හවසට තේ මේසෙට රසවත් මාලුමිරිස් බැදුමක්

January 31, 2017
23,849
Purawapu malu miris (Stuffed Capsicum) recipe
පිරවුම සදහා

මාලුමිරිස් කරල් 7ක්
අල 250g
රතුළූණු ගෙඩි 4ක්
ලුණු තේ හැදි 1ක්
මිරිස්කුඩු තේ හැදි 1ක්
කහ කුඩු තේ හැදි 1/4
තුනපහ කුඩු තේ හැදි 1ක්
අඹරා ගත් ඉගුරු තේ හැදි 1/2
අඹරා ගත් සුදු ළූණු තේ හැදි 1/2
සිහින්ව කපාගත් මිරිස් තේ හැදි 1/2
තෙල් බෝතල් 1/2

බැටර් එක සදහා

පිටි කෝප්ප 1ක්
හාල් පිටි මේස හැදි 2ක්
ලුණු තේ හැදි 1/2ක්
වතුර කෝප්ප 1/2
කහ කුඩු ස්වල්පයක්
බේකින් පවුඩර් තේ හැදි 1/2

මුලින්ම අල හොදින් සෝදා තම්බාගන්න. ඉන්පසු පොතු ඉවත් කර හොදින් පොඩි කරගන්න. එයට ලුණු, කහ, තුනපහ එකතු කර මිශ්‍ර කරගන්න. මීලගට සිහින්ව කපාගත් රත්ළූණු, අමු මිරිස්, ඉගුරු, සුදුළූණු දමා තෙම්පරාදු කරගන්න.

ඉන්පසු මාලුමිරිස් කරල් එක් පැත්තකින් දික් අතට වෙන් නොවන සේ පලා ගන්න (නැට්ට පැත්තේ සිට පහලට). ඒ සමගම ඇට ඉවත් කරගන්න.



දැන් බැටර් එක සාදාගන්න. පිටි, හාල් පිටි, කහ ස්වල්පයක්, බේකින් පවුඩර් එකතු කර හොදින් කලවම් කරන අතර වතුර ටිකෙන් ටික දමා උකුවට බැටර් එක සාදාගන්න.

දැන් මාලුමිරිස් කරල් වල පලාගත් තැනින් අල මිශ්‍රණය පුරවන්න. පසුව මාලුමිරිස් බැටර් එක තුල ගිල්වන්න(ඔබට අවශය නම් පාන් කුඩු හෝ බිස්කට් කුඩුවල තවරා ගන්න). දැන් එය ගැඹුරු තෙලේ රන්වන් පැහැවනතුරු බැදගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 27 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:12:28 AM
Script:/article/27/purawapu-malu-miris-stuffed-capsicum-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:12:28 AM
Script:/article/27/purawapu-malu-miris-stuffed-capsicum-recipe.html