කොණ්ඩය කාන්තාවකගේ ජිවිතයේ වැදගත්ම දෙයක් වෙන්නේ මේ නිසයි

July 27, 2017
8,931
Tips for healthy long hair
ලස්සන කාන්තාවක් දෙස බලන ඕනෑම කෙනෙක් ඊළගට බලන්නේ ඇයගේ කොණ්ඩය දිහා. මොකද කාන්තාවකගේ ලස්සන පෙනුමට හේතුවෙන මුලිකම දෙයක් තමයි ඇයගේ කොණ්ඩය කියන්නේ. අපි වැඩිය හිතන්නේ නැති උනාට කෙනෙක්ගේ චරිතය ගැන බොහෝ දේවල් ඒ කෙනාගේ කොණ්ඩයෙන් කියවෙනවා. මේ නිසාම තමයි බහුතරයක් කාන්තාවන් වැඩි අවධානයක් දක්වන්නේ ඔවුන්ගේ කොණ්ඩය පිළිබදව. ඔවුන් නිතරම උත්සහ කරන්නේ කොණ්ඩයට විවිධ විලාසිතා කිරීම මගින් ඔවුන්ගේ ලස්සන වගේම පෞර්ෂත්වයත් ඉහළ නංවා ගන්න. මේ නිසා අද අපි ඔබට කියන්නේ කොණ්ඩය කාන්තාවකගේ ජීවිතයේ වැදගත්ම දෙයක් වෙන්නේ කොහොමද කියලා.

1. ඔබේ ලස්සන වැඩි කරනවා

කාන්තාවකගේ ලස්සනට බලපාන එකම දෙය කොණ්ඩය විතරක් නොවෙයි. නමුත් කොණ්ඩය මගින් ඇයගේ ලස්සනට ලැබෙන්නේ විශාල පිටිවහලක්. අපි කරන විවිධ කොණ්ඩ විලාසිතා වලින් අපිට පුළුවන් අපේ ලස්සන වැඩි කර ගන්න. හැබැයි ඉතින් මේ විදිහට විලාසිතා කරන්න නම් අපිට නිරෝගී කෙස් කළඹක් තියෙන්න ඕනේ. මොකද ඝනකමට දිගට තියෙන කොන්ඩයකට පහසුවෙන් වගේම ඉක්මණින් ලස්සනට ඕනෑම විලාසිතාවක් කරගන්න පුළුවන්.

2. කොණ්ඩය මගින් ඔබේ වැදගත්කම ප්‍රකාශ කරනවා

හිතන්න ඔබ ඔබේ තත්වයට ගැළපෙන ලෙස ඇදුමක් අදිනවා කියලා. නමුත් ඔබේ කොන්ඩ විලාසිතාව එයට ගැළපෙන්නේ නැතිනම් ඔබට අවශ්‍ය වැදගත් පෙනුම ඔබට ලැබෙන්නේ නැහැ. මේ නිසා අපි කරන කොන්ඩ විලාසිතාව අනිවාර්යෙන්ම අපට ගැළපෙන එකක් විය යුතුයි. සමහර අවස්ථාවන් වල සමහර කාන්තාවන් කරන කොන්ඩ විලාසිතාවන් ඔවුන්ට කිසිම විදිහකින් ගැලපෙන්නේ නැහැ. මොකද ඔවුන් මුදල් වියදම් කරලා කොන්ඩ විලාසිතා කර ගත්තත් ඔවුන්ගේ කොණ්ඩය නිරෝගී නොමැති වීම නිසා බලාපොරොත්තු වෙන පෙනුම ඔවුන්ට ලැබෙන්නේ නැහැ. මේ නිසා කාන්තාවන් වැඩි උනන්දුවක් දැක්විය යුතුයි නිරෝගී කොණ්ඩයක් හිමිකර ගන්න.

3. ඔබට හොද ආත්ම ශක්තියක් ලබාදෙනවා

ඔබේ ඇදුම් පැළදුම් වගේම කොණ්ඩයත් ඔබට ගැළපෙන ලෙස තිබෙනවා නම් ඔබට ඕනෑම තැනකදී වැඩි ආත්ම විස්වාසයකින් කටයුතු කරන්න පුළුවන්. මොකද ඔබ දන්නවා කිසිම කෙනෙක්ට දෙවැනි නොවෙන ලෙස ඔබ ලස්සනටත් ප්‍රියමනාපවත් සිටින බව. මේ නිසා ඔබ නිරෝගී කොණ්ඩයක් හිමිකර ගන්නවා කියන්නේ ඔබට ඕනෑම තැනකදී වැඩි ආත්ම විස්වාසයකින් කටයුතු කරන්න පුළුවන් වෙනවා.

4. ඔබේ මුහුණේ හැඩ හුරුකම් හොදින් විදහා දක්වනවා

ඔබේ මුහුණට ගැළපෙන විලාසිතාව වගේම පාට තෝරා ගැනීම මගින් ඔබට පුළුවන් ඔබේ මුහුණේ ලස්සන හොදින් විදහා දක්වන්න. පිරිපුන් කොණ්ඩයක් හිමිවෙන කාන්තාවගේ මුහුණට ලැබෙන්නෙත් පිරිපුන් පෙනුමක්. මේ නිසා කාන්තාවන් වැඩි උනන්දුවක් දක්වනවා දිගු පිරිපුන් කොණ්ඩයක් හිමිකර ගන්න. ඔබේ මුහුණේ ලස්සන තව වැඩි කරන පිරිපුන් කොණ්ඩයක් උරුම කර ගන්න ඔබට භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි sunsilk Lusciously Thick & Long Shampoo කියන්නේ. මොකද එහි අඩංගු වෙන keratin yogurt මගින් ඔබේ කොණ්ඩයට දෙගුණයක් පිරිපුන් බවක් ලබාදෙනවා.

5. ඔබට නොගැලපෙන කොණ්ඩ විලාසිතාවන් ඔබ හිතනවාටත් වඩා හානියක් ඔබට සිදු කරනවා

හිතන්න ඔබේ කොණ්ඩය නිරෝගී නැති නිසා ඔබ කරන කොණ්ඩ විලාසිතා වලින් ඔබට ගැලපෙන පෙනුමක් ලැබෙන්නේ නැහැ කියා. මේ නිසා ඔබට සිදු වෙනවා බොහෝ අවස්ථාවන් වලදී අපහසුතාවයට පත් වෙන්න. මොකද අනෙක් කාන්තාවන් නිතරම උත්සහ කරන්නේ ඔබේ කොණ්ඩය ගැන කතාබහ කරන්න. මේ නිසා ඔබේ ප්‍රතිරූපයට සිදුවෙන්නේ විශාල හානියක්.

6. ඔබ ඔබේ පෙනුම ගැන සැළකිලිමත් වෙන බව හොදින් පෙන්නුම් කරනවා

ඔබේ කොණ්ඩය නිරෝගී නැති නම් ඔබට බැහැ ඔබ කැමති කොණ්ඩ විලාසිතාවන් කරන්න. මේ නිසා ඔබේ කොණ්ඩය නිරෝගී පිරිපුන් දිගු එකක් නම් එයින් අදහස් වෙන්නේ ඔබ කොණ්ඩය ගැන වැඩි අවධානයක් දක්වන කෙනෙක් බවයි. මේ නිසා ඔබේ නිරෝගී කොණ්ඩය ඔබේ සැළකිලිමත් කම ගැන බොහෝ දේවල් ප්‍රකාශ කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 360 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:25 AM
Script:/article/360/tips-for-healthy-long-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:25 AM
Script:/article/360/tips-for-healthy-long-hair.html