ලැජ්ජා නොවී අනිවාර්යෙන්ම ඔබ පෙම්වතාගෙන් ඇසිය යුතු ප්‍රශ්න

May 22, 2017
29,958
6 Questions to ask your boyfriend to feel closer
ආදරය සුන්දර එකක් වෙන්න නම් ඔබ දෙදෙනා අතරේම හොද අවබෝධයක් තිබිය යුතුයි. ඔබ ඔහු ගැනත් ඔහු ඔබ ගැනත් දන්නා කියන දේවල් වඩාත් වැදගත් වෙනවා ඔබ දෙදෙනාගේ සබදතාවය ශක්තිමත් වෙන්න. අපි කවුරුත් කැමති ජීවිතේ ප්‍රශ්ණ අඩුවෙන් ගත කරන්න. මේ නිසා තරුණියක් ලෙස ඔබ මේ ප්‍රශ්න පෙම්වතාගෙන් ඇසීම ඉතා වැදගත්. මොකද ඔහු මේ ප්‍රශ්න වලට ලබාදෙන පිළිතුරු වලට අනුව ඔබට පුළුවන් ඔහුව වඩාත් හොදින් තේරුම් ගන්න.

1. ඔයාට කෙනෙක්ට කවදාවත් සමාව දෙන්න බැරි වැරදි තියෙනවද ?

මේ ප්‍රශ්නය ඔහුගෙන් ඇසීමෙන් ඔබට පුළුවන් ඔහුගේ විශ්වාසයන්, සිතුවිලි වගේම ඔහුගේ අතීතය ගැනත් දැන ගන්න. ඔහු ලබාදෙන පිළිතුර අනුව ඔබට පුළුවන් ඔහු මොන වගේ කෙනෙක්ද කියලා හොදින් අවබෝධ කරගන්න. ඔහු පැවසුවොත් ඔහුට වංචාවක් සිදු කල කෙනෙක්ට ඔහුට කවදාවත් සමාවක් ලබාදෙන්න බැහැ කියලා මේ තුලින් ඇතැම් විට කියවෙන්නේ ඔහු ජීවිතයේ යම් අවස්ථාවක වංචාවකට හසුවී ඇති බව විය හැකියි. ඔහු මේ ප්‍රශ්නයට ඔබට අවංකවම පිළිතුරක් ලබා දුන්නොත් ඔබට පුළුවන් ඔහු ගැන හොදින්ම දැනගන්න.

2. ඔයාගේ ජීවිතේ සතුටුම කාලය මොකක්ද?

මේ ප්‍රශ්ණය ඔහුගෙන් ඇසීමෙන් ඔබට දැනගන්න පුළුවන් ඔහුගේ සතුටට හේතුවෙන දේවල් ගැන වගේම ඔහුව දුකට පත් කරන දේවල් ගැන. ඒ වගේම ඔහු කැමති අකමැති දේවල් පිළිබදව ඔබට හොදින් දැනගන්න පුළුවන්. මේ නිසා ඔබට පුළුවන් ඔහුව හැමදාමත් සතුටින් තියන්න.

3. ජීවිතයේ හොදම දවස ගත කරන්න කැමති කොහොමද?

මෙහිදී ඔහු ඔබට කිවුවොත් ඔහු කැමති ඒ දවස ඔබත් සමග ගත කරන්න කියලා ඔබ ඒ පිළිතුරෙන් සෑහීමකට පත්වීම නම් සුදුසු නැහැ. මොකද මේ කාරණාව සමහර විට ඔහු ඔබව සතුටට පත් කරන්න කියන දෙයක් විය හැකියි. මේ නිසා ඔහුගෙන් හොද පිළිතුරක් ලබාගන්න එවිට ඔබට පුළුවන් ඔහු කැමති අකමැති දේවල් හොදින් දැන ගන්න.

4. ඔයාගේ පොඩි කාලේ මොන වගේද ?

මෙය ඔබට ලැබෙන තවත් හොද අවස්ථාවක් ඔහු ගැන හොදින්ම දැනගන්න. මොකද ඔබ ඔහුගේ අතීතය ගැන හොදින් දැන ගැනීම නිසා ඔබට පුළුවන් ඔහුට තව තවත් ලං වෙන්න. ඒ වගේම ඔබට හොදින්ම දැනගන්න පුළුවන් ඔහු අද ඉන්න තැනට ආවේ කොහොමද කියලා.

5. ඔයාට විශාල මුදල් ප්‍රමාණයක් තෑග්ගක් විදිහට ලැබුනොත් මොකද කරන්නේ

මේ වගේ ප්‍රශ්නයක් ඇසීමෙන් ඔබට පුළුවන් දැනගන්න ඔහුගේ ජීවිතයේ තියෙන සිහින වගේම ඔහුගේ බලාපොරොත්තු ගැනත්. ඒ වගේම ඔබට දැනගන්න පුළුවන් ඔහු කෙතරම් දුරට කල්පනාකාරීව වැඩ කටයුතු කරන කෙනෙක්ද කියලා.

6. ජිවිතේ නැවත කවදාවත් නොකරන දෙයක් තියෙනවද?

මේ ප්‍රශ්නයෙන් ඔබට දැනගන්න පුළුවන් ඔහුගේ අතීත ජීවිතයේදී ඔහු අතින් වැරදීම් සිදුවුන අවස්ථාවන් ගැන සහ ඔහු අතින් සිදුවුණ වැරදි ගැන ඔහු සිතන ආකාරය පිලිබදව. මෙය ඔබට ඔහුගේ වැරදි අඩුපාඩු ගැන දැනගන්න පුළුවන් ප්‍රශ්නයක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 285 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:44:38 AM
Script:/article/285/6-questions-to-ask-your-boyfriend-to-feel-closer.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:44:38 AM
Script:/article/285/6-questions-to-ask-your-boyfriend-to-feel-closer.html