ඔම්ක්‍රෝන් හි රෝග ලක්ෂණ අඩු නම් ඒ ගැන කරදර විය යුතු නැද්ද?

February 14, 2022
8,714
What are the symptoms of Omicron?
පසුගිය වසර දෙකකටත් වැඩි කාලයක් පුරා ලෝකයම පීඩා කරමින් සිටින සාර්ස් කොරෝනා වෛරසයෙ අලුත්ම ප්‍රහාරකයා ලෙස කරළියට පැමිණ තිබෙන්නේ ඔමික්‍රෝන් නමැති ප්‍රභේදයයි. මේ වන විට ලංකාවත් එහි ගොදුරක් බවට පත්ව තිබෙන අතර දෛනිකව විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්ථා වනවා. එමනිසා ඔමික්‍රෝන් ප්‍රභේදයේ රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් වීම වැදගත් වනවා..

ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ රෝග ලක්ෂණ


- හොටු දියර ගැලීම
- හිසරදය
- තෙහෙට්ටුව ( සුළු හෝ තද)
- කිඹිහුම් යාම
- උගුර ආසාදනය

පර්යේශකයන් පවසන ආකාරයට ඔමික්‍රෝන් ප්‍රභේදයේ සහ ඩෙල්ටා ප්‍රභේදයේ සැලකිය යුතු වෙනස් කම් නොමැති අතර ප්‍රභේදයන් දෙකෙහිම උණ, කැස්ස සහ රස හෝ සුවඳ නොදැනීම ප්‍රධාන ලක්ෂණ ලෙස දැකිය හැකි බව පැවසෙනවා. නමුත් රසය හෝ සුවඳ නොදැනීම මේ වන විට ප්‍රධාන රෝග ලක්ෂණ අතර නොවන අතර 2021 වසරේ කොරෝනා ආසාධිත රෝගින් තුළ බහුලව දැකිය හැකි වූ එම රෝග ලක්ෂණය දැන් දැන් ක්‍රමාණුකූලව පහත ගොස් තිබෙනවා. එය රෝගින් 5 දෙනෙකුගෙන් 1 අයකු තුල පමණක් දැකි හැකි බවයි පර්‍යේශනයන්ට අනුව හෙළිව තිබෙන්නේ.


රෝග ලක්ෂණ අඩු නම් ඔමික්‍රෝන් පිළිවඳව කරදර විය යුතු නැද්ද..?

ඔමික්‍රෝන් සාමාන්‍ය සෙම්ප්‍රතික්ශාවක් ලෙස බොහෝ දෙනා සැලකුවත් එ‍ය ඇතැම් පුද්ගලයන්ට මාරාන්තික බලපෑම් එල්ල කරනා බැව්න් කිසිසේත් සුළුකොට තැකිය නොහැකියි. එමෙන්ම එය ඇල්ෆා, ඩෙල්ටා වැනි අනෙකුත් කොරෝනා ප්‍රභේදයන්ට වඩා වැඩි වේගයකින් පැතිර යන බවයි වෛද්‍යවරුන් අනතුරු අගවන්නේ..එමනිසා එක් රෝගියකුගෙන් විශාල පිරිසකට රෝගය ආසාදනය විය හැකි අතර එමනිසා විශාල පිරිසකට නිරෝධායනයට යොමු විමට සිදුවනවා. එමෙන්ම එය සෞඛ්‍යය ක්ශේත්‍රය මෙන්ම අනෙකුත් ක්ශේත්‍රයන් සියල්ලටම අනතූරුදායක වනවා.


ඔමික්‍රෝන් මගින් ඔබත් පවුලේ අන් අයත් ආරක්ෂා කරගැනීමට කළ යුත්තේ කුමක්ද..?

හිසරදය, ඇගපත වේදනාව, සෙම්ප්‍රතික්ශාව සහ තෙහෙට්ටුව යන ඕනෑම රෝග ලක්ෂණයක් කොරෝනා හෝ ඔමික්‍රෝන් ප්‍රභේදය වීමට ඉඩ තිබෙන බැවින් සැලකිලිමත් වීම වැදගත් වනවා. ඔබට ඉහත සඳහන් කුමන හෝ රෝග ලක්ෂණයක් තිබේ නම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමුවීමත් නිශ්චිතව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිදැයි දැන ගැනීමට PCR හෝ Rapid Antigen පරීක්ෂාවක් සඳහා යොමුවීමත් ප්‍රථිපල පැමිණෙන තුරු හුදකලා වීමත් වැදගත් වනවා. විශේෂයෙන් ඔබ ජීවත් වන ප්‍රදේශයේ හෝ ඔබගේ රැකියා ස්ථානයේ ඉහළ රෝගින් පිරිසක් වාර්ථා වනවා නම් ඉතාමත් සැලකිලිමත් විය යුතුයි.


ඔබගේ සිරැරේ ප්‍රතිශක්තිය වර්ධනයට ඔබ කළ යුතු දෑ..

- සෞඛ්‍යය සම්පන්න පෝෂ්‍යදායි ආහාර ලබාගැනීම
- පූර්ණ එන්නත්කරණයට යොමුවිම ( ඔබ අවුරුදු 18ට වැඩි නම් එන්නත් 3ම ලබාගැනීම)
- නිවසින් පිටතට යාමේදි නිසි ප්‍රමිතියෙන් යුතු මුව ආවරණ පැළදීම සහ යළි නිවසට පැමිණි පසු ඒවා නිසි පරිදි ඉවත් කිරීම
- සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම

ඔමික්‍රෝන් ප්‍රභේදය යනු තවත් එක් කොරෝනා ප්‍රභේදයක් විය හැකියි.. එමනිසා ඔබ, ඔබගේ සහ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමකින් යුතුව ක්‍රියා කිරීමත් නිසි සෞඛ්‍යය මාර්ගෝපදේශන උපදෙස් පිළිපැදීමත් කළ යුතුයි.. එවිට ඔබටත් ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් නිසි ආරක්ෂාව සලසා ගත හැකිවනවා නොඅනුමානයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 2128 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:38:12 PM
Script:/article/2128/what-are-the-symptoms-of-omicron.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:38:12 PM
Script:/article/2128/what-are-the-symptoms-of-omicron.html