මේ පිරිමි පස් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක විවාහ වෙන්න තියා හිතන්නවත් එපා

April 19, 2018
30,957
Don't ever think of marring these 5 men
විවාහය කියන්නේ අපේ ජිවිත වල තියෙන වැදගත්ම හා වටිනාම බැඳීම් වලින් එකක්. ඒ වගේම දිගු කාලීනව පවත්වාගෙන යන්න තරමක් අසීරු සංකීර්ණ බැඳීමක්. ඒ බැඳීම ජිවිත කාලෙම පරිස්සමෙන් ඉදිරියට අරගන යන්න හැම බිරිඳක්ම මහන්සි ගන්නවා. හැබැයි ඒක එහෙම වෙන්න නම් අනිවාර්යෙන් සැමියාගෙන් සහයෝගය ලබෙන්නම ඕන. ඒත් ඔයාට හමු වෙලා ඉන්නේ මේ වගේ පෙම්වතෙක් නම් කවදාවත් පවුලේ වත් ඔයාගේ වත් සතුට ආරක්ෂා වෙයි කියලා හිතන්න එපා.

1. බොරුකාරයා

නිතරම බොරුවෙන් ජිවත් වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න තියා එහෙම අයව ආශ්‍රය කරන්නවත් අපි කැමති නැහැනේ. මොකද එහෙම අය නිසා අපේ ජිවිතත් අනතුරේ වැටෙන්න පුළුවන්. තවත් දෙයක් තමයි අපි ආදරය කරන කෙනා තමන්ට බොරු කරනවට අපි පොඩ්ඩක් වත් කැමති වෙන්නේ නැහැ.

විවාහයක් සාර්ථක වෙන්න නම් එකිනෙකා අතර විශ්වාසය ආරක්ෂා කර ගන්න ඕන. ඒත් බොරු කාරයෙක් එක්ක ජිවත් වෙද්දී කොහොමද ඔහුගෙන් විශ්වාසය බලාපොරොත්තු වෙන්නේ. ඔහු යන්නේ කොහෙද, ඉන්නේ කොහෙද, මොනවද කරන්නේ කියන එක ගැන බොරු කියන එක වගේම ඔයාට දෙන බොරු පොරොන්දු, බොරු බලාපොරොත්තු ඔයාව හැමදාමත් දුකට පත් කරාවි.

2. නිතරම ඔයාව සැක කරන්නා

ඔයාට ඕන තරම් ඒ ගැන අත්දැකීම් ඇති. බොරු දේවල් වලට නිතරම සැක කර කර වද දෙන්න ගත්තොත් කොහොම තියේවිද? ඒක ඔයාට මොන තරම් මානසික වදයක් වේවිද? හැබැයි එක දවසක් නෙවෙයි ජිවිත කාලෙම. එහෙම වුනොත් ඔයාව පවුල් ජිවිතේ විතරක් නෙවෙයි මුළු ජීවිතේම එපා වෙයි.

3. අනවශ්‍ය නීති දාන්නා

ආදරේ කරද්දී පොඩි පොඩි නීති දාන එක සාමාන්‍ය දෙයක්. ඒත් අනවශ්‍ය විදියට ඔයාව සිමා කරන්න යනවා නම් ඔයාට ඔයාගේ ජිවිතේ රිසි පරිදි විඳින්න කවදාවත් ඉඩ ලැබෙන්නේ නැහැ. ඔයා කැමති ඇඳුමක් අඳින්න, යාලුවෙක් ආශ්‍රය කරන්න, කැමති තැනක ඇවිදින්න යන්න වත් ඔහුගෙන් ඉඩක් ලැබෙන්නේ නැත්තන් ඒ වගේ ආත්මාර්ථකාමියෙක් එක්ක විවාහ ජිවිතයක් ගෙනියන්නේ කොහොමද කියන එක ගැන හොඳින් හිතන්න.

4. තමන්ගේම පවුලේ අය විවේචනය කරන්නා

ඔහු නිතරම තමන්ගේ පවුලේ අය ගැන විවේචන කරනවා නම්, දොස් කියනවා නම්, එයාට එයාගේ පවුලේ අය ගැන කිසිම හැඟීමක් නැති නම් ඔහු පවුලක අගය දන්නා කෙනෙක් නෙවෙයි. එහෙම කෙනක් එක්ක ඔයා ගොඩනගන පවුල් ජිවිතේ ගැනත් ඔහු හිතන්නේ එහෙමයි. තමන්ගේ පවුලේ අයව විවේචනය කරන විදියටම ඔහු දවසක ඔයාවත්, ඔයාගේ පවුලත් විවේචනය කරයි.

5. ඔයාගේ පවුලේ අයව හෑල්ලුවට ලක්කරන්නා

ඔයාගේ පවුලේ අයට ලැබෙන්න ඕන ගෞරවය වෙනුවට ඔහු නිතරම ඔයාගේ පවුලේ අයව හෑල්ලු කරනවා නම් පහත් කරලා කතා කරනවා නම් ඔයා එකට කැමති නැහැ. ඒ වගේම ඒක ඔයාට දුකක් නේද? පුළුවන් තරම් කාලයක් ඉවසන් ඉඳලා ඉවසීමේ සීමාව පහු වුනාට පස්සේ ඒ වෙනුවෙන් ඔයත් කතා කරයි. එදාට ඔයාල අතරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ විදියටම තමයි එයා දවසක ඔයාවත් හෑල්ලුවට ලක් කරන්නේ. අනික අවංකව ආදරය කරන කෙනෙක් නම් ඔයාට වගේම ඔයාගේ පවුලටත් ආදර කරනවා. ඔයාගේ හැම දේකටම ආදරය කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Dark side of virginity test in marriage
   165
   140

කුමරි බඹසර : කන්‍යාභාවය තහවුරු කිරීමේ මිත්‍යාව

ගැහැනු දරුවෙක් විදිහට තමන්ගේ පිරිසිදු බව සනාථ කිරීමේ චාරිත්‍රය තවමත් මේ සමාජයෙන් ඈත් වෙලා නැහැ. ප්‍රථම සංසර්ගයේදී රුධිරය පිටවිය යුතුමද
Guava for a beautiful you
   80
   70

මිහිරි කටහඬක් වගේම සුන්දර රූපයක් ලබා දෙන පේර

පේර වල තියන මෙන්න මේ විශ්මිත ගුණ නිසා මේ ලිපිය කියෙව්වට පස්සේ අද ඉඳන් ඔබ අනිවාර්‍යෙන්ම හිතලම පේර ආහාරයට ගනියි
Polos cashew mix
   130
   62

පොලොස් කජු බැදුම

හරිම ගුණ ආහාරයක් වෙන පොලොස් වලින් හදන මේ බැදුම බත්, පාන්, රොටී ඔනේ එකක් එක්ක කන්න පුලුවන්..
Lets talk about one more thing woman suffer with
   561
   61

කාන්තාවන් පීඩා විඳින තවත් එක් කාරණයක්

සමහර පොත් වල ලියැවෙන්නේ ගෙදර බුදුන් අම්මා කියාය. දවස පුරා අපට ඇහෙන්න ලැබෙන්නේ සුන්දර ගැහැණුන් ගැනය. ඒත් ගැහැණුන්ගේ පීඩාවන් කතා කරන්නට ගිය තැන හිමිවන්නේ අපවාදය, ප්‍රතිපීඩාවන්ය. කාන්තාවන්ගේ ප්‍රශ්න වලට විසඳුම් තිබේද?
Must have frocks for woman (Part 01)
   13,843
   39

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා

Latest Articles

Most Viwed

 |

x