දඹල කියන්නේ කරල්, කොල, මල්, ඇට කියන ඕනෑම ගසේ කොටසක් ආහාරයට, බෙහෙතට ගන්න පුළුවන් පැලෑටියක්. දඹල කරල් එළවළුවක් විදිහට පෝෂණ ගුණයන්ගෙන් පිරිලා. ප්‍රෝටීන්, විටමින්, ඛණිජ ලවණ වලින් අනූන දඹල වල විටමින් A බහුලයි. ඇත්තෙන්ම දඹල කියන්නේ පෝෂණය ලැබෙන සම්පූර්ණ මාත්‍රාවක්. ඒ වගේද රූපය ගැන සැලකිලිමත් වෙන කාටත් හොඳ ආහාරයක්. මෙන්න මේ වගේ වාසි ගොඩක් තමයි අපේ රූපයටයි, සෞඛ්‍යයටයි දඹල වලින් ලැබෙන්නේ.
01. අකලට වයසට යෑම වලක්වනවා
දඹල විටමින් C, A වලින් අනූනයි. විටමින් C, A කියන්නේ ප්‍රතිඔක්සිකාරක. ඉතින් දඹල වල අඩංගු මේ විටමින් වලින් අපිට වයස්ගත පෙනුමක් එකතු කරන සම රැළි වැටීම, සම එල්ලා වැටීම සහ සමේ මතුපිට දිස්වන වන තද ඉරි ඇති වීම වලක්වනවා.
02. සමේ ඇදෙන සුළු භාවය රැක දෙනවා
තරුණ පෙණුමැති සමක ප්‍රධාන ලක්ෂනයක් තමයි සම රබර් වගේ ඇදෙනසුළු වීම. ඉතින් දඹල කියන්නේ තරුණ සමක් හිමි කරගන්න කන්නම ඕන එළවළුවක්.
03. ඉතා අඩු කැලරි ප්‍රමාණයක් තිබීම
ළපටි දඹල කරල් ඉතාම අඩු කැලරි ප්‍රමාණයක් දරනවා. ළපටි දඹල 100g ක කැලරි අඩංගු වෙන්නේ 49ක් පමණයි. හැබැයි ඔයාට ඇඟ ටිකක් මහත් කරගන්න ඕනේ නම් මේරූ දඹල ඇට කන්න. මේරූ ද්ඹල ඇට 100g ක කැලරි 409ක් අඩංගුයි.
04. විටමින් C වලින් අණූනයි
විටමින් C බහුල නිසා අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රමවත් කරනවා. ඒ වගේම ලේ ගමන් ගන්නා නහර වල ඇදෙන සුළු බව ක්‍රමවත්ව පවත්වගෙන යන්න උදවු වෙන නිසා පිළිකා වැනි රෝග වලින් ආරක්ෂා කරනවා.
05. ඛනිජ ලවන, විටමින් ඇති තරම්
යකඩ, මැන්ගනීස්, තඹ, කැලසියම්, පොස්පරස්, මැග්නිසියම් කියන ඛනිජ ලවන වලින් අනූන දඹල වල විටමින් A යහමින් අඩංගුයි. ඒ කියන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහලයි. විටමින් B යහමින් අඩංගුයි. ඒ කියන්නේ ජවය, ක්‍රියාශීලී බව සහ ප්‍රභෝධමත් බව ශරීරය තුලින් ඇතිකරනවා. දඹල වල විටමින් E ද අඩංගුයි.
06. ෆෝලික් අම්ලය සහිතයි
ෆෝලික් අම්ලය කියන්නේ කාන්තාවන්ට ඉතා වැදගත් අම්ලයක්. හෝමෝන ක්‍රියාකාරීතවය නිසි ලෙස ගෙන යන්න ෆෝලික් අම්ලය අවශ්‍යයි. කුස තුල වැඩෙන දරුවාගේ මොලය වර්ධනයට විශේෂයෙන් ඝර්භණී කාන්තාවන් අනිවාර්යයෙන් අතිරේකයක් ලෙස ෆෝලික් අම්ලය ලබා ගත යුතුයි. ඉතින් විවාහ වෙන්න ඉන්න, මවක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවන් දඹල තමන්ගේ අහාර වේලට එකතු කරගන්න එක අනාගත්යේ තම දරුවන් වෙනුවෙන් ඔබේ හොඳ සූදානම් වීමක්.
07. ප්‍රෝරෝටීන් වලින් අනූනයි
දඹල ගැන කළ අධ්‍යන වලින් සොයාගෙන ඇත්තේ දඹල වල කිරි වලට සමාන ප්‍රෝටීන ප්‍රමාණයක් ඇති බවයි.
08. හිතකර මේද අඩංගුයි
සෑම මේදයක්ම අපේ සෞඛ්‍යයට හිතකර නෑ. ඒත් හිතකර මේද අපේ ශරීර පැවැත්මට හොඳ සෞඛ්‍යයකට ඉතාමත් වැදගත්. දඹල කියන්නේ හිතකර මේද මාලාවක් තියෙන එළවළුවක්.
09. කැල්සියම් ආකරයක්
දඹල වල කැල්සියම් සහ පොස්පරස් යහමින් අඩංගුයි. ශක්තිමත් අස්ථි, නිය, කෙස් හිමි කරගන්න දඹල ආහාර වේලට එක් කරගන්න අමතක කරන්න එපා.
10. සීනි වර්ග ගනනාවක්
සීනි ඇතැම් විට අපේ සෞඛ්‍යයට හිතකර නොවුනත් අපේ ශරීර ශක්තිමත්ව පවත්වාගෙන යන්න ප්‍රමානවත් ප්‍රමානයක් සීනි අවශ්‍යයි. ෆෘක්ටෝස්, ග්ලූකෝස්, ලැක්ටෝස්, සුක්‍රෝස්, ගැලැක්ටෝස් සහ මොල්ටෝස් කියන සම්පූර්ණ පරාසයකට විහිදුනු ශරීර පැවැත්මට උවමනා සීනි දඹල වල අඩංගුයි.
අවුරුද්ද පුරා ඵල දරන එළවළුවක් වන දඹල අපේ ශරීරයට අවශ්‍ය පෝෂන අවශ්‍යතා වගේම ලස්සන වෙන්නත් උදවු වෙන එළවළුවක්. ඉතින් මේ පහසුවෙන්ම සොයාගත හැකි, මිල අඩු, නිවසේ ගෙවත්තේ පහසුවෙන් වගා කල හැකි දඹල නිතර ආහාරයට එකතු කරගන්න අමතක කරන්න එපා.