නින්දෙන් ගොරවන එක ඇත්තටම ලෙඩක්ද?

April 19, 2017
3,485
Snoring may be early sign of future health risks
නින්දෙන් ගොරවන එක නම් බොහොමයක් දෙනාට තියන ප්‍රශ්නයක්. මේකට ගෑනු පිරිමි කියලා වෙනසකුත් නෑ. දෙගොල්ලොම රෑට හරි හරියට ගොරවනවා. සමහර අය නම් දන්නෙත් නැහැ ඔවුන් රෑට ගොරවනවද කියලවත්. නමුත් ඉතින් මේ ගොරවන එක නම් පුංචි දෙයක් කියලා ගණන් ගන්නේ නැතුව ඉන්න එක නම් එච්චර හොද දෙයක් නොවෙයි. මොකද නින්දේදී ගෙරවීම රෝග රැසකට හේතු වෙන්නක්. සාමන්යෙන් ඔබට ශරීරයේ අප්‍රාණික ගතියක් දැනෙනවා නම්, හේතුවක් නොමැතිව ඔලුව රිදෙනවා නම්, ඔබට අධික රුධිර පීඩනය තිබෙනවා නම් මේ සියල්ල නින්දේදී ගෙරවීම නිසා ඇතිවූ ප්‍රථිපල විය හැකියි. නින්දේදී ගෙරවීමේ රෝගය හදුන්වන්නේ obstructive sleep apnea (OSA) ලෙසයි. මෙයින් සරලව අදහස් වෙන්නේ නින්දේදී ස්වසනය තාවකාලිකව අවහිර වීමයි.

මේ රෝගී තත්වය නිසා සිදුවෙන්නේ රාත්‍රී කාලයේදී ඔබේ ස්වසන මාර්ගය ආශ්‍රිත මාංශ පේශීන් මගින් ඇතිවෙන අවහිරවීමක් නිසා ඔබට හොදින් හුස්ම ගැනීමට අපහසු වීමයි. ඒ නිසා රාත්‍රී කාලයේදී ඔබේ සිරුරට ලැබිය යුතු ඔක්සිජන් ප්‍රමාණය නොලැබීයාම නිසා ඔබ විවිධ රෝගාබාධ වලට ලක් වෙනවා. මේ තත්වය නිසා ඇතිවිය හැකි රෝග තත්වයන්.

1. අම්ල ප්‍රතිවාහය
2. රාත්‍රී කාලයේදී නිතරම මුත්‍රා කිරීමේ අවශ්‍ය තාවය ඇතිවීම
3. මතකය අඩුවීම
4. ආඝාතය
5. මානසික ආතතිය
6. දියවැඩියාව
7. හදවත් රෝග

මෙම රෝගය තිබෙන පුද්ගලයන් අතරින් 35% පමණ දෙනා ඉන්නේ ඉහළ අවධානම් තත්වයක. ඔබත් අධිකව රාත්‍රියට ගොරවන පුද්ගලයෙක් සහ ඉහත රෝග ලක්ෂණ ඔබ තුලින් දක්නට ලැබෙනවා නම් මේ ගැන සුළුවෙන් හිතන්නේ නැතිව මේ සදහා ප්‍රතිකාර තිබෙන නිසා ඉක්මනින්ම ඒ සදහා යොමු වී නිවැරදි ප්‍රතිකාර ලබාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to look after your eyes
   585
   446

ඇස් දෙක ඇස් දෙක වාගේ රැක ගන්නේ මෙහෙමයි

ඇස් දෙකේ සුන්දරත්වය වගේම නිරෝගී බව රැක ගන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැන ඔයාට අද හැඩකාරී මේ ලිපිය මගින් කියලා දෙන්න තීරණය කළා
Beauty treatments with drumsticks
   565
   442

රුවගුණ වඩවන මේ වාසී අඩුවක් නැතුව ලබා ගන්න ඕන නම් පමා නොවී මුරුංගා ආහාරයට ගන්න

ලෝකයේ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය ආහාරයක් වන මුරුංගා ආහාරයට විතරක් නෙමෙයි දැන් දැන් රූපලාවණ්‍ය සත්කාරකවලටත් යොදා ගන්නවා. ඉතිං රූ සපුව ලස්සනට තියා ගන්න කැමති ඔයාට අද හැඩකාරී මේ කියන මුරුංගා රූපලාවණ්‍ය සත්කාර එකින් එක අත්හදා බලලා මේ කියන වාසී අඩුවක් නැතුව ලබා ගන්න පුළුවන්
how to get rid of mosquitoes and flies?
   405
   353

මැසි, මදුරු කරදරයෙන් මිදෙන්නේ කොහොමද?

මැසි මදුරු කරදරය තියෙනවා නම් මේ කියන විසඳුම්වලින් එකක් හෝ කිහිපයක් භාවිත කරලා මැසි මදුරු කරදරයට සමු දෙන්න දැන් පුළුවන්
Positive attention and your child
   1,176
   293

දරුවන්ට අසීමිතව ආදරය කරන දෙමාපියන්ට හොඳම පාඩමක්

අපි දරුවෝ වෙනුවෙන් කොච්චර මුදල් වියදම් කරලා දේවල් අරන් දුන්නත් මේ දේ තරම් ඒ කිසිම දෙයක් වටින්නේ නම් නැහැ. ඒ තමයි දරුවන් කෙරෙහි දක්වන ධනාත්මක අවධානය
Remedies for varicose
   2,764
   245

නහර ගැටගැසීම නවත්වන්න මේ ප්‍රතිකාර කරන්න

නහර ගැට ගැසීමේ රෝග තත්වයේ මුල් අවදියේ රෝග ලක්ෂණ නම් දණහිසෙන් පහළ කොටසේ පමණක් නහර ඉදිමී නිල් පැහැ ගැන්වී තිබීම උනත් කාලයත් සමගම මුළු පාදය පුරාවටම මෙය පැතිරීගෙන යනවා. ඇතැම් විට මේ නිසා ඔයාට කැමති විලාවිතා කරන්නත් මෙය බාධාවක්

Latest Articles

Most Viwed