කාටත් ප්‍රියමනාප හැඩකාරියක් වෙන්න මේ ටික බොහොම වැදගත් වෙයි

August 4, 2019
6,883
Do these to be a pleasant woman
සෑම සාර්ථක පිරිමියෙකුගේම පිටුපසින් ඉන්නේ කාන්තාවක්. ඒ වගේම ඇය හැබෑම හැඩකාරියක්.. නුවනක්කාරියක්. ඉතින් මේ හැඩකාරිය සාර්ථක කාන්තාවක් වීමට නම් ඇගේ චරිතයේ පැවැතිය යුතු ගුණාංග මොනවාදැයි ඔබ දන්නවා ඇති. සමහර විට නොදැන ඉන්නවා නම් මේවා ඔබටම ආදේශ කරගන්න ඔන්න සම්පූර්ණ අවසරය තිබෙනවා...

උදෙන්ම අවදි වෙන්න...

ඔබ හැඩකාරියක් වගේම දුවක, මවක, බිරිඳක තවත් කාලයකදී නැන්දණියක, මිත්තනියක විදිහට විවිධ භුමිකාවන්හි චරිත නිරූපනය කරනවා. මේ කවර චරිතයක හිටියත් උදෙන් අවදිවීම ඉතාම වැදගත්. එක් පැත්තකින් දවසේ කාලය ඉතුරු වෙනවා.ඒ වගේම අලුත් මනසකින් දවසට මුහුණ දෙන්න පුලුවනි. දියණියක විදිහට ඔබ ඉරත් පායලා තවත් හෝරා දෙක තුනක් නින්දට ගෙවුනොත් දවසේ කළ යුතු වැඩ කොටස් බොහොමයක් නොදැනීම මග හැරෙන්න පුලුවනි. ඒ නිසා දවස කළමනාකරණය කර ගැනීනම් අංක එක උදෙන්ම නැගිටීමයි.

පෝෂ්‍යදායී ආහාරයක් පිළියෙල කරන්න..

උදෙන්ම නැගිට්ටොත් පෝෂ්‍යදායී ආහාරයක් පිළියෙල කිරීම එතරම් අපහසුවක් නොවෙයි. ඕන් ඉතින් වෙලාව ගිහින් නැගිටිනවා. දඩි බිඩි ගාලා ලෑස්ති වෙනවා. ඒ හැරුනාම ගලපෙන ආහාරයක් පිළියෙල කර ගන්නත් කෝ වේලාව... අතරමග කඩයකින් මොනවා හරි පැටිස්, රෝල්ස් එකකින් වේල පිරිමහ ගන්නවා. ඇඟට ලැබෙන්නේ තෙල්, සීනි සහ අහිතකර විදිහට මේදය විතරයි. කාලයක් යද්දී යකඩ අඩුකම, කොලස්ටරෝල්, රුධිරගත සීනි විතරක්යැ... හැඩට තිබුන සිරුරත් දැන් බැරල් ෂේප්. අඩි දහයක් දොළහක් පයින් යන්න බැරි තරමට හති. නොදැනීම හදවතේ ලෙඩ. දැන් ඉතින් හැඩකාරී ලෙඩ වාට්ටුවක් වෙලා. ඉතින් මේ වගේ අවාසනාවන්ත තත්වයට පත් නොවී හැමදාම හැඩට වගේම නීරෝගීව ඉන්න හැකි විදිහට පෝෂ්‍යදායී ආහාරයක් පිළියෙල කරගන්නත් අමතක කරන්න එපා.

අඩුපාඩු හඳුනා ගන්න..

අපේ අඩු පාඩු අනුන් කතා කරනවාට වඩා අපිම ඒ ගැන දැනගත්තොත් හොඳයි. ඒත් අපේ වැරැදි අපිට නොපෙනුනත් හුඟක් වේලාවට අපි මේ කරන්නේ වැරැද්දක් බව අපිටත් දැනෙනවා. එකම අඩුව ඒවා පිළිගන්න අපි කැමැති නැහැ. ගහක්.. ගලක් වගේ මම හරි කියන ස්ථාවරයේ ඉන්න අපිට බැහැ. ඒ නිසා නිතරම නම්‍යශීලී වෙන්න. එතකොට හැමදෙනාම කැමැත්තක් දක්වන හැඩකාරියක් වෙන්න කිසිම බාධාවක් නැහැ.

ආගන්තුක සත්කාරය

සිංහලයන් කිව්වාම ආගන්තුක සත්කාරයට බොහොම කැමැති ජාතියක්. ඒත් දැන් දැන් හැඩකාර පරම්පරාව අතරින් මේ ගති ගුණ නොදැනීම ලිහිල් වෙන ලකුණු තියෙන බවට බොහෝ දෙනෙක් චෝදනා නගද්දී අපි මේ හොඳ ගුණ ජීවිතයට සම්බන්ධ කර ගනිමු. නිවසට ආගන්තුකයෙක් පැමිණි විට ඔවුන් සැබෑම සුහදතාවයෙන් පිළිගන්න. වේලාවේ
හැටියට වගේම ඔබේ පුලුවන්කමේ විදිහට ඔවුන්ට සංග්‍රහ කරන්න. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ සංග්‍රහයේ වටිනාකම නොවෙයි. එහි තිබෙන්නා වූ සුහදතාවයයි. හැඩකාරියන්ගේ හැඩතල ඉස්මතු වෙන්නේ එතකොටයි හොඳේ...

හිතට සතුට දැනෙන දේ කරන්න..

තවත් කෙනෙකුට උදව් කළොත් එයින් ඔබට විශාල සතුටක් ලැබෙනවා. මේ සතුට ලබා ගන්න ලොකු මිළ මුදල් වැය කරන්න අවශ්‍ය නැහැ. වෙලාවේ හැටියට, ඔබේ හැකියාවේ ප්‍රමාණයට යම් උදව්වක් කළොත් එයින් ලැබෙන තෘප්තිය හැඩකාරියට විශාල ආශිර්වාදයක් වේවි. ගැබ්ගත් අම්මා කෙනෙකුට ආහාරයක් දෙන්න, ලෙඩෙක් වෙනුවෙන් පුංචි
උදව්වක් කිරීම, ඉගෙන ගන්නා තවත් කෙනෙකුට උපාරයක් කිරීම පුංචි වුනත් ලොකු සතුටක් ලබා දෙන දෙයක් වේවි.

ව්‍යායාම

හැඩකාරියක් විදිහට ඔබේ ශ්‍රමයේ දායකත්වය පවුලට උපරිමයෙන් ලබා දෙන්න හැකියාව ලැබෙන්නේ ඔබ නිරෝගිව හිටියොත් පමණයි. ඒ නිසා ව්‍යායාම වෙනුවෙනුත් පුංචි වේලාවක් වෙන් කර ගන්න. එහෙම නැතුව අධි සුඛේපබෝගී ජීවිතයකින් අලස, අක්‍රියශීලී රටාවක් වෙනුවෙන් හුරු වුනොත් දියැඩියාව, අධිරුධිර පීඩනය, පිලිකා වැනි බෝ නොවන රෝගවලට ඔබටත් නොදැනීම ගොදුරු වෙන්න පුලුවනි.

තරඟයක් මොකටද...?

හැඩකාරියන් අතර ඔබ තවත් හැඩකාරියක් විදිහට මිසක එයින් ඔබ්බට ගිහින් ඉස්මතු වීමට උත්සාහ කරන්න එපා. අනවශ්‍ය විදිහට ඉස්මතු වීමට දරණ උත්සහය හැඩකාර ඔබට වෙහෙසක් ඒ නිසා ඔබේ වපසරියේ සිට කටයුතු කරන්න. අනුන් හඹා යන්න... ඔවුන්ට වඩා කැපී පෙනෙන්න... මේවා හැඩකාරියන්ගේ ලස්සනට බාධාවක්. නිතරම වෙහෙසකර මානසිකත්වයෙන් සිටින විට ඔබේ ලස්සනත් දුරස් වෙන්න පුලුවනි.

කියවීම වැදගත්

අපේ හැඩකාරියෝ ලිං මැඬියන් වගේ හිටියොත් කිසිම වටිනාකමක් නැහැ. ඒ නිසා දවසකට විනාඩි දහයක්වත් පොතක් පත්තරයක් ලිපියක් කියවීමට මිඩංගු කරන්න. ඔබ ලෝක කීර්තිමත් බිලියනපතියෙක් වූ ‘‘වොරන් බෆ්ට්” අසාමාන්‍ය විදිහට පොත් පත් කියවන ලද චරිතයක්. තමාගේ ව්‍යාපාරික සාර්ථකත්වය කියැවීමෙන් ලත් ඇසූ පිරූ තැන් බෙහෙවින් වැදගත් වුන බැව් වරක් ඔහු ප්‍රකාශ කලා. වෙළදපොල හැසිරීම ඔහු ඉතාම ඉක්මනින් හඳුනා ගත්තා. මේ අනුව වොරන් කියා ඇත්තේ කියවීමෙන් මිනිසා සම්පූර්ණ වන බව සත්‍යක්. අපි මේ තැනට වත් විශේෂණයක් එකතු කරල මෙහෙම කියමු. ‘‘ කියවීමෙන් හැඩකාරියන් සර්ව සම්පූර්ණ වේ”

එන්. ඒ. පි. සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1382 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:25 AM
Script:/article/1382/do-these-to-be-a-pleasant-woman.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:25 AM
Script:/article/1382/do-these-to-be-a-pleasant-woman.html