සතුටින් ඉන්න කැමති නම් මේ දේවල් විශ්වාස කරන එක අදම නතර කරන්න

June 20, 2017
13,103
How To Be Happy: 6 Things Happy People Don't Believe
අපේ ජීවිත වල අපිට තියෙන වටිනම දේ තමයි සතුට කියන්නේ. ඒත් කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඔබ ඇත්තටම ජීවත් වෙන්නේ සතුටින්ද කියලා ඔබට කල්පනා කරන්නේ නැතුව එක පාරටම කියන්න පුලුවන්ද ඔවු කියලා. සමහර විට ඔබට එක පාරටම උත්තරයක් දෙන්න බැරි වේවි. මොකද වෙලාවකට අපේ ජීවිත වල සතුට හොයාගන්නවා කියන්නේ අමාරු වැඩක්.

කවදාවත් ඔබ හිතල තියෙනවද ඇයි අපිට ඇත්තටම සතුටින් ඉන්න බැරි කියලා? ඇත්තටම අපි ළඟ තියෙන සමහර වැරදි පුරුදු වගේම වැරදි විස්වාසයන් හින්දා තමයි අපිට සතුටින් ඉන්න බැරි වෙලා තියෙන්නේ. ඔබටත් මේ දේවල් විශ්වාස කරන එක නතර කරන්න පුළුවන් නම් සතුටින් ඉන්නවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි.

1. හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන් බව

මේ විදිහට හිතන්න ගියොත් නම් ඔබට සතුටින් ඉන්න එක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද ඇත්තටම අපිට බෑ හැම දෙයක්ම අපිට ඕනේ විදිහට පාලනය කරන්න. අපිට මොන වෙලාවේ මොන විදිහේ දෙයක් වෙයිද කියලා හරියටම කියන්න බැහැ. ඒ නිසා හැම දෙයක්ම ඔබට අවශ්‍ය විදිහට කරගන්න පුළුවන් කියලා විස්වාස කරගෙන හිටියොත් ඒ දේවල් ඒ විදිහට උනේ නැති නම් නැති වෙන්නේ ඔබේ සතුටමයි.

2. හැම කෙනෙක්ම තමන්ට අකමැති යැයි සිතීම

කිසිම අවස්ථාවක හිතන්න එපා අනිත් අය තමන් ගැන හිතන විදිහ ගැන. ඔබට ඒ ගැන දැන ගන්න අවශ්‍ය නම් ඒ දේවල් ගැන දැන ගන්න. නමුත් කිසිම අවස්ථාවක ඒ දේවල් හිතට ගන්න එපා. මොකද හැම කෙනෙක්ම ඔබ ගැන හිතන්නේ එකම විදිහට නෙවෙයි. මේ නිසා අනිත් අය හිතන දේවල් ගැන කල්පනා කර කර ඉන්නේ නැතුව සතුටින් ඉන්න.

3. පුංචි පුංචි දේවල් ගැන වද වෙන එක

ඕනෑම කෙනෙක්ගේ ජීවිතයේ හොද දේවල් වගේම නරක දේවලුත් සිදුවෙන්න පුළුවන්. මේ නිසා අපේ ජීවිත වල සිදුවෙන නරක දේවල් ගැන අපි ඕනෑවට වඩා කල්පනා කරනවා නම් කරදර වෙනවා නම් සතුටින් ඉන්නවා කියන එක අපිට ඇත්තටම කරන්න අමාරු දෙයක්. මේ නිසා ජීවිතයේ සිදුවෙන පොඩි පොඩි දේවල් ගැන වද වෙන එක නතර කරන්න. ඔබට ඇත්තටම සතුටින් ඉන්න පුළුවන්.

4. අතීතය මතක තියාගන්න අවශ්‍ය බව

සතුටින් ඉන්න අවශ්‍ය නම් කිසිම අවස්ථාවක අතීතය ගැන කල්පනා කර කර ඉන්න එපා. මොකද අතීතය කියන්නේ ගෙවිලා ඉවර උන දෙයක් ඔබ ඇත්තටම ජීවත් වෙන්න ඕනේ වර්තමානයේ. එහෙම නැතුව ඔබ අතීතයේ සිද්ද උන දේවල් ගැන හිත හිත ජීවත් වෙන කෙනෙක් නම් ඔබට කවදාවත්ම බැහැ සතුටින් ඉන්න.

5. යමක් කරන්න නිතරම අනෙක් අයගේ අවසරය අවශ්‍ය බව

අපි අනෙක් අයගේ අවසරය අරගෙන කරන්න ඕනේ දේවල් වගේම කරන්න අවශ්‍ය නැති දේවලුත් තියෙනවා. මේ දේවල් තෝරා බේරා ගන්නේ නැතුව හැම දෙයකටම අනෙක් අයගේ අවසරය බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබ, ඔබට ඔබේ සතුට වෙනුවෙන් යමක් කරන්න අපහසු වෙනවා. මේ නිසා නිතරම අනෙක් අයගේ තීරණ මත ඉන්නේ නැතිව තනිව තීරණ ගන්න පුරුදු වෙන්න.

6. වැඩ සහ මුදල් ජීවිතයේ වැදගත්ම දේවල් බව

අපි මුදල් උපයන්න නම් වැඩ කරන්න ඕනේ. නමුත් වැඩ සහ මුදල් කියන්නේ ජීවිතයේ තියෙන වැදගත්ම දේවල් නෙවෙයි. මේ නිසා ජිවිතයේ අනෙක් දේවල් එක්ක මේ දේවල් දෙකත් සමබර කරගන්න. ඔබේ අවශ්‍යතා වගේම පවුලේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැය කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 320 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:57 AM
Script:/article/320/how-to-be-happy-6-things-happy-people-dont-believe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:58 AM
Script:/article/320/how-to-be-happy-6-things-happy-people-dont-believe.html