ගැහැණු ළමයින්ගෙන් මේකප් කරන්නේ නැති කෙනෙක් හොයා ගන්නවා කියන්නේ හිරියට නිකන් කලූනික හොයනවාටත් වඩා අමාරු වැඩක්. ඔයා ඔෆිස් යනකොට, පාටියකට යනකොට එහෙමත් නැත්තම් නිවසෙන් එළියට යනකොට පොඩි මේකප් එකක් දාන්න අමතක කරන්නේ නෑ. ඉතිං මේ හැම වේලාවකම ඔයාට සැලෝන් එකකට යන්න බෑ. සැලෝන් එකකට යන එක ප්‍රායෝගික නෑ වගේම ඔයාගේ පොකට් එකකටත් හරි නෑ. ඉතිං මේ නිසා අද ගොඩක් දෙනෙක් ළඟ පුංචි හරි මේකප් බොක්ස් එකක් තියෙනවා. අද Hadakari තුළින් ඔයාගේ මේකප් බොක්ස් එකේ තිබිය යුතු දේවල් ගැන කතා කරන්න අපි තිරණය කළා. ඔයා මේ ලිපය පොඩ්ඩක් කියවලම බලන්නකෝ ඔයාගේ මේකප් බොක්ස් එකේ මේ දේවල් කියලා.
ක්ලෙන්සර් සහ ටෝනර්
ඔයාගේ මේකප් බොක්ස් එකේ තිබිය යුතු දේවල් අතරේ ක්ලෙන්සර් එකක් සහ ටෝනර් එකක් තිබීම ඉතාමත් වැදගත්. ඔයා දන්නවානේ ක්ලෙන්සර් එකකින් කරන්නේ ඔයාගේ මුහුණේ තියෙන කුණු දුහුවිලි ඉවත් කරලා මුහුණ පිරිසිදු කරන එක. ක්ලෙන්සර් කරනකොට ඔයාගේ මුහුණේ රෝම කූප විවිර වෙනවා කියලා ඔයා අනන්තවත් අහලා ඇති. ඉතිං මේ ඇරුණු රෝම කූප නැවත වැසීම කරන්නේ ටෝනර් එක මගින්. ඔයා ටෝනර් එකක් භාවිත නොකළොත් වෙන්නේ අර ඇරුණු රෝම කූල වලට ඉක්මනින් කුණු දුහුවිලි ඇතුල් වෙනවා. ඉතිං ඒ නිසා මේ දෙවර්ගයම ඔයාගේ මේකප් බොක්ස් එකේ තිබීම ඉතාමත් වැදගත්.
මොයිස්චරයිසර් ක්‍රීම් එකක්
ඔයා නිතරම වැඩ කරන්නේ ඌෂ්ණාධික එහෙමත් නැත්තම් වායු සමීකරණය කරන ලද පරිසරයක් තුළ නම් ඔයාගේ අත පය ඉක්මනින් වියළෙන්න බලනවා. ඉතිං මේවැනි අවස්ථාවක ඔයාගේ සමේ තෙතමනය පවත්වා ගන්න මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ඉතා වැදගත් වෙනවා. ඉතිං ඔයාගේ මේකප් බොක්ස් එකට මොයිස්චරයිසර් ක්‍රීරම් එකක් එකතු කර ගන්න අමතක කරන්න එපා.
ෆවුන්ඩේෂන් එකක්
මේකප් එකක පදනම වෙන්නේ මේකප් ෆවුන්ඩේෂන් එක කියලා ඔයා දන්නවානේ. ඉතිං ඔයාගේ මේකප් බොක්ස් එකේ ෆවුන්ඩේෂන් එකක් තිබීම ඉතා වැදගත්. ඔයාගේ සමට ගැළපෙන වර්ගයේ ෆවුන්ඩේෂන් එකක් හෝ දෙකක් තියා ගන්න එක ඉතාමත් වැදගත්. ඔයාගේ සමේ ස්වභාවය අනුව පවුඩර්, දියරමය හෝ ස්ටික්ස් වශයෙන් ෆවුන්ඩේෂන් එකක් භාවිත කරන්න පුළුවන්. වැදගත්ම දේ වෙන්නේ ඔයාගේ මුහුණේ ස්වභාවය. ඔයාගේ මුහුණේ කුරුළැ ලපකැලැල් වැඩිපුර තියෙනවා නම් ඔයාට ගැළපෙන ෆවුන්ඩේෂන් එකක් මිලදී ගන්න.
බ්ලෂ්
ඔයාගේ මේකප් බොක්ස් එකේ තිබිය යුතු තවත් වටිනාම දෙයක් තමයි බ්ලෂ් එක කියන්නේ. බ්ලෂ් කිරීමෙන් ඔයාගේ මේකප් එක තවත් ලස්සනට පේන පටන් ගන්නවා. මුහුණේ හැඩැය නිවැරදිව හදුනා ගනිමින් බ්ලෂ් කිරීම ඉතාමත් වැදගත්. ඉතිං ඔයාගේ මේකප් බොක්ස් එකට බ්ලෂ් එකක් එකතු කර ගන්න අමතක කරන්න එපා.
අයිබ්‍රෝ පෙන්සිල් එක
අපේ අයිබ්‍රෝ දිගින් අඩු නම්, ඝණට වැවිලා නැත්තම් අපි අයිබ්‍රෝ පෙන්සිල් එකකින් ටිකක් අයිබ්‍රෝ හැඩ වැඩ කර ගන්නවා. අයිබ්‍රෝ ඉතාමත් ලස්සනට නීට් කරලා පේනනන්න තමයි මෙය වැදගත් වෙන්නේ. ඉතිං අයිබ්‍රෝව් පෙන්සිල් එකක් ඔයාගේ මේකප් බොක්ස් එකේ තිබීම ඉතාමත් වැදගත්.
අයි ලයිනර් එක
අයි ලයිනර් එකකින් කරන්නේ ඔයාගේ ඇහ වටා වඩාත් පැහැදිළිව රේඛාවක් ඇද ගැනීමයි. මේ අයි ලයිනර් එකෙන් ඔයාගේ ඇස් වලට අමුතුම ආකාරයේ සුන්දරත්වයක් එකතු කරනවා. මෙය දියරමය හා පෙන්සිල් වශයෙන් ඔයාට මිලදි ගන්න පුළුවන්.
අයි ෂැඩෝ එක
ඔයාගේ ඇස්වල සුන්දරත්වය තවත් වැඩි කරලා පෙන්වන්න පුළුවන් අයි ෂැඩෝ එකකින්. ඇහැට උඩින් ගාන වර්ණකය තමයි අපි අයි ෂැඩෝ එක කියලා හඳුනාගන්නේ. ඔයාගේ ඇඳුමේ සහ ඔයාගේ සමේ වර්ණය අනුව ගළපමින් ඔයාට අයි ෂැඩෝ එකක් තෝරා ගන්න පුළුවන්. ඔයාගේ මේකප් බොක්ස් එකට අයි ෂැඩෝ එකක් එකතු කර ගන්න අමතක කරනන් එපා.
මස්කාර එක
මස්කාර එකකින් කරන්නේ ඔයාගේ ඇස් පිහාටු තවත් ලස්සන කරලා පෙන්වන එක. ඔයාගේ ඇස් පිහාටු දිග නොමැති කෙටි ස්වභාවයකින් යුතු නම් ඔයාට පුළුවන් මස්කාර එකකින් ඔයාගේ ඇස් පිහාටු නීට් කරලා පෙන්වන්න. එ නිසා මස්කාර එකක් ඔයාගේ මේකප් බොක්ස් එකේ තිබීම ඉතාම වැදගත්.
ලිප්ස්ටික්
ලිප්ස්ටික් කියන්නේ අද කාන්තාවක් සතුව තිබිය යුතු මේකප් විලාසිතාවක් කියලා ඔයා දන්නවානේ. ගොඩක් ගැහැණු ළමයි අනෙකුත් මේකප් වර්ග භාවිත නොකළත් ලිප්ස්ටික් ආලේප කරන්න නම් අමතක කරන්නේ නෑ. ඉතිං ඔයාගේ සමේ වර්ණයට හා ඇඳුම්වල වර්ණයට ගැළපෙන විදිහේ ලිප්ස්ටික් එකක් හෝ කිහිපයක් ඔයාගේ මේකප් බොක්ස් එකට එකතු කර ගන්න.