ඔහු මේ දේවල් කරන්නේ ඔබව සිපගන්න ඕනේ නිසයි

September 18, 2017
13,830
Top 7 signs that he wants to kiss you
ආදරේ කියන්නේ අපි හැමෝම ජීවිතේ එක පාරක් හරි අත්විඳලා තියෙන නැත්නම් එක පාරක් හරි අත්විඳින්න බලාපොරොත්තු වෙන දෙයක්. ඉතින් සිප වැළඳ ගැනීම් කියන්නේ මේ ආදරය තව තවත් ලස්සන කරන්න හේතු වෙන දෙයක්. ඇත්තටම අලුතින් ආදරය කරන්න පටන් ගත්ත දෙදෙනෙක්ට පළමු සිප ගැනීම කියන්නේ ගොඩාක් විශේෂ දෙයක්. හැබැයි ඉතින් මේක හිතන තරම් ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. කොහොම උනත් ඔහුගේ හැසිරීම මේ වගේ නම් ඔහුට ඇත්තටම අවශ්‍ය වෙලා තියෙන්නේ ඔබව සිප ගන්න.


1. ඔහු ඔහුගේ මුඛ සෞඛ්‍යය ගැන වැඩිපුර උනන්දු වෙනවා නම්

ඔහුගේ දත් වල සහ මුඛයේ පිරිසිදු කම ගැන ඔහු වෙනදාට වඩා උනන්දුයි නම්, ඔහු ඒ ගැන උනන්දු බව ඔබට අඟවන්න උත්සහ කරනවා නම්, ඇත්තටම ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ ඔබව සිපගන්න පුළුවන්.


2. ඔහු ඔබ අසල ගැවසෙන්න නිතරම උත්සහ කරනවා නම්

සවස් උනත් ඔබ සමඟ කාලය ගත කරන්න ඔහු උත්සාහ කරනවා නම්. ඔබව තනිකර යන්න මැලිකමක් දක්වනවා නම්. ඔබත් සමඟ රැඳෙන්න අවශ්‍ය නිසා නිදහසට කාරණා කියනවා නම්. ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ ඔබට තව තවත් සමීප වෙලා පළමු සිප ගැනීමට මුල පුරන්න වෙන්න පුළුවන්.


3. ඔබට සමීප වෙන්න උත්සහ කරනවා නම්

වෙනදාටත් වඩා ආදරණිය ලෙස ඔබට සමීප වෙන්න උත්සහ කරනවා නම්. ආදරණිය ලෙස ඔබව ස්පර්ශ කරනවා නම් ඔහුගේ මේ වෙනසට හේතුව ඔබව සිප ගැනීමට අවශ්‍ය වීම විය හැකියි.


4. ඔහු වැඩිපුර ඔබගේ දෑත් සහ කම්මුල් සිප ගන්නවා නම්

අපි ආදරය කරන විශේෂ කෙනෙක්ගේ විතරයි අපි දෙතොල් සිප ගන්නේ. කම්මුල් සහ දෑත් සිප ගැනීම සාමාන්‍යයෙන් මිතුරන් හිතවතුන් උනත් කරන දෙයක්. නමුත් ඔබේ පෙම්වතා නිතරම ආදරණිය ලෙස ඔබේ දෑත් සහ කම්මුල් සිප ගන්නවා නම් එයින් අදහස් වෙන්නේ ඔහුට ඔබේ දෙතොල් සිප ගැනීමට අවශ්‍ය බවයි.


5. ඔහුගේ දෙතොල් වෙත ඔබේ අවධානය ලබාගන්න උත්සහ කරනවා නම්

ඔබත් සමඟ කතාබහ කරන විට ඔහු ඔහුගේ දෙතොල් ඇඟිලි තුඩු වලින් ස්පර්ශ කරනවා නම්. ඔහු උත්සහ කරන්නේ ඔබේ අවධානය ඔහු වෙත ලබාගෙන ඔබව සිප ගන්න වෙන්න පුළුවන්.


6. ඔහු ආදරණිය ලෙස කතාබහ කරනවා නම්

ඔහු නිතරම උත්සහ කරනවා නම් ඔබත් සමඟ ආදරණිය ලෙස කතා බහ කරන්න. ඔබ දෙදෙනාගේ කතාබහ ආදරණිය එකක් කර ගන්න ඔහුට අවශ්‍ය පළමු සිප ගැනීමට මුල පුරන්නට විය හැකියි.


7. ඔබේ දෑස් දෙසම බලමින් කතා බහ කරනවා නම්

ඔබ දෙදෙනා කතාබහ කරමින් ඉන්න අවස්ථා වලදී ඔහු ඔබේ දෑස් දෙසම බලාගෙන ඉන්නවා නම්. විශේෂයෙන් ඔබේ දෑත් අල්ලාගෙන කතාබහ කරමින් ඉන්න විට ආදරණිය ලෙස ඔබේ දෑස් දෙස බලනවා නම් ඔහුට අවශ්‍ය ඔබව සිප ගැනීමට විය හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 418 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:28:52 PM
Script:/article/418/top-7-signs-that-he-wants-to-kiss-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:28:52 PM
Script:/article/418/top-7-signs-that-he-wants-to-kiss-you.html