කාජල් අගර්වාල් ලස්සන වෙන්න භාවිතා කරන රූපලාවණ්‍ය රහස් 5 ක්

August 17, 2020
8,237
5 tricks Kajal Aggarwal use to keep her beauty
කාජල් අගර්වාල් කියන්නේ දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය නිළියක්. නිළියක් නිසාම ඇය ඇගේ සුන්දරත්වය ගැන අනිවාර්‍යෙන් සැළකිලිමත් වෙනවා. නමුත් ඇය නිතරම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් තමයි ලස්සන පෙනුමක් ලබාගන්න කැමති. ඒ වගේම අපේ තරුණියොත් කැමතියි ඉන්දියානු නිළියන් වගේ ලස්සන වෙන්න. අන්න ඒ නිසා අද හැඩකාරී අපි කාජල්ගේ සුන්දරත්වය පිටුපස තියන රහස් 5ක් ඔයා සමග බෙදා ගන්න හිතුවා. ඒවගේම ඇය ඇගේ චාම් සුන්දර විලාසිතා සහ ඇගේ දීප්තිමත් සම සිනමා තිරයේ ඇගේ ප්‍රබල රංගනයට දායක කර ගන්නවා.

ඒ වගේම ඔයාත් සුරංගනා කතා වල ඉන්න ලස්සන කුමරියක් වගේ වෙන්න කැමතියි නේද? සුරංගනා කතා වල වගේම සැබෑ ජීවිතයේත් ඔබට සුන්දර පෙනුමකින් ඉන්න නම් මේ දේවල් කරලා බලන්න. කාජල් අගර්වාල් රුවැත්තියක් වෙලා තියෙන්නේ මෙහෙමයි...

ගෙදර හැදූ ෆේස් පැක්
ඇගේ මව විසින් ඇය වෙනුවෙන් හදලා දෙන ෆේස් පැක් එකට කාජල් හරිම කැමතියි. එයට මී පැණි, දෙහි යුෂ සහ යෝගට් වලින් මිශ්‍රණයක් සදා වරින් වර ඇගේ මුහුණ පිරිසිදු කර ගැනීමට භාවිතා කරනවා. එමගින් දිදුළන පැහැයක් මුහුණට වගේම සිරුරටත් ලබා ගන්න පුළුවන් කියලා ඇය කියනවා. 

ආමන්ඩ් ස්ක්‍රබ්
මුහුණෙ මිය ගිය සම ඉවත් කිරීම සඳහා කාජල් භාවිතා කරන්නේ ආමන්ඩ් සත්කාරයයි. ආමන්ඩ් ඇට ස්වල්පයක් ගෙන තලා අඹරා ගෙන මුහුණේ අලේප කරන්න. ඇය සතියකට වරක් මෙය ස්ක්‍රබ් එකක් ලෙස භාවිතා කරනවා. මිනිත්තු කිහිපයක් තබා මුහුණ ස්ක්‍රබ් කිරීමෙන් පසුව සෝදා හරින්න.

පොල් වලින් සෑදූ නිෂ්පාදන
කාජල් වැඩි වශයෙන් පොල් මත පදනම් වූ නිෂ්පාදන භාවිතා කරන්න කැමතියි. ඇය කියන්නේ පොල් මගින් ඇගේ සමට අවශ්‍ය උපරිම පෝෂණය හා තෙතමනය ලැබෙනවා කියලයි.

CTM
දවස කොතරම් මහන්සි  වුණත් කාජල් කිසි විටෙකත් ඇගේ CTM (ක්ලේන්ස් කිරීම (Cleancing), ටෝනින් (Toning) සහ මොයිස්චරයිසින් (Misturizing) පුරුද්ද අතපසු කරන්නේ නැහැ. ඔයාට හොඳ පෙනුමක් ලබා ගන්න ඕනේ නම් මේ තුන පිළිපදින්න.

මුල්තානි මිට්ටි (Fuller's earth) ෆේස් මාස්ක් 
කාජල් සතියකට වරක් ඇගේ මුහුණට මුල්තානි මිට්ටි ෆේස් මාස්ක් එකක් භාවිතා කරමින් සියලු කුණු දූවිලි අපද්‍රව්‍ය ඉවත් කර ස්වභාවික දීප්තියක් ලබා ගන්නවා.

මේ කරුණු වලට අමතරව මේකප් භාවිතය පුලුවන් තරම් අඩු කරගෙන ස්වාභාවික සුන්දරත්වය ම වැඩි කරගන්න ඇය නිතරම උත්සාහ කරනවා. ඉතින් ඔයත් අදම මේ දේවල් උත්සහ කරලා බලන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1778 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:37:36 AM
Script:/article/1778/5-tricks-kajal-aggarwal-use-to-keep-her-beauty.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:37:37 AM
Script:/article/1778/5-tricks-kajal-aggarwal-use-to-keep-her-beauty.html