ලොකු පොඩි භේදයකින් තොරව වලට අපි කවුරුත් කැමතියි. ඉතින් සෞඛ්‍ය ආරක්ෂිතව, වස විස නැතිව ගෙදරදීම හදා ගමු.
තලපත් මාලු ග්‍රෑම් 200
දෙහි ගෙඩි 2 ක යුෂ
ලුණු තේ හැඳි 1
ගම්මිරිස් තේ හැඳි 1/4
පාන් පිටි ග්‍රෑම් 50
බිත්තර 2ක සුදු මද
වතුර තේ කෝප්ප 1
බිස්කට් කුඩු ග්‍රෑම් 100
බැදීමට පොල්තෙල්
1. මාළු වල සම ඉවත් කර සෝදා ගන්න.
2. මාළු සිහින් ඇඟිලි ආකාරයේ තීරු කපා ගන්න.
3. එයට ලුණු , ගම්මිරිස්, දෙහි මිශ්‍ර කර විනාඩි 30ක් පමණ තබන්න.
4. පාන් පිටි, බිත්තර සුදු මද සහ වතුර එක් කර බැටර් එකක් සාදා ගන්න.
5. පදම් කරගත් මාලු එකින් එක බැටර් තවරා ඉන්පසු බිස්කට් කුඩු තවරා රන් වන් පැහැ වන තුරු ගැඹුරු තෙලේ බැද ගන්න.
6. අඹ හෝ ඇඹරැල්ලා චට්නි සමග පිලිගැන්වීමෙන් ආහාර වේල වඩාත් රසවත් කර ගත හැකියි.