ඔයාගේ හමේ පාටට ගැළපෙන Lipstick එක තෝර ගන්නේ මෙහෙමයි

August 11, 2018
15,599
How to choose lipstick to match your skin
අද ගොඩක් යුවතියන් වගේම කාන්තාවන්ගේ විලාසිතාවන් අතර තොල් ආලේපනයන්ද එක්තරා ආකාරයක විලාසිතාවක්. මොකද මේකප් එකක් දැම්මත් නැතත් බොහෝ යුවතියන් ලිප්ස්ටික් එකක් භවිත කරන්න අමතක කරන්නේ නෑ. ඔයා මෙව්චරකල් ලිප්ස්ටික් එකක් පාවිච්චි කළාට ඔයාට හරියනම ලිප්ස්ටික් එක මිලදී ගන්න බැරි වෙන්න ඇති. ඔයා දන්නවාද? සෑම ලිප්ස්ටික් එකක්ම ඔයාගේ තොල්වලට එක විදිහට ගැළපෙන්නේ නෑ. එකිනෙකාගේ සම හා තොල්වල වර්ණය එකිනෙකට වෙනස්. ඔයා ඔයාට ගැළපෙන විදිහේ ලිප්ස්ටික් එක තෝරා ගත්තේ නැති වුණොත් ඔයතේ මුහුණේ තියෙන ලස්සනත් නැති වෙලා යන්න පුළුවන්. ඔයාගේ සමට ගැළපෙන ලිප්ස්ටික් එකක් ඔයා තොල්වල ආලේප කළාම ඔයාගේ මුහුණේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වෙලා පේන්න පටන් ගන්නවා. ලිප්ස්ටික් එකක් ආවට ගියාට ආලේප කරන්න බෑ කියලා ඔයාට කලින් ලිපියකදි කියලා දුන්නා මතක ඇති. අද Hadakari අපි ඔයාට කියලා දෙන්නේ ඔයාගේ තොල්වලට ගැළපෙනම ලිප්ස්ටික් එකක් ඔයා තෝරා ගන්නේ කොහොමද කියලා. ඔයා මේ ලිපිය කියවලා බලලා ඔයාට ගැළපෙන තොල් ආලේපනය මොකක්ද කියලා හරියටම දැන ගන්නකෝ.

ඔයාගේ තොල්වලට තොල් ආලේපනයක් තෝරා ගැනීමේදී සමේ වර්ණය සහ තොල්වල ස්වභාවය පිළිබදව සැළකිලිමත් වීම වැදගත්. මොකද ඔයාගේ සමේ වර්ණයට ගැළපෙන විදියේ ලිප්ස්ටික් එකකින් ඔයාගේ තොල් තවත් ලස්සනට පේන්න පටන් ගන්නවා විතරක් නෙමෙයි වඩාත් ආකාර්ශණීයයි.

ලා පැහැති සමතකට

ඔයාගේ සම අදුරු පැහැයක් නොමැති තරමක් පැහැපත් සමක් නම් රතු පාට සහ රෝස පැහැති ලිප්ස්ටික් එකක් තෝරා ගන්න. මෙම වර්ණ වලට පුළුවන් ඔයාගේ මුහුණේ දීප්තිමත් බව වැඩි කරලා පෙන්වන්න.

තළෙලූ පැහැති සමකට

ලංකාවේ ගොඩක් දෙනෙක්ට හිමි වර්ණය තමයි තළෙලූ වර්ණය. ඔයා තළෙලූ වර්ණය තියෙන කෙනෙක් නම් ඔයාගේ තොල්වල ආලේප කරන්න හොඳම ලිප්ස්ටික් වර්ණයන් වෙන්නේ දුඹුරු සහ රතු වර්ණය සහිත තොල් ආලේපන. නමුත් අද ගොඩක් තළෙලූ සහිත සමක් තියෙන අය රෝස පාට වර්ණය සහිත ලිප්සිටික් ආලේප කරනවා. එයින් ඔයාගේ මුහුණට එළියක් එකතු කරන්නේ අඩුවෙන්. තොල්වල පාට මුහුණේ සමේ පාටට ගැළපෙන්නේ නැති වුණාම ඔයාව අනිත් අයට ලස්සනට පේන්නේ නෑ.

තද පැහැති සමකට

ඔයාගේ සම තද පැහැති සමක් නම් ඔයාට ගැළපෙන්නේ තැඹිලි සහ රතු පැහැයට හුරු දුඹුරු වර්ණය සහිත තොල් ආලේපනයන්. මේ වර්ණයන් ඔයාගේ සමට මනාව ගැළපෙනවා විතරක් නෙමෙයි ඔයාගේ මුහුණට චාම් ලස්සනක් එකතු කරනවා.\

සාමාන්‍ය දීප්තිමත් සමකට

ඔයාගේ සම සමාන්‍ය දීප්තිමත් සමක් නම් රෝස හා දම් වර්ණයන් භාවිත කිරීම වඩාත් සුදුසුයි.

ඔයා ලිප්ස්ටික් එකක් මිලදි ගන්න කලින් ඔයාගේ සමේ වර්ණය ගැන සැළකිලිමත් වෙන්න. ලිප්ස්ටික් එකක් ටෙස්ට් කරලා ගන්න අමතක කරන්න එපා. ගොඩක් දෙනෙක් ලිප්ස්ටික් එක ටෙස්ට් කරන්න භාවිත කරන්නේ තමන්ගේ අත. මෙය ඉතාමත් වැරදි ක්‍රමයක්. ඔයා ලිපිස්ටික් එකෙන් පොඩ්ඩක් තොල්වල ආලේප කරලා බලන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ සමට හා තොල්වලට ගැළපෙන ලිප්ස්ටික් එක මොකක්ද කියලා හරියටම දැන ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1013 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:34:55 AM
Script:/article/1013/how-to-choose-lipstick-to-match-your-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:34:55 AM
Script:/article/1013/how-to-choose-lipstick-to-match-your-skin.html