කරන කරන හැම දේම වරදිනවද? එහෙනම් අදින් පස්සේ මේ විදියට වැඩ කරලා බලන්න

June 4, 2018
4,566
Every thing going wrong? Read this to turn them right
තීන්දු තීරණ ගන්න එක ඉතින් අපි හැමෝම විවිධ විවිධ අවස්ථාවල කරනවා. ඒත් ඒ දේවල් අසාර්ථක වෙන වෙලාවල් නැතුවම නෙවෙයි. ඒ වගේම තවත් සමහර අය කරන කියන හැම දේම අසාර්ථක වෙනවා. අවස්තාව අනුව නිවැරදි හා සුදුසුම තීරණ නොගැනීම ඒකට ප්‍රධානම හේතුවක් වෙන්න පුළුවන්.

හැබැයි ජිවිතේ වැදගත් දේවල් ගැන තීරණ ගනිද්දී නම් ආවට ගියාට කරන එක නම් එච්චර හොඳ නැහැ. මොකද අපි ගන්න එක වැරදි තීරණයක් නිසා අපේ මුළු ජිවිතයම අවුල් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ වැදගත් තීරණ ගනිද්දී ඔයා මොන වගේ දේවල් ගැනද වැඩි පුර හිතල බලන්න ඕන සහ කොහොමද හරිම වෙලාවට හරිම තීරණේ ගන්නේ කියන එක ගැන තමයි මේ කියන්නේ.

1. හැඟීම්බරව ඉන්න අවස්ථා වල තීරණ ගන්න එපා

මේ වගේ වෙලාවල් වලදී අපි ගන්න තීරණ ගොඩාක් වෙලාවට වරදින්න පුලුවන්. ඒ නිසා දුකෙන්, තරහින්, වේදනාවෙන්, සහ සතුටින් හිත පිනා ගිහින් ඉන්න වෙලාවට බරපතල කාරණා සම්බන්ධයෙන් තීරණ ගන්න එක එච්චර ඇඟට ගුණ නැහැ.

2. තීරණ ගනිද්දී බුද්ධියට ඉඩ දෙන්න

කලින් කිව්ව දේ අනිත් පැත්ත තමයි මේ. මොන දේ සම්බන්ධයෙන් තීරණ ගත්තත් ඒ හැම වෙලාවකදීම බුද්ධියට ඉඩ දෙන්න. හදවතින් ගන්න තීරණ වලට වඩා බුද්ධියට මුල් තැන දීලා ගන්න තීරණ නිවැරදියි.

3. වගකීම් ගන්න

තීරණ ගන්නවා වගේම ඒ සම්බන්ධව වගකීම ගන්න එකත් ඔයාට කරන්න පුළුවන් වෙන්න ඕන. තනි තීරණ අරගෙන ඒවා වැරදුනාම වෙන අය පිට පටවන නම් එච්චර හොඳ ලක්ෂණයක් නෙවෙයි. තීරණ ගනිද්දී වගේම ඊට පස්සේ ඇති වෙන තත්ත්වයන්ට මුහුණ දෙන්නත් වගකීම් භාර ගන්නත් ඔයා තුල ආත්ම ශක්තිය ඇති කර ගන්න.

4. ගත්ත තීරණ වරින් වර වෙනස් කරන්න යන්න එපා

මේක අපේ ගොඩක් දෙනෙක් කරන දෙයක්. සාමන්‍ය ජීවිතේදී අපි ගන්න යම් යම් තීරණ වැරදියි කියලා අපිට දැනුනොත් අපි ඒවා වෙනස් කරනවා. ඒත් ඒක හොඳ දෙයක් නෙවෙයි. හොඳට හිතල බලලා කෙලින් තීරණයක් ගන්නවා වගේම ඒ මතම ඉන්න එක ගොඩක් වැදගත්. මොකද එහෙම ඕන ඕන වෙලාවට වෙනස් කරන්න බැරි අවස්ථා සම්බන්ධයෙන් තීරණ ගනිද්දී ඔයාට මේ කිව්ව දේ ගොඩාක් වැදගත් වෙයි.

5. තීරණ ගනිද්දී අනාගතය ගැන හොඳින් හිතන්න

ඔයාගේ අනාගතය අඳුරේ දාන්න හේතු වෙන තීරණ කිසිම් වෙලාවක අර ගන්න එපා. යමක් කරන්න කලින් දෙපාරක් හිතන්න කියනවනේ. ඒත් ඔයාගේ අනාගතය ගැන තීරණ ගනිද්දී දෙපාරක් නෙවෙයි සිය පාරක් හිතලා බැලුවත් ඒකෙ වැරද්දක් නැහැ. සරලවම කිව්වොත් ප්‍රේම සම්බන්ධයක් පටන් ගනිද්දී, එහෙමත් නැත්තන් විවාහය වගේ අතිශය වැදගත් කාරනාවකදී ඔයා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. මෙතැනදී ඔයා ගත්ත තීරණය වැරදුනොත් ජිවිත කාලයම ඔයාට විඳවන්න වෙයි. මේක එක උදාහරණයක් විතරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 851 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:19:01 AM
Script:/article/851/every-thing-going-wrong-read-this-to-turn-them-right.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:19:02 AM
Script:/article/851/every-thing-going-wrong-read-this-to-turn-them-right.html