ඔයාගේ මිතුරියන් අතරේ හොඳම මිතුරියක් වෙන්නේ කොහොමද? කියවලා දැනගන්න

September 8, 2017
6,364
How to be a best friend among friends
අපි කවදාවත් කැමති වෙන්නේ නැහැනේ නරක යාළුවො ආශ්‍රය කරන්න. ඒ අයගෙන් අපිට කවදාවත් යහපතක් වෙන්නේ නැති නිසා ගොඩාක් දෙනෙක් උත්සාහ කරන්නේ එහෙම අයගෙන් ඈත් වෙලා යහපත් සිතුම් පැතුම්, චර්යාවන් තියෙන අයව ඇසුරු කරන්න. අනිත් අයගෙන් දේවල් බලාපොරොත්තු වෙන්න කලින් තමන් අඩු පාඩු හදාගෙන ඉන්න එක හොඳයිනේ. අපි කවුරුත් කැමති නැහැනේ තව කෙනෙක්ගෙන් නරකක් අහන්න. ඒ නිසා යාළුවෝ අතරත් කැපී පෙනෙන චරිතයක් වෙන්නේ කොහොමද කියලා අපි කියන්නම්

1. අවංක වෙන්න

අනිත් අයත් එක්ක මිතුරු කම් දිගු කාලයක් පවත්වාගෙන යන්න නම් ඔයාගේ අවංක කම අනිවාර්ය ලක්ෂණයක් වෙන්න ඕන. ඔයත් මූණට එකක් කියලා, හිතේ තවත් එකක් තියාගෙන ඉන්න කෙනෙක් නම් කවදාවත් ඔයාට හොඳ මිතුරියක් වෙන්න නම් බැහැ. දිය යටින් ගින්දර ගෙනියන කාටවත් කවුරුවත් කැමති නැහැනේ. ඒ නිසා මිතුරු කණ්ඩායමෙන් ඔයාව කොන් වෙන්න පුළුවන්. ඒ වගේම හොඳම මිතුරිය වුනත් ඔයාව ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. ඔයා ළඟ තියෙන අවංක ගති ලක්ෂණ ඉස්මතු කර ගන්න. හැමෝම අතරේ ඔයාට හොඳ පිළිගැනීමක් ලැබෙයි.

2. අනවශ්‍ය විහිළු ඕනවට වඩා ඕන නෑ

යාළුවෝ අතර විහිලු තහළු කියන දේවල් සාමාන්‍ය දෙයක්නේ. එහෙම නොවෙනවානම් තමයි පුදුමේ. එත් තියෙන යාළුකම් නැත්තටම නැති කරන්න විහිලුවකට පුළුවන්. මොකද විහිළු කියන දේවල් දන්නේ නැති අයත් ඔය යාලුවො අතර ඉන්නවනේ. ඔයාට එහෙම අත්දැකීම් එහෙමත් ඇති සමහරවිට. ඒ නිසා කෙනා කවුද කියල හොඳට තේරුම් අරන් කරන විහිළුවක් කරන එක ඇඟට ගුණයි. ඒ වගේම මතක තියා ගන්න ඕන තවත් දෙයක් තමයි කරන විහිළුවක් සීමාවක් ඇතුව කරන්න ඕන කියන එක.

3. විශ්වාසවන්ත බව

යාළු මිත්‍රකම් විතරක් නෙවෙයි ඕනෑම විදියේ බැඳීමක් පළුදු වෙන්න හෝ නැත්තටම නැති වෙන්න මේ දේ හේතු වෙනවා. විශ්වාසයක් නැති කෙනෙක් එක්ක සම්බන්ධකම් තියාගන්න කිසිම කෙනෙක් ලෑස්ති නැහැ. විශ්වාසය කියන්නේ ඇති කරොත් නැති කරන්න බැරි සහ නැති උනොත් ඇති කරන්න බැරි දෙයක්. විශ්වාසෙ කඩ වෙන විදියේ වැඩ කරලා පස්සේ අනේ මාව විශ්වාස කරන්න කියල නාහෙන් අඬලා වැඩක් නැහැ. මොකද විශ්වාසය කියන්නේ දිනා ගන්න ඕන දෙයක් මිසක් ඉල්ලලා ලබා ගන්න පුළුවන් දෙයක් නොවෙන නිසා.

4. සමාව දෙන හොඳ පුරුද්ද ඔයා තුළත් ඇති කර ගන්න

අපි අතිනුත් අනිත් අයට ඕන තරම් වැරදීම්, අතපසුවීම් සිද්ධ වෙනවනේ. තමන්ගේ පැත්තෙන් හිතල යාලු මිත්‍රයින් අතින් සිද්ධ වෙන වැරදි, හිත රිදීම් අමතක කරන්න. ඒවාට සමාව දෙන්න. ඒත් ගොඩාක් දෙනෙක් කරන්නේ පුංචි පුංචි දේවල් ලොකු කරගෙන හිත් අමනාපකම් ඇති කර ගන්න එක. එහෙම වෙද්දී එතන මිත්‍රත්වයක් පවතින්න විදියක් නැහැනේ. ඒ නිසා ඔයා ළඟ මේ වටිනා ගුණය ඇති කර ගන්න. සමාව දෙන එක වගේම තමන් අතින් වෙන වැරදි වලට සමාව ඉල්ලන එකත් නිහතමානී ගුණයක් කියල අමතක කරන එපා.

මෙන්න මේ කියපු දේවල් ඔයා ළඟත් තියෙනවා නම් ඔයා ඇත්තටම හොඳ මිතුරියක් කියල කියන්න පුළුවන්. අනිත් අය අතරේ කැපී පෙනෙන චරිතයක් කියල කියන්න පුළුවන්. යාලුවෝ අතරින් කැපිලා යන්නේ නැතුව ඒ අයගේ ආකර්ෂණය දිනා ගන්න ඔයාට මේ කිව්ව දේවල් ගොඩක් වැදගත් වෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 406 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:51 AM
Script:/article/406/how-to-be-a-best-friend-among-friends.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:51 AM
Script:/article/406/how-to-be-a-best-friend-among-friends.html