උදේ පාන්දර අවදි වූ සැනින් කරන මේ වැරදි නිසා, අපේ බර වැඩි වෙනවලු

April 23, 2017
28,644
5 Morning Habits That Help You Lose Weight
උසට සරිලන බරක් පවත්වාගන්න බැරිව අපි හරියට පසුතැවිලි වෙනවනේ. කොච්චර ජිම් ගියත්, කෑම පාලනය කලත්, අපි සිතින් දකින ශරීරය අපේම කරගන්න බැරිව අපි ලත වෙනවා. අලුතෙන්ම කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා, උදෑසන අවදි වූ විගසම කරන සමහරක් දේවල්, උදැසන කාලයේදී අපි නොකර ඉන්න දේවල් වලින් ශරීර බර වැඩි වෙන්න හේතු සපයනවා කියලා. මහා ලොකු දේවල් කියලා අපිට නොහිතුනට, මේවයේ ලොකු බලපෑමක් තියෙනවලු ඇඟ අඩු නොවෙන්න. ඉතින් මේ වැරදි වලින් වැළකිලා ඉන්න උත්සහ කරන්න.

01. උදැසන කාලයේදී වැඩිපුර නිදා ගැනීම

අඩු නින්දක් ලබාගැනීම තුලින් කොහොමත් ආතතිය වැඩි කරන හෝමෝන ශ්‍රාවය වෙලා වැඩිපුර බඩගිනි දැනිලා, ශරීර බර වැඩි කරනවා වගේම තමයි උවමනාවට වඩා වැඩියෙන් නිදා ගත්තහමත්, ශරීර බර වැඩි වෙනවා. දවසකට පැය 10කට වඩා වැඩියෙන් නිදා ගත්තොතින්, අනවශ්‍ය විදිහට ශරීර බර වැඩි වෙන්න හේතු වෙනවා කියලයි කියන්නේ. ඉතින් උදෑසනින් අවදි වෙන්න සිහි තබා ගන්න.

02. උදෑසන ඉර එලියට නිරාවරණය නොවීම

පුදුමයි කියලා හිතුනට එහෙම නෑ. උදෑසනින් පතිත වෙන හිරු කිරණේ අපේ ශරීරයේ පරිවුර්තිය සිග්‍රතාවය වැඩි කරන්න හේතු වෙන රසායනිකයක් අඩංගු වෙනවා. ඉතින් ඒ මගින් ශරීර අභ්යන්තරයේ ක්‍රියාත්මක වෙලා ශරීර බර අඩු කරන්න හේතු වෙනවා. උදෙන්ම අවදි වෙන්න කියලා තමයි මේ මගිනුත් කියන්නේ. මොකද ඉතින් උදෙන් නැගිට්ටහමනේ, හොඳ හිරු කිරණ වලට නිරාවරණය වෙන්නේ.

03. නිදා ගත්ත ඇඳ සකස් නොකිරීම

මේකත් මහා පුදුම කාරනාවක්නේ කියලා හිතුනට එහෙම නෑ. මොකද තමන් නිදා ගත්ත ඇඳ තමන්ම පිලිවෙලට අස් කලහමලු අපිට සැප නින්දක් ලැබෙන්නේ. ඉතින් එකත් ශරීර බර අඩු කර ගන්න කල යුත්තක්.

04. නිරන්තරයෙන් තමන්ගේ ශරීර බර මැන බලන්නේ නැති එක

ඇඳ ලඟම ශරීර බර මනින යන්ත්‍රයක් තියාගෙන හැමදාම උදැසන අවදි වුනු විගසම බර මැන බලන එකත් අපිට වාසි සහගතයි. මොකද චුට්ටක් හරි බර වැඩි වෙලා නම්, එතකොට අපිට ඒ ගැන එවෙලේම දැන ගන්න ලැබෙනවනේ. තමන්ම ඒ ගැන අවධානයෙන් ඉන එක වඩාත් වැදගත් කියලයි කියන්නේ.

05. උදෑසන ආහාරය නොගැනීම

හොඳ උදෑසන ආහාර වේලක් ගන්න ඕනේ. එතකොට දවස තිස්සෙම හොඳින් වැඩ කරන්න පුළුවන්. සැරින් සැරේ අනවශ්‍ය විදිහට බඩගිනි එන්නේ නෑ. කැලරි 600ක්වත් තියෙන හොඳ උදෑසන අහර වේලක් ලබා ගැනීම හරිම වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 232 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:50:50 AM
Script:/article/232/5-morning-habits-that-help-you-lose-weight.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:50:51 AM
Script:/article/232/5-morning-habits-that-help-you-lose-weight.html