බුලත් නිසා හැඩවෙන්න පුලුවනි

November 29, 2019
11,815
Be beautiful with betel leaves
බුලත් කිව්වාම අපි දන්නේ විටට ගන්නා බුලත් ගැනත්, උත්සව අවස්ථාවන් සහ අපේ විවිධ චාරිත්‍රයන්හිදී සම්බන්ධ වෙන බුලත් අත ගැන විතරයි. නමුත් හැඩකාරියන්ගේ හැඩකාරබව ඉස්මතු කිරීමට බුලතින් ලැබෙන පිටුවහල ගැනත් දැන ගත්තොත් අපේ කට්ටියට බොහොම පහසුවෙන් හැඩකාරබව තවත් වැඩි කර ගන්න පුලුවනි. වෙන කිසිම දෙයක් එපා. ඉස්සර කාලයේ කාන්තාවන් ඔවුන්ගේ තොල්පෙති රතු කරග්තතේ අද වගේ ලිප්ස්ටික් වලින් නොවෙයි.

විට කාලා තොල් රතු කරගන් නෑනෝ...කියන ජනකවියෙන් ඊට සාක්ෂි ලැබේවි. පිලිකා නිසා බුලත් ගැන අපේ බිය ඇති වුනත් බුලත්කාලා හපය මුඛයේ තිබීමෙන් ඇති වෙන අවදානම ගැන අවදානය තබා ගැනීම නම් වඩාත් වැදගත්. ඒ වගේම මුඛයේ දුගඳ නැති වීම, ආහාර ජීරණය, ආහාර අරුචිය වගේම ආහාර වෙනුවෙන්
උත්තේජනයක් ඇති කිරීමටත් බුලත් ඉතාම ගුණදායකයි. ඉස්සර කාලයේ වාත, තැලුම් කැක්කුම් ඇති වුනාමත් බුලත් කොළයක් පහන් දැල්ලෙන් තවාගෙන තෙල් ආලේප කළ තැන තැවීම නිසා වේදනාව අඩු වෙනවා.

එහෙමනම් බුලත් කොළ ටිකක් අරගෙන එහි යුෂ සමග බිත්තර සුදුමදයකුත් එක් කරලා මුහුණේ ආලේප කිරීමෙන් හැඩකාර බවට බාධාවන් ඇති කරන මුහුණේ ලප කැලැල් ඉවත් කර ගැනීමට පුලුවනි. මේකත් ෆේස් මාස්ක් එකක් විත්තිය අමතක කරන්න එපා.
ඒ වගේම බුලත් කොළ තම්බා ගත් වතුරෙන් මුහුණ සෝදා ගැනීමෙන් මුහුණේ ලප කැලැල් නැති කර ගන්න පුලුවනි. ඒ වගේම බුලත් කොළ තම්බා ගත් වතුර මේස හැන්දක් සමග හාල් තම්බා ගත් වතුරත් එකතු කර ගත් මිශ්‍රණයෙන් මුහුණ සෝදා ගැනීමත් තවත් එක් ප්‍රතිකාරයක්.

හැඩකාරියන්ට හරිම ගැටලුවක් ඇති කරන කිහිලි සහ ඉකිලි ප්‍රෙදේශයේ ඇති අවපැහැය ඉවත් කිරීමට බුලත් හොඳ ප්‍රතිකාරයක්. මේ හැඩවීම එතරම් අපහසුත් නැහැ. බුලත් කොළ ටිකක් බ්ලෙන්ඩ් කර ගෙන ලබා ගත් යුෂ කිහිලි, ඉකිලි ප්‍රෙද්ශයේ ආලේප කරල බලන්නකෝ...

ඔන්න මිදුලේ රෝස මල් පිපිලා. ඒවායිනුත් වැඩක් නොවෙයි, හැඩට යමක් කරගන්න බලමුකෝ.... රෝස මල් පෙති වියලා ගෙන කුඩු කරලා අරගෙන බුලත් යුෂත් එකතු කරලා අවපැහැ සහ ලප ඇති තැන්වල ආලේප කරන්නකෝ... ටික දවසක් යන විට හමේ අවපැහැය විතරක් නොවෙයි, සමේලප කැලැල් පවා දුරින්භූත වේවි.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1462 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:48:30 AM
Script:/article/1462/be-beautiful-with-betel-leaves.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:48:30 AM
Script:/article/1462/be-beautiful-with-betel-leaves.html