කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වී තිබුණත් රෝගයෙන් ආරක්ෂා වීමට එන්නතක් තවමත් සොයා ගෙන නැහැ. නමුත් බොහෝ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කළ හැකි අතර එම නිසා රෝගියාගේ තත්ත්වය මත පදනම්ව ප්‍රතිකාර කරනවා. වෛරසය සඳහා එන්නතක් සොයා ගැනීමට වෛද්‍ය කණ්ඩායම් වෙහෙසෙනවා. අළුතින් රෝගයක් හඳුනා ගත් විට නව එන්නතක් නිපදවීමට වසර ගණනාවක් ගත වෙන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට ලෝකය පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරසය සම්බන්ධ එන්නත්වල තත්ත්වය පිළිබඳව ඔයාව දැනුවත් කරන්න හිතුවා.
කොරෝනා වෛරසයට එන්නතක් වැදගත් වන්නේ ඇයි?
වෛරසය සිතුවාට වඩා වේගයෙන් පැතිරෙන අතර ලෝක ජනගහනයෙන් බහුතරයක් තවමත් එයට ගොදුරක් වෙලා. වෛරසයකට එරෙහිව සටන් කිරීම සඳහා එන්නතක් ලබා දීම මඟින් මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට යම් ආරක්ෂාවක් ලබා දෙන්න පුළුවන්.
COVID-19 සඳහා එන්නතක් සූදානම් කරන්නේ කවදාද?
වෛද්‍ය පර්යේෂකයන් තවමත් කියා සිටින්නේ ලෝකයට එන්නතක් නිර්මාණය කිරීමට තවත් මාස 14-18 ක් පමණ ගතවිය හැකි බවයි. විශේෂඥයන් පවසන පරිදි පර්යේෂණ තවමත් ආරම්භක අවධියේ පවතින අතර තීරණාත්මක සංවර්ධනයක් දැකීමට ටික කලක් ගතවෙනවා. එන්නත් මගින් ආරක්ෂාව තහවුරු කළත් අතුරු ආබාධ ඇති වේදැයි පරීක්ෂා කිරීම සඳහා අත්හදා බැලීම් අවශ්‍ය වෙනවා.
Moderna's RNA එන්නත
Moderna's RNA එන්නත, ජූලි මාසයේ සායනික අත්හදා බැලීම්වල දෙවන අදියර කරා ගමන් කිරීමට නියමිතයි. මෙම එන්නත මගින් ආසාදනයට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිදේහ නිපදවීමට ශරීරයට උපදෙස් ලබා දෙනවා. මෙය සායනික අත්හදා බැලීමේ පළමු අදියර සාර්ථකව නිම කර තියෙනවා. ප්‍රතිශක්තිය පිළිබඳ ධනාත්මක ප්‍රතිඵල ලබා ඇති බව වාර්තා වී ඇති නිසා අපට පොඩි බලාපොරොත්තුවක් තබන්න පුළුවන්.
Chinese CanSino Biologics Inc එන්නත
මෙම එන්නත මිනිස් පරීක්ෂණ අවධිය ඉක්මවා ඇති නිසා එන්නත මිනිසාට ආරක්ෂිතයි. වයස අවුරුදු 18 ත් 60 ත් අතර 108 දෙනෙකු පදනම් කර ගනිමින් රසායනාගාර කිහිපයක මිනිසුන් පිළිබඳව කරන ලද පරීක්ෂණ වලින් ලබාගත් වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. එන්නත නිපදවා ඇත්තේ Ad5 නම් වෛරසයේ යම් විකෘතියක් සමඟිනි. එය සෛල තුළට එන්නත් කළ ප්‍රෝටීන් ව්‍යුහය ජානමය වශයෙන් වෙනස් කරනවා. ශරීරය හඳුනාගත් පසු, වෛරසය බිඳ දමා එය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගත හැකියි. එන්නත් කිරීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වඩවා සති දෙකක් ඇතුළත ටී සෛල නිපදවෙනවා. කොහොම වුණත් එන්නත කිරීමෙන් පසු අතුරු ආබාධ රාශියක් ඇති බවත් සොයා ගෙන තියෙනවා.
AstraZeneca Plc එන්නත
අප්‍රේල් මාසයේ දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අත්හදා බැලීම් ආරම්භ කර තියෙනවා. අත්හදා බැලීම් ආරම්භ වූයේ ප්‍රමිතිගත සත්ව පරීක්ෂාවකින් වන අතර, නව වාර්තා වලින් හෙළි වුයේ එන්නත මගින් ආසාදන පැතිරීම වැළැක්වීම සඳහා එතරම් ඵලදායී තත්වයක නැති බවයි.
කොහොමින් කොහොම වුණත්, සාර්ථක එන්නතක් නිපදවෙන තුරු තමන්වම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ,
අත් වැසුම් සහ ශ්වසන සනීපාරක්ෂාව පවත්වා ගැනීම.
ආරක්ෂිත ආහාර පුරුදු අනුගමනය කිරීම.
හැකි සෑම විටම කිවිසුම් වැනි ශ්වසන රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඕනෑම අයෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකීමයි.