පෙම්වතාට පෙම්වතිය එපා වෙන මේ පුරුදු ඔයා ළඟත් තියෙනවද?

November 5, 2017
9,779
Are you making your lover tired of you?
ආදරේ වුණත් හැමදාමත් එකම විදිහට තියෙන්නේ නැහැනේ. පහු පහු වෙද්දී එක එක ප්‍රශ්න නිසා සම්බන්ධතාවයන් පළුදු වෙනවා. ආදරේ අඩු වෙනවා, හිත් අමනාපකම් ඇති වෙනවා. මේවා ආදරේට උරුම වුනු දේවල්නේ. හැබැයි තවත් සමහර තැන් තියෙනවා අපේ දුර්වලතා සහ වැරදි නිසා සහකරුට අපිව එපා වෙන සහ කළකිරෙන. බලන්න එහෙම වෙන්න හේතු වෙන මේ පුරුදු ඔයා ළඟත් තියෙනවද කියලා. තියෙනවා නම් ඒ දුර්වලතා අදම හදා ගන්න. අපේ දුර්වලතා නිසා ජීවිතේට නැතුවම බැරි ආදරේ අහිමි කර ගන්න ඕන නැහැනේ.

පොඩි දේටත් කේන්ති අරන් කෑ ගහන එක දැන් පුරුද්දක් කරගෙනද ?

සමහර අයට ඉතින් හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. පොඩි දේටත් කේන්ති ගන්නවා. පෙම්වතා විහිළුවක් කළත් අනවශ්‍ය විදියට තරහ ගන්නවා. ඒ වගේම ඒ ප්‍රශ්න එකපාරෙන් දෙපාරෙන් ඉවර කරන්නෙත් නැහැනේ. ඒකෙම එල්ලිලා තව තවත් රණ්ඩු කරනවා. මෙහෙම වුණාම පෙම්වතාට නෙවෙයි කාට උනත් ඔයාව එපා වෙනවා. හැම තිස්සෙම තරහ ගන්න එක නවත්තන. ඔයා කේන්ති ගන්නේ අවශ්‍ය දෙයකටද කියල හිතලා බලන්න. ඔයාව පාලනය කර ගන්න හැකියාව ඔයා තුල තිබිය යුතුයි.

අනවශ්‍ය නීති රීති

පිරිමි පාර්ශවය කියන්නේ ගොඩක් තමන්ගේ නිදහස හොයන පිරිසක්. එත් ගෑණු ළමයි එකට තහංචි දානවා. මේක ගොඩාක් ගෑණු ළමයි කරන ලොකු වැරද්දක්. ඕන දේටයි එපා දේටයි හැම දේටම නීති දාන්න යනවා. එයාගේ යාලුවෝ මුණ ගැහෙන්න, විනෝද ගමනක් යන්න, එයා කැමති දෙයක් කරන්න ගියහම ඔයා ඒවාට හරස් වෙන්න ගියොත් ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. එයාගේ ඉවසීම නැති වුණ දවසක එය එයාගේ නිදහස හොයන් යන්න ඉඩ තියෙනවා.

ගෑණු ළමයිත් එක එක වෙලාවට එක එක විදිහයිනේ

ගෑණු කවද්ද හිතේ තියෙන දේ කිව්වේ කියලා කතාවක් අහලා ඇතිනේ. හොඳට කතා බහ කරලා සතුටින් ඉන්න කෙනා හෙට වෙද්දී සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ වගේ ගතිගුණ තියෙන කාන්තාවන්ට පිරිමි අය කොහෙත්ම කැමැති නැහැ .කැමති වුණත් බොහෝම කෙටි කාලයක් තුළ ඔයාගේ ගතිගුණ තේරුම් ගත්තට පස්සේ ඔයාගෙන් ඈත් වෙන්න උනත් ඉඩ තියෙනවා. පෙම්වතා සම්බන්ධ හෝ වෙනත් මොනවා හරි ප්‍රශ්නයක් හිතේ තියෙනවා නම් ඒ ගැන හිතේ තියාගෙන ඉන්නේ නැතුව කෙලින්ම එයත් එක්ක ඒ ගැන කතා කරන්න. හිතේ තියන් හිටියා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ.

කට පරිස්සම් කර ගන්න බැරි කම

මේක නම් ඉතින් කාන්තාවන්ට කරන්නම බැරි දෙයක්නේ. සමහර වෙලාවට ඔයාත් නොකිය යුතු දේවල් යාලුවෝ හරි පිට අය එක්ක හරි කියවන්න යනවා ඇති. එත් ඒ හැම වෙලාවකම ඔයාලගේ පෞද්ගලික කාරණා ගැන අනිත් අය එක්ක කියන්න යන්න එපා. එහෙම වුණහම ඔයාගේ වගේම පෙම්වතාගේත් ආත්ම ගෞරවයට හානි වෙනවා. තව කෙනෙක් ඉස්සරහා ලජ්ජා වෙන්න කවුරු උනත් කැමති නැහැනේ.

ඕනවට වඩා හිතුවොතින් මොනවත්ම කරන්න බැහැ

පිරිමි පාර්ශවය හැම දෙයක් ගැනම සැහැල්ලුවෙන් හිතන්නේ. ඕනෑම දෙයක් ගැන ඕනවට වඩා හිත හිතා දුක් වෙන පිරිසක් නෙවෙයිනේ. ඉතින් එයාලත් කැමති සැහැල්ලුවෙන් ජීවිතේ දිහා බලන, සැහැල්ලුවෙන් වැඩ කරන සහකාරියකට. හැබැයි එහෙමයි කියල එයාල වගේ සැහැල්ලුවෙන් ඉන්න ඔයාට බැහැ. ඒක පිළිගන්නවා. එත් කිසිම දෙයක් ගැන අනවශ්‍ය විදියට හිතන්න යන්න එපා. එහෙම හිතන එකෙන් නැති ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නැහැ කියලා කතාවකුත් අහලා ඇතිනේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 496 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:39:58 AM
Script:/article/496/are-you-making-your-lover-tired-of-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:39:59 AM
Script:/article/496/are-you-making-your-lover-tired-of-you.html