පාලනය කරගන්න බැරුව නිතරම වාතය පිටවෙනවා නම් මේ දේවල් වලින් පරිස්සම් වෙන්න

June 19, 2018
22,465
Stay away from these to avoid stomach gas
වාතය පිටවෙන එක ගැන අපි ප්‍රසිද්ධියේ කතා කරන්න ටිකක් අකමැතියි වගේම කවුරු උනත් හිතන්නේ මේක ටිකක් පිළිකුල් සහගත දෙයක් විදිහට. ඒ නිසා කාට හරි ප්‍රසිද්දියේ වාතය පිටවීමක් සිද්ධ උනොත් ඒ කෙනා අපහසුතාවයට පත් වෙනවා වගේම ළඟ පාත ඉන්න අයත් අපහසු තාවයට පත්වෙනවා. හැබැයි ඉතින් අපි මේ ගැන මහා ලොකුවට හිතුවට මේක ඇත්තටම අපේ ශරීරයේ සිදුවෙන සාමාන්‍ය ක්‍රියාවලියක්. සාමාන්‍ය පුද්ගලයෙක් දවසකට 20 වතාවක් විතර වාතය පිට කිරීම සිදු කරනවා. මීට වඩා දිනකට වාතය පිටවීමක් සිදු වෙනවා නම් ඒකට හේතුව මේ කියන ආහාර වෙන්න පුළුවන් මොකද අනෙක් ආහාර වර්ග වලට වඩා මේ ආහාර නිසා ශරීරයේ වාතය එකතු වීම වැඩියි. ඒ නිසා ඔයත් මේ ප්‍රශ්නය නිසා පීඩාවට පත්වුණා කෙනෙක් නම් මේ ආහාර පාන භාවිතය ටිකක් අඩු කරොත් ඔයාට සහනයක් ලබාගන්න පුළුවන් වෙයි.

1. බෝංචි

බෝංචි තමයි මේ ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ. මොකද බෝංචි වල අන්තර්ගත වෙනවා අධික ද්‍රාව්‍යමය කෙදි ශරීරය තුල වාතය නිපදවීමට බලපාන ඒ වගේම raffinose කියන සීනි වර්ගයත් අඩංගු වෙනවා අධික ලෙස ශරීරය තුල වාතය නිපදවීමට හේතුවෙන ඒ නිසා බෝංචි කියන්නේ මේ වගේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ටිකක් අඩුවෙන් කන්න ඕනේ කෑමක්.

2. ගෑස් නිපදවන පලතුරු

සමහර පලතුරු විශේෂයෙන් අපේ සිරුර තුල ගෑස් නිපදවීමට දක්ෂයි. ඒ අතරින් sorbitol අඩංගු පලතුරු වෙන ඇපල්, පෙයාස්, පීච් විශේෂ තැනක් ගන්නවා. මේ නිසා මේ වගේ පලතුරු බාවිතය ටිකක් අඩු කරොත් ඔයාට සහනයක් ලබාගන්න පුළුවන්.

3. සිසිල් බීම

කාබන්ඩයොක්සයිඩ් අඩංගු සෝඩා ,ස්ප්‍රියිට් වගේ බිම වර්ග නිසාත් මේ ප්‍රශ්නේ ඇති වෙනවා. මොකද මේවා බිවුවම අපේ බඩ වාතයෙන් පිරෙනවා, බොන අය දන්නවනේ මේවා බිවුවම ගෑස් අපේ උගුරටත් එනවා. ඒ වගේම තමයි මේ බීම වර්ග වල පහසුවෙන් දිරවිය නොහැකි සීනි වර්ග අඩංගු වෙනවා මේ නිසාත් ශරීරය තුල වාතය නිපදවෙනවා.

4. කිරි සහ කිරි නිෂ්පාදන

කිරිවල අඩංගු වෙන ලැක්ටෝස් මේ ප්‍රශ්නයට මුලිකවම බලපානවා මේ ලැක්ටෝස් ශරීරයේ ගෑස් නිපදවෙන්න හේතු වෙනවා. කිරි නිසා ඇතිවෙන තත්වය පාලනය කරගන්න නම් ඔබට කිරි නිෂ්පාදන ආහාරයට ගන්න එක පාලනය කරගන්න වෙනවා. නැත්නම් කිරි නිෂ්පාදන ආහාරයට ගන්න කලින් අතිරේක ආහාරයක් ගන්න වෙනවා. මොකද හිස් බඩ මේ දේවල් ආහාරයට ගත්තොත් ගෑස් නිපදවෙන එක වැඩියි.
 
5. Chewing gum

සමහර අයට පුරුද්දට Chewing gum හපන්න ඕනේ. මෙතැනදී වෙන්නේ අපි Chewing gum හපනකොට අපිටත් නොදැනීම අපිට වාතය ගිලෙනවා ඒ විතරක් නෙවෙයි Chewing gum වලත් වාතය නිපද වීමට බලපාන සීනි වර්ග අඩංගු වෙනවා.

6. සමහර එළවලු වර්ග

ගෝවා, රාබු වගේ එළවලු නිසාත් අපේ ශරීරයේ වාතය වැඩි වශයෙන් නිපද වෙනවා. මොකද සමහර එළවලු වල තියෙන සීනි වගේම කෙදි වාතය ඇතිවෙන්න බලපානවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 894 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:51:30 AM
Script:/article/894/stay-away-from-these-to-avoid-stomach-gas.html
Referer:http://hadakari.com/article/1637/stress-releasing-lemon-grass.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:51:30 AM
Script:/article/894/stay-away-from-these-to-avoid-stomach-gas.html
Referer:http://hadakari.com/article/1637/stress-releasing-lemon-grass.html