ප්‍රවේශම් වන්න: අංශභාගය ඇති කරන මේ බීම වලින් ඈත් වෙන්න

October 14, 2019
9,365
Be aware : energy drinks are a reason for paralysis
සාමාන්‍යයෙන් උෂ්ණත්වය වැඩි දවස් වලට, එහෙමත් නැත්නම් එළි පහළියට ගියාම අව්ව වැඩි දවස් වලට තමයි ගොඩක් දෙනෙක්ට විවිධ වර්ගයේ සිසිල් බීම, ශක්තිජනක බීම පානය කිරීමේ උවමනාව ඇති වෙන්නේ. ඇත්තටම එහෙම වෙලාවට අපිට ඇඟට පණක් එනවාද? ඇයි නැත්තේ? ඒවා උෂ්ණත්වයට එරෙහිව සටන් කිරීමට සහ ශරීරය සිසිල්ව තබා ගැනීමට උපකාරී වෙනවා. ළමයින්ගේ සිට වැඩිහිටියන් දක්වා ශක්තිජනක බීම පානය කිරීම සඳහා සෑම කෙනෙකුම කැමතියි. නමුත් ශක්තිජනක බීම වල ඔබේ ශරීරයට හානියක් වන කැෆේන් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ ගැන අපි දැනුම්වත් වෙමු.

ශක්තිජනක බීම පානය කරන අයට මොළයේ රක්තපාතය හා ආඝාතය ඇතිවීමේ ඉඩකඩ වැඩියි කියලා දැන ගැනීම ඔබ පුදුමයට පත්කරවයි. මේ ආකාරයෙන් ශක්තිජනක පානයන් සහ එහි අමුද්‍රව්‍ය‍ අධිකව පරිභෝජනය කිරීම ඔබේ සෞඛ්‍යයට සුදුසු වෙන්නේ නෑ.

ආඝාතයට ඉඩ වැඩියි

සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන අංශභාගය නැත්නම් ආඝාතය සඳහා ප්‍රධාන හේතුවක් තමයි මේ ශක්තිජනක පාන වර්ග. ඔබ හෝ ඔබේ දරුවා දිනපතා ශක්තිජනක පානයක පානය කරනවා නම් එයින් හෘද ස්පන්දනය අක්‍රමවත් වන අතර එය ආඝාතය ඇතිවීමේ අවදානම 5 ගුණයකින් වැඩි කරයි. බ්‍රිතාන්‍ය හෘද පදනම මෑතකදී හෙළි කළේ ආඝාත රෝගීන්ගේ සංඛ්‍යාව වසරින් වසර වැඩි වන බවයි. ශක්තිජනක පාන වල නිහඬ ඝාතකයෙක් සැඟවිලා ඉන්නවා කියලා බොහෝ අය දන්නේ නෑ. ශක්තිජනක පානයෙහි අඩංගු මූලද්‍රව්‍ය නිහඬ ඝාතකයෙක් ලෙස ක්‍රියා කරන අතර එය ආඝාතයට ප්‍රධාන හේතුවක් බවටත් පත්වෙමින් තිබෙනවා.

ශක්තිජනක පාන වල අඩංගු හානිකර අමුද්‍රව්‍ය :

කැෆේන්

ශක්තිජනක පාන වල කැෆේන් අඩංගුයි. එයින් ආඝාතය ඇති කළ හැකියි. ඇත්ත වශයෙන්ම කැෆේන් ඔබේ නින්ද ඈත් කිරීමටත් බලපානවා. හෘද ස්පන්දන වේගය වැඩි කරයි. කෙසේ වෙතත් කැෆේන් වල මෙම බලපෑම සමහර අයට ප්‍රයෝජනවත් වෙනවා.
නමුත් පුළුල් විදිහට බලනකොට කැෆේන් අධික ලෙස පානය කිරීම ඍණාත්මක බලපෑම් රාශියක් ඇති කරවන අතර එයින් බොහෝ බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකියි.

ග්ලූකෝස්

ග්ලූකෝස් සහ අනෙකුත් ශක්තිජනක පාන වල කාබෝහයිඩ්‍රේට් ඉහළ ප්‍රමාණයක් අඩංගුයි. අපේ ශරීරයට ශක්තිය අවශ්‍ය වුනාම ඒවා ශක්තිය ලෙස භාවිතා කරන්න පටන් ගන්නවා. ශරීරයට ශක්තිය ප්‍රයෝජනවත් වුණත් ශක්තිජනක පාන වල අඩංගු
අධික ග්ලූකෝස් මඟින් රුධිරයේ සීනි වැඩි වීම (සාමාන්‍යයෙන් දියවැඩියාවට සම්බන්ධ), තරබාරුකම, ස්නායු භාවය වැනි දරුණු ගැටළු ඇති කරවන්න පා‍ර කපනවා.

කෙසේ වෙතත් සියලු වර්ගවල ශක්තිජනක පාන වල තත්ත්වය මේ විදිහට එක හා සමානද යන්න තවමත් සොයාගෙන නෑ. මේ සම්බන්ධයෙන් තවමත් තොරතුරු රැස් කෙරෙනවා. එසේ තිබියදීත් බොහෝ ශක්තිජනක පාන වල කැෆේන්, ග්ලූකෝස්, විටමින්,
ඛනිජ වැනි සමාන මූලද්‍රව්‍ය ඇති බව සොයාගෙන තිබෙනවා. මේ සමඟම ශක්තිජනක පාන වලට විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය භාවිතා වෙනවා.

නමුත් ශක්තිජනක පානය සෞඛ්‍යයට සුදුසු ද නැද්ද යන ප්‍රශ්නය තවමත් පවතිනවා. ප්‍රවීණයන් විශ්වාස කරන්නේ දීර්ඝ කාලීන ව්‍යාපාරික ඉතිහාසයක් සහිත ආයතන වල සන්නාමගත ශක්තිජනක පාන නම් ආරක්ෂිත විය හැකි බවයි. කෙසේසේ නමුත් ඔබ
බුද්ධිමත් නම් ශක්තිජනක පාන පරිභෝජනය කළ යුත්තේ සීමා සහිත පාලනයක් ඇතුවයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1419 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:36:09 AM
Script:/article/1419/be-aware-energy-drinks-are-a-reason-for-paralysis.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:36:09 AM
Script:/article/1419/be-aware-energy-drinks-are-a-reason-for-paralysis.html