දිගු කාලයක් ජීවත් වෙන්න ඕන නම් වැඩියෙන් ආදරය කරන්න

July 29, 2018
5,829
Love more if you want to live more
ආදරය කරන්න අකමැති කෙනෙක් මේ මිහිපිට නොමැති තරම්. නව යොවුන් වියේ ඉන්න අය වගේම හා හා පුරා කියලා යොවුන් වියට පා තබන්න බලාගෙන ඉන්න ඕනම කෙනෙක් ආදරය විදින්ට අකමැති වෙන්නේ නෑ. ආදරය කරන්න වයස ප්‍රශ්ණයක් නෑ කියලා ඔයා කතාවටත් අහලා ඇතිනේ. ආදරය කරන වගේම ආදරය කරපු, ආදරය කරන්න බලාගෙන ඉන්න ඔයත් දන්නවා ආදරය කියන්නේ සොදුරු දෙයක් කියලා. ආදරය හරිම සුන්දරයි කියලා අපි ඔයාට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. ආදරය ඔයාගේ මනස සතුටු කරනවා වගේම ඔයාව ජීවිත කාලය පුරාවට නිරෝගීව තියන්න උදව් වෙනවා. ඔයා හරියට ආදරය කළොත් ඔයාට ජීවිතේ වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන්. www.hadakari.lk අද ඔබට තිළිණ කරන මේ ලිපිය කියවලම බලන්නකෝ අපි එහෙම කියන්නේ ඇයි කියලා.

ඔයාගේ මානසික හා කායික වේදනාවට ඖෂධයක්

ඔයාට තියෙන සෑම මානසික වේදනාවක්ම කිසිම වියදමක් නැතුව සුවපත් කර ගන්න පුළුවන් ආදරය කළොත්. ආදරය කරනකොට ඔයාගේ මනසට සතුටක් වගේම සැහැල්ලූවක්, පහසුවක් දැනෙන්න පටන් ගන්නවා. ඔයා ආදරයෙන් කාලය ගත කරන හැම මොහොතකම ඔයාගේ සිරුරෙන් ඔක්සිටොක්සින් කියන රසායනික හෝමොනය නිපදවෙනවා. ඔබ දන්නවාද? මේ රසායනිකය ඔයාට නිතර නිතර පවතින හිසේ කැක්කුම වගේම සිරුරේ වේදනාවන් සමනය කරන්න උපකාරී වෙනවා. ආදරය කරන ඕනම යුවලක් ඉතිං කිස් කරන එක සමාන්‍යය දෙයක් නේ. ඉතිං ඔබ විසින් සිදු කරන මේ සෑම සිප වැලද ගැනීමකින්ම මේ ඔක්සිටොක්සින් රසායනය නිපද වෙනවා.

ඔය ආදරය කරන ගොඩක් දෙනෙක් ළග ඉතිං ඔහුගේ හෝ ඇයගේ ෆොටෝ එකක් අනිවාර්යෙන්ම තියෙනවානේ. ඉතිං දවසට කී සැරයක් නම් ඒ ෆෝටෝ දිහා ඔයා බලනවාද? ඔයා නොදන්නවා වුණාට ඔයා ඒ ෆොටෝ එක බලන සෑම අවස්ථාවකදීම ඔයාගේ ශරීරයේ වේදනාවන් අඩු වෙලා යනවා. ඒ කියන්නේ ඔයාගේ සහකරුවාගේ හෝ සහකාරීයගේ ජායාරූපය ඔයාට වේදනානාශකයක්.

රෝග රැසකට ප්‍රතිකාරයක්

ඔයාගේ සිරුරේ තියෙන රෝග රැසකට එරෙහිව සටන් කිරීමට ආදරය උපකාරී වෙනවා.
ආදරණීය හැසිරීම් ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරනවා. ඔයාට තියෙන බොහෝ රෝගවලට එරෙහිව ඔයාගේ ආදරය සටන් කරනවා. නිදන්ගත රෝග නිසා ඇති වන වේදනාව, අතරයිටීස් වගේම කෙණ්ඩා පෙරළීම නිසා ඇති වන වේදනාව කරන්න ආදරය සහ ලිංගික සබදතා උපකාරී වෙන බව නවතම පර්යේෂණ මගින් සොයාගෙන තියෙනවා. ඔයාට නිරෝගීව ඉන්න ඔන නම් ඉතිං දැන් ඔයා ඔයාගේ පෙම්වතාට පෙම්වතියට වැඩියෙන් ආදරය කරන්න.

ඔයාගේ හදවතට රැකවරණයක්

ඔයාගේ මනසට යම් පීඩනයක් සිදු වුණොත් එටින් හදවතටත් බලපෑමක් සිදු විය හැකියි. ඒත් ආදරය කළොත් ඔයාට ඒ අවධානම් තත්ත්යෙන් මිදෙන්න පුළුවන්. ආදරය කිරීමේදී ඔයාගේ සිරුරෙන් නිපදවෙන රසායනික මගින් මානසික පීඩාවන් දුරලනවා. ඒ වගේම රුධිර පීඩනය අඩු කරලා ආත්ම ශක්තිය වැඩි කරලා මානසික ආතතියට එරෙහිව සටන් කරනවා.

හොදට නිදා ගන්න පුළුවන්

ඔයාට නින්ද නොයෑමේ රෝගයක් පවති නම් එය සුවපත් කරන්න ඔයාගේ ආදරයට පුළුවන්. Oxytocin සහ Endorphin හෝමෝන වර්ග දෙක ඔබ ආදරය කරන විට ඔබේ සිරුර තුළ නිපදවෙනවා. මේ හෝමෝන වර්ග විසින් ඔබේ සිරුර ආතතියට පත් කිරීමට සමත් වෙන Cortisol හෝමෝනය නිපදවීම සීමා කරනවා. ඒ තුළින් ඔයාට ලැබෙන මානසික විවේකය නිසා හොදට නිදා ගන්න පුළුවන්.

අහිතකර ඇබ්බැහිවීම්වලින් ඔයාව මුදවා ගන්නවා

ශරීරයට අහිතකර මත්ද්‍රව්‍ය ගැනීම තුළින් ඔයාගේ සිරුරේ සතුට ඇති කරවන Dopamine හෝමෝන මට්ටමට බලපෑම් ඇති කරනවා. ආදරය කිරීමෙන් ඔයාගේ සිරුරේ ඇති කරවන Testoteron සහ Oxytocin හෝමෝන වර්ග නිපද වෙනවා. මේ හින්දා ඇබ්බැහිවීම්වලින් ඔබව ඉවත් කරන්න හේතු වෙනවා.

ඔයාට දිගු කල් ජීවත් වෙන්න පුළුවන්

ආදරය නිස ඔයාට දිගු කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ගොඩක් ආදරෙන් ඉන්න කොට රෝගාබාධ වලට ගොදුරු වෙන්නේ ඉතා අඩුවෙන්. ඒ කියන්නේ යහපත් කායික වගේම මානසික සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගන්න ඔයාට පුළුවන්. ඉතිං දැන් ඔයාට තියෙන්නේ ඇයට හෝ ඔහුට වැඩියෙන් ආදරය කරලා දෙන්නා එක්ක වැඩි කාලයක් ජීවත් වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 983 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:22:45 AM
Script:/article/983/love-more-if-you-want-to-live-more.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:22:45 AM
Script:/article/983/love-more-if-you-want-to-live-more.html