙස ඔබ රැකියාව නිසා නැතිනම් උසස් අධ්‍යාපන කටයුතු නිසා ඔබට හුරුපුරුදු පරිසරයෙන් මිදී වෙනත් ප්‍රදේශයක ජීවත්වනවා නම් හැකි සෑම විටම ඔබගේ පවුලේ අය, යහළු යෙහෙළියන් සමග සජීවීව සම්බන්ධ විය හැකියි.. වර්ථමානයේ ඒ සඳහා ඔබට භාවිතා කලහැකි තාක්ෂනික ක්‍රමවේදයන් රාශියක් තිබෙනවා.. ස්කයිප්, වට්ස් ඇප්, ෆේස්බුක්, මැසෙන්ජර්, ස්නැප් චැට් වැනි ක්‍රම රාශියක් තිබෙනවා. එවිට ඔබ තනිවී නොමැති බවත් ඔබ ආදරය කරන පුද්ගලයින් තවමත් ඔබ සමග සිටින බවත් ඔබට නිරන්තරයෙන් දැනේවි..

ප්‍රජා කටයුතු සඳහා ඔබගේ සක්‍රීය දායකත්වය ලබාදෙන්න
විවේකි වේලාවට ඔබ පීඩාවට පත් කරන හැඟීම් සමග හුදකලා නොවී ඔබ ප්‍රියකරන සමාජීය කටයුතු සඳහා ස්වෙච්චාවෙන් ඉදිරිපත් විය හැකියි.. උදාහරණ ලෙස ඔබ මුහුදු වෙරලට ප්‍රිය කරනවා නම්, මුහුදු වෙරළ පිරිසිදු කරන ස්වෙච්චා වැඩසටහන් සඳහා සම්බන්ධ වීම, පුස්තකාලය මඟින් සංවිධානය කරනු ලබන පොත් අලෙවියන් සඳහා දායකත්වය සැපයීම වැනි දෑ සිදුකල හැකියි.

නව විනෝදාංශයන් සොයා ගැනීමට උත්සාහ කරන්න
ඔබට තනිකමක් දැනෙන සෑම විටකදීම එය මග හැරෙන සේ ඔබ ප්‍රීතිමත් කරන දෙයක් කිරීමට උත්සාහ කරන්න.. නැතිනම් ඔබට මෙතෙක් කලක් ඉගෙන ගැනීමට නොහැකි වූ දෙයක් ඉගෙන ගැනීමට උත්සාහ දැරීම ඔබට කල හැකියි.. උදාහරනයක් ලෙස නර්ථනය හැදැරීම, නැතහොත් ආහාර පිසීමේ කලාව ඉගෙන ගැනීම, නැතිනම් අලුත් අලුත් ආහාර වට්ටෝරු අත් හදා බැලීම,‍ රෙදි පින්තාරු කිරීම නැතිනම් පොත් කියවීම වැනි දෑ සඳහා යොමු වීමට පුලුවන්.

නිවසින් එළියට යන්න
විවේකි වේලාවට අඳුරු සිතිවිලි සහ තනිකම ඔබව වෙලා ගැනීමට සැරසෙන්නේ නම් ඊට පෙර නිවසින් එලියට ගොස් මුහුදු වෙරළකට නැතිනම් උද්‍යානයකට එහෙමත් නැතිනම් නාට්‍යයක්, සංගීත සංදර්ශනයක් නැරඹීමට යාමට ඔබට හැකියි.. එසේත් නොමැති නම් ආගමික ස්ථානයකට හෝ යාමට උත්සාහ කරන්න. .එසේත් නොමැතිනම් හමුවන පුද්ගලයින් හා සිනහමුසු මුහුණින් මද දුරක් පාර දිගේ ඇවිද යාමත් ඔබගේ මනස සැහැල්ලු කරාවි..

සුරතල් සතෙකු ඇති කරන්න
සුරතල් සතෙකු සිටීම සෑමවිටම ඔබගේ සිතට උණුසුම් සහ මිත්‍රශීලි හැඟීමක් ගෙනදෙනු ලබනවා.. එබැවින් ඔබටත් තනිකමක් හෝ පාලුවක් දැනෙනවා නම් සුරතල් බලු පැටියකු හෝ පූසෙකු ඇතිකිරීමට උත්සාහ ගන්න පුලුවන්.. වෛද්‍ය විශේෂඥයන්ට අනුව සුරතල් සතකු ඇති කිරීම් මගින් මානසික සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට ප්‍රතිලාභ රැසක් ලැබෙන බව පැවසෙනවා.

නිවාරණයට ගත හැකි සරල පියවර

1. තනිව කාලය ගත කිරීමට පුරුදුවන්න
තනිව කාලය ගතකිරීම යනු ඔබ සෑමවිටම තනිව සිටීම නෙමෙයි.. ඔබට පහසු පරිදි පුද්ගලයින් ඇසුරු කිරීම සිදුකරමින්ම යම් වේලාවක් ඔබ ඔබ සමගම ගත කිරීමයි. නමුත් මෙහිදී ඔබ තුල ධනාත්මක හැගීම් ඇතිකරගත යුතු වනවා. ඔබ පෙලන අසුභවාදි හැඟීම් යටපත් කර තනිකම රසවිදීමට ඔබ උත්සාහ කලයුතුයි.

2. ඔබ සතුටු කරවන ක්‍රි‍රියාකාරකම් හි නිරතවීම
ඔබ කැමති රූපවාහිනි වැඩසහනක් නරඹමින් පහසුවෙන් සෝපාවක් මතට වී සිටීම ඔබට ඇතැම් විට මහත් සුවපහසුවක් ගෙන දෙනවා.. විශේෂයෙන් හාස්‍යජනක වැඩසටහන් නැ‍රඹීමෙන් ඔබගේ මනස සැහැල්ලු කර ධනාත්මක හැඟීම් වර්ධනය කරයි.. නමුත් ඔබ සෑමවිටම එක් රාමුවකට කොටු නොවී විවිධ ක්‍රිරියාකාරකම් සඳහා යොමු වීමත් ඉතා වැදගත්.. සංගීතයට සවන් දීම, ඇවිදීම, පොත් කියවීම, නර්ථනයේ නියැලීම වැනි ක්‍රි‍යාකාරකම් ඔබව සෑමවිටම ප්‍රබෝධවත්ව සිටීමට උපකාරි වේවී. එය ඔබට තනිකමෙන් මිදීමට උපකාරි වෙනවා..

3. ව්‍යායාම සඳහා කාලය වෙන්කරන්න
දිනපතා ව්‍යායාමයන්හි නිරත වීම ශාරිරික සහ මානසික සෞඛ්‍යය සඳහා ධනාත්මක බලපෑමක් එල්ල කරනවා..එය ඔබගේ තනිකම සඳහා විසඳුමක් නොවුණත් එමගින් ඇතිවන ශාරිරික සහ මානසික ප්‍රබෝධය ඔබට සැහැල්ලු හැඟීමක් ලබාදෙනු ඇති.

4. හැකි සෑමවිටම එළිමහනේ කාලය ගතකරන්න
නිතර නිතර සූර්යාලෝකය සඳහා නිරාවාරණය වීමෙන් ශරීරයේ සෙරටොනින් (serotonin) මට්ටම ඉහල නංවන අතර එමගින් ඔබගේ මානසික තත්ත්වය වැඩිදියුණු කරනු ලබනවා.. විශේෂ‍යෙන් සොබාදහම සමග වැඩි කාලයක් ගතකරන විට මානසික ආතතිය, මානසික අවපීඩන තත්ත්වයන් සහ ඔබ පෙලනු ලබන කාංසිය මගහරිනු ලබනවා. එමෙන්ම ඒ සඳහා කණ්ඩායමක් සමග එකතු වීමෙන් අන් අය සමග යහපත් සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමටත් උපකාරි වනවා.

ඔබ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු වන්නේ කුමන අවස්ථාවේදීද..

දිගින් දිගටම ඔබ හුදකලාවෙන් සහ තනිකමෙන් පීඩා විඳිනවා නම් ඉහත යම් යම් ක්‍රමයන් ඔබ අත්හදා බලා සාර්ථක වුනේ නොමැතිනම් හැකි ඉක්මණින් මානසික වෛඳි ප්‍රතිකාර සඳහා යොමු වීම ඔබට කල හැකියි.. මනෝ වෛද්‍ය චිකිත්සක ක්‍රමයන් මගින් ඔබට ඉක්මණින් සුවය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get vitamin E for healthy skin and hair
   33,061
   74

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
Foods to you should never give your kids
   38,517
   65

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
Try this to increase productivity
   5,093
   58

මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරි තරම් වැඩ ගොඩගැහිලද? මේ Time-block ක්‍රමය උත්සහ කරලා බලන්න

අපි හැමදාම කතා කරන කාල කලමණාකරනයට වැඩිය ප්‍රායෝගික ක්‍රමයක් තමයි කාලය කොටු කරන එක නැතිනම් කාලය බ්ලොක් කරන එක. මේ ක්‍රමය අත්හදා බලන්න.. ලොකු වෙනසක් දැනේවි..
How you should clean your cell phone every day
   4,421
   58

ඔබගේ ජංගම දුරකතනය සෑම දිනකම පිරිසිදු කල යුතු ආකාරය

ඔබ සතුව කුමන ආකාරයේ දුරකථනයක් තිබේද යන්න මත පදනම්ව ඔබට ජංගම දුරකතනය පිරිසිදු කළ හැකි ආකාර කිහිපයක් මෙන්න..

Latest Articles

Most Viwed