ඔබේ විවාහයට කලින් (හෝ පසුව පවා) මේ සෞඛ්‍ය පරීක්ෂාවන් නම් අනිවාර්යයෙන්ම කරන්න

August 26, 2020
2,920
Medical tests a woman should do
විවාහයෙන් පස්සේ ඔබ ශාරීරිකව, මානසිකව හා පරිසරමය වශයෙන් පවා බොහෝ වෙනස්කම් වලට භාජනය වෙනවා. ඒ වෙනස්කම් භුක්ති විඳීමට සහ ඔබට පැමිණෙන්න පුලුවන් කුඩා (හෝ විශාල) බාධක සමඟ සාර්ථකව කටයුතු කරන්නට නම් ඔබ කිසිම සෞඛ්‍ය ගැටලුවකින් පෙළෙන්නේ නැති බවට සහතික කර ගන්න ඕනේ. මොකද එතනින් පස්සේ ජීවිතයේ වෙන බොහෝ වෙනස්කම් සමඟ ඔබට සෞඛ්‍ය ගැටලුත් තිබ්බොත් ඒක ලොකු අපහසු වෙනවා. එහෙම නොවෙන්න නම් ඔබ ඔබේ සෞඛ්‍ය ඉතිහාසය සහ ඔබේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒක දැන ගැනීමට තියන හොඳම ක්‍රමය තමයි පූර්ණ සෞඛ්‍ය පරීක්ෂාවක් සිදු කර ගන්න එක. ඔබට නොදන්න කිසියම් ගැටළුවක් තියනවාද කියලා දැන ගැනීමට ඒක ඔබට උපකාරී වෙයි. ඊට පස්සේ ගැටලුවක් තිබුනොත් ඒවා විසඳා ගැනීමට ඔබට නිසි පියවර හෝ ඖෂධ ලබා ගන්නත් පුලුවන් වෙනවා.

ඒ සඳහා ඔබට කරන්න පුලුවන් පරීක්ෂණ ලැයිස්තුවක් ගැන අද අපි ඔබට කියන්නම්. මනාලියන් වෙන්න ඉන්න යුවතියන්ට විතරක් නෙමෙයි, විවිධ වයස් කාණ්ඩ වල ඉන්න කාන්තාවන් සඳහා ද මෙම පරීක්ෂණ නිර්දේශ කරන්න පුලුවන්. ඊට කලින් මුලින්ම ඔබ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න ඕනේ. සාමාන්‍ය වෛද්‍යවරයකු හෝ නාරිවේද විශේෂඥවරයෙකුට මෙම පරීක්ෂණ තේරුම් ගැනීමට සහ ඔබේ සෞඛ්‍යයට තත්ත්වයට අවශ්‍ය වෙනත් ඕනෑම දෙයක් ගැන ඔවුන් ඔබට කියලා දෙයි. එහෙනම් කියවන්න...

රුධිර ගණනය දැන ගැනීම සඳහා රුධිර පරීක්ෂණයක්: ඔබට රක්තහීනතාවය තිබෙනවා නම් මේ හරහා ඒක හඳුනා ගන්න පුලුවන්.

ඔබේ තයිරොයිඩ් හෝමෝන ආකෘතිය ගැන දැන ගැනීම සඳහා රුධිර පරීක්ෂණයක්: තයිරොයිඩ් ඔබේ සරු බවට බලපාන අතර ඔසප් චක්‍රයට, රුධිර ප්‍රවාහයට, බර අඩු වීමට හෝ වැඩි වීමට බලපානවා.

ඔබේ ලිපිඩ ආකෘතිය දැන ගැනීම සඳහා රුධිර පරීක්ෂණයක්: මේක ඔබේ කොලෙස්ටරෝල් මට්ටම හඳුනා ගැනීමට උපකාරී වෙනවා. කොලෙස්ටරෝල් වැඩිවීම කියන්නේ රුධිර පීඩනය හා හෘදයාබාධ සම්බන්ධ ගැටළු වලට කෙලින්ම සම්බන්ධ වෙන තත්ත්වයක්.

රුධිරයේ සීනි මට්ටම හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂණයක්: ඔබට දියවැඩියාව හෝ ඒකේ අවදානමක් තිබේද යන්න මෙයින් අනාවරණය කරගන්න පුලුවන්. මේ සඳහා රුධිර පරීක්ෂණ වර්ග දෙකම කරන්න. එහිදී ඔබට අදාළ පරීක්ෂණයට කලින් නිරාහාරව ඉන්න හෝ පරීක්ෂණයට පසුව ආහාර ගන්න කියයි.

තැලසීමියා පරීක්ෂාව සඳහා රුධිර පරීක්ෂණයක්: කෙනෙක්ට දෝෂ සහිත තැලසීමියා හිමොග්ලොබින් තිබෙනවාද කියලා සොයා ගන්නට මෙම පරීක්ෂණ උපකාරී වෙනවා. එය ඔබේ ශරීරයේ හිමොග්ලොබින් අඩු වීම සඳහා හේතුවක් වෙන්න පුලුවන්. ඔබේ අනාගතයේ ඉපදෙන දරුවාට ඔබේ වගේම ජානයක් තිබීම සඳහා සියයට 25 ක ඉඩක් තියනවා. ඒ නිසා ඔබ ගැබ් ගැනීමක් සැලසුම් කරනවා නම් මේ පරීක්ෂණය විවාහයට කලින් කරගන්න එක ඉතාම වැදගත් වෙනවා.

රුබෙල්ලා IgG හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂණයක්: ඔබට රුබෙල්ලා (ජර්මානු සරම්ප) ආසාදන සඳහා හොඳ ප්‍රතිශක්තිකරණයක් තිබෙනවාද නැද්ද යන්න හඳුනා ගැනීමට එය උපකාරී වෙනවා. විශේෂයෙන්ම ගර්භණී සමයේදී ගබ්සා වීමට පොදු හේතුවක් වන්නේ රුබෙල්ලායි.

Anti Mullerian Hormone (AMH) හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂණයක්: Anti Mullerian හෝමෝන කාන්තාවන්ගේ සරු බවට සම්බන්ධයි. කාන්තාවකට දරු පිළිසිඳ ගැනීම් කරන්න දුෂ්කර නම් හෝ විවිධ හේතු නිසා ගැබ් ගැනීම කල් දැමීමට සැලසුම් කරනවා නම් මෙම පරීක්ෂණය උපකාරී වෙනවා.

මැමෝග්‍රැෆි: මේක පියයුරු පිළිකා පරීක්ෂා කිරීමේ පරීක්ෂණයක්.

පැප් ස්මියර්: මෙම පරීක්ෂණය කරන්නේ ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීමටයි. ඒක අභ්‍යන්තර පරීක්ෂණයක් විදිහට ඔබේ ගර්භාෂයේ ගෙල (ගැබ්ගෙල) වටා සිදු කෙරෙනවා. මෙම පරීක්ෂණය පූර්ව පිළිකා සෛල හඳුනා ගැනීමට ද උපකාරී වන අතර එමඟින් ඔබට පිළිකා ආරම්භ වෙන්න තියනවා නම් ඊට කලින් ඒ සඳහා ප්‍රතිකාර කිරීම ආරම්භ කරන්න පුලුවන්. අවම වශයෙන් අවුරුදු තුනකට වරක් වත් මෙම පරීක්ෂණය කර ගන්න ඕනේ. මේ සඳහා වැඩිදුර උපදෙස් ඔබේ නාරිවේද වෛද්‍යවරයාගෙන් විමසන්න.

අස්ථි ඛනිජ ඝනත්වය (BMD) ස්කෑන් කිරීම: මේ හරහා ඔබට ඔස්ටියෝපෙනියාව සහ ඔස්ටියෝපොරෝසිස් තියනවා නම් හඳුනා ගන්න පුලුවන්. ඔබේ අස්ථි තුනී වීමට කලින් හඳුනා ගැනීමට එය උපකාරී වන අතර එමඟින් අස්ථි බිඳීම් වැළැක්වීම සඳහා ද ප්‍රතිකාර ආරම්භ කරන්න පුලුවන්.

ශ්‍රෝණි සොනෝග්‍රැෆි (USG): කාන්තා ඔබේ ලිංගික අවයව පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා ගන්නට මේ පරීක්ෂණය උපකාරී වෙනවා. ඔබේ ඩිම්බ කෝෂ වල ඕනෑම ඉදිමීමක් (ගෙඩියක්), ෆයිබ්‍රොයිඩ් හෝ ගර්භාෂයේ අභ්‍යන්තර සම ඝණීකරනය වීමක් තියනවා මේ හරහා ඒවා හඳුනා ගන්න පුලුවන්. ඩිම්බ කෝෂ කියන්නේ ගැඹුරු ශරීර ව්‍යුහයක් නිසා ඒවායේ මුල් ගැටළු තෝරාගෙන හඳුනාගන්න පුලුවන් වෙන්නේ මෙම සුවිශේෂී පරීක්ෂණයෙන් විතරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1799 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:03:26 PM
Script:/article/1799/medical-tests-a-woman-should-do.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:03:26 PM
Script:/article/1799/medical-tests-a-woman-should-do.html