හිසකෙස් තුනී වීම වැළැක්වීමට පහසු ක්‍රම

July 22, 2021
18,878
Easy  ways to stop hair thinning
පිරිපුන් කෙස් කලඹක් නොමැති වීම අද බොහෝ කාන්තාවන්ට ඇති ගැටළුවක්.. හිසකෙස් තුනී වීමට හේතුව හිසකෙස් ගැලවී යාමයි.. මෙය ක්‍රම ක්‍රමයෙන් සිදුවන අතර ඉක්මන් ප්‍රථිකාර සඳහා යොමු වීම මගින් හිසකෙස් ගැළැවී යාම පාලනය කරගත හැකිවනවා. මෙම ලිපිය මගින් හැඩකාරි ඔබට ඉදිරිපත් කරන්නේ හිසකෙස් තුනීවීම පාලනය කරගැනීමට ඔබට ගතහැකි පහසු පියවර කිහිපයක් ගැනයි.

හිසකෙස් තුනීවීමට බලපාන හේතු

ඝනකම් කෙස් කළඹක් නොමැති වීමට හේතුව වන්නේ හිසකෙස් ගැලවී යාමනිසා වන අතර එයට ප්‍රධාන වශයෙන් අපගේ පුරුදු සහ විවිධ ජානමය බලපෑම් හේතුවනවා.

- විවිධ ආකාරයේ රසායන ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන හිසකෙස් වර්ණ ගැන්වීම්, රිලැක්සින් සහ පර්ම් (color treatments, perms, relaxers) වැනි විලාසිතා හේතුවෙන්..
- හිසකෙස් සැකසීමට යොදාගනු ලබන ස්ප්‍රේ සහ විවිධ ජෙල් වර්ග භාවිතය
- කොණ්ඩට තදකර බැඳීම, ඉලාස්ටික් වැනි දෑ මගින් තදකර කොණ්ඩා මෝස්තර දැමීමෙන්
- හිසකෙස් සඳහා නිසි පෝෂණය නොලැබීමෙන්. උදාහරණ ලෙස හිසකෙස් සඳහා අවශ්‍ය යකඩ, ප්‍රෝටින් සහ විටමින් සහ ඛනිජලවණ නොලැබීම.
- අධික මානසික පීඩනය නිසා නිකුත්වන කෝටිසෝල් (cortisol) හෝමෝනයෙ ක්‍රියාකාරිත්වය නිසා අලුතින් හිසකෙස් වර්ධනයට බාධා ඇතිවනවා.

ඉහත කරුණු වලට අමතරව හිසකෙස් ගැලවී යාම සඳහා උපත් පාලන පෙති ගැනීම නැවැත්වීම, දරු ප්‍රසූතියකින් පසුව, හෝමෝන වෙනස්කම වලට මුහුණ දීම, ප්‍රතිශක්තීකරණ පද්ධතියේ දුර්වලතා සහ යම් යම් ආසාත්මිකතා බලපානු ලබනවා.

හිසකෙස් තුනී වීමට එසේත් නැතිනම් හිසකෙස් ගැලවී යාම වැලැක්වීමට ගත හැකි පියවර සහ ඒ සදහා ඔබට නිවසේදි කලහැකි ප්‍රථිකාර

1. හිස්කබල සම්බාහනය
හිසකෙස් සඳහා ඔබට කළහැකි පහසුම ප්‍රථිකාරය හිස්කබල හොඳින් සම්භාහනය කිරීමයි.. ස්නානය කිරීමට පෙර ඔබ කැමති තෙල් වර්ගයක් හිස ගල්වා හෝ නැතුව ඇගිලි තුඩු මගින් හොඳින් හිස් කබල සම්භාහනය කරන්න.. මෙමගින් රුධිර ගමනාගමනය පහසු වන අතර හිස් කබල මත ඇති මිය ගිය සෛල ඉවත් කිරීමටද හැකිවනවා.

2. සුවඳ තෙල් වර්ග භාවිතය
ශාකසාර අඩංගු සුවඳ තෙල් වර්ග හිස ගැල්වීමද ඔබට පහසුවෙන් නිවසේදීම සිදුකල හැකි ප්‍රථිකාරයක්.. රෝස්මරි, ලැවෙන්ඩර්, ඔලිව්, තයිම් වැනි තෙල් වර්ග හිසගැල්වීම සිදුකරනු ලබනවා.. ඒවා ආලේප කිරීමට පෙර ස්වල්පයක් අත් බාහුවේ ආලේප කර පැය කිහිපයක් තබා ඒවා ඔබගේ සමට ආසාත්මික වනවාදැයි බලන්න.. එසේ කැසීම, පළු දැමීම හෝ රත් පැහැ වනවා නම් හිසකෙස් මත ආලේප කිරීමෙන් වළකින්න.

3. හිසකෙස් තුනී වීම වළක්වන ෂැම්පු භාවිතය
මෙම ෂැම්පු භාවිතයෙන් ඝනකම් කෙස් කළඹක් ලැබෙන අතර ඒවායෙ අන්තර්ගත විටමින් සහ ඇමයිනෝ අම්ල මගින් හිස්කබල නිරෝගි කර හිස්කෙස් වර්ධනය කරනු ලබනවා. දිනපතා භාවිතයෙන් වඩා හොඳ ප්‍රථිපල ලබාගැනීමට හැකියි. මෙම ෂැම්පු වර්ග භාවිතය සම්බන්ධයෙන් හෝ එහි අන්තරගතය සම්බන්ධව ඔබට ගැටළු තිබේ නම් ඔබගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න.

4. අත්‍යවශ්‍ය විටමින් ලබා ගැනීම
හිසකෙස් දිගින් දිගටම ගැලවී යන්නේ නම් ඔබ වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතු අතර එහිදි වෛද්‍යවරයා විසින් රුධිර පර්‍යේශනයක් සිදුකර යම් පෝශණ ඌනතාවයකින් පෙළෙන්නෙදැයි පරික්ෂා කර බලා අත්‍යවශ්‍ය විටමින් වර්ග භාවිතයට උපදෙස් ලබාදෙනු ලබනවා. විශේෂයෙන් නීරෝගි, ශක්තිමත් හිසකෙස් සදහා අත්‍යවශ්‍ය ෆෝලික් අම්ලය, සින්ක්, යකඩ අන්තර්ගත විටමින් වර්ග ගැනීමට උපදෙස් ලබාදෙනවා.. කෙසේ නමුත් අනවශ්‍ය ප්‍රමාණයට වඩා විටමින් වර්ග බාහිරව ලබා ගැනීම ශරීරයට අහිතකර බලපෑම් එල්ලකරනු ලබන බැවින් වෛද්‍ය උපදෙස් මත ඒවා ලබාගැනීම වැදගත්.

5. ෆෝලික් අම්ලය අඩංගු පෝශක ලබා ගැනීම
නව සෛල වර්ධයනය කෙරෙහි උපකාර වන විටමින් B කුලකයට අයත් ෆෝලික් අම්ලය නව හිසකෙස් වර්ධනය සඳහා උපකාරි වනවා.

6. බයෝටින්
විටමින් B-7 බයොටින් ලෙස හඳුන්වනු ලබන අතර ඇටවර්ග, පරිප්පු, බිත්තර කහ මද, බතල වැනි ආහාරවල වඩාත් අඩංගු වනවා.. ඔබ මේ ආහාර අඩංගු සමබර ආහාර වේලක් ගැනීම ඝනකමින් යුතු කෙස්කළඹක් ලබාගැනීමට උපකාරි වනවා.. මෑතකාලිනව වෙළදපොලේ බයොටින් අඩංගු අතිරේක ආහාර පෝශක බහුලව ඇති අතර වෛද්‍ය උපදෙස් මත ඔබට බයෝටින් අඩංගු ආහාර අතිරේකයක් ලබාගත හැකියි.එමෙන්ම ඔබ විටමින් B-5 අඩංගු අතිරේකයක් ලබාගන්නවා නම් බයෝටින් අතිරේකයක් ලබා නොගත යුතුයි.

7. ඔමෙගා 3 සහ ඔමෙගා 6 මේද අම්ල - Omega-3 and omega-6 fatty acids

ඔමෙගා 3 සහ ඔමෙගා 6 මේද අම්ල ශරීරයට අත්‍යාවශ්‍ය මේද අම්ල වන අතර එමගින් ප්‍රදාහය ඇතිවීම වළක්වන අතර අලුතින් හිසකෙස් වර්ධනය සඳහා උපකාරි වනවා. සූරියකාන්ත තෙල්, අලිගැටපේර තෙල් ආදී ශාකසාර ආශ්‍රිත තෙල් හි ඔමෙගා 6 අඩංගු වන අතර ඔමෙගා 3 මේද අම්ල කුඩා මාලු ආහාරයට ගැනීමෙන් ලබා ගත හැකියි.. එසේ නොමැතිනම් වෛද්‍ය උපදෙස් මත ඔමෙගා 3 හෝ 6 අඩංගු අතිරේකයක් ලබා ගැනීමටද ඔබට පුලුවන්.

ඔබත් හිසකෙස් ගැලවී යාමෙන් සහ තුනී හිසකෙස් ඇති නිසා පීඩා විදිනවා නම් ඉහත ප්‍රථිකාර ක්‍රමයන් අත්හදා බැලීමට ඔබට හැකියි.. විශේෂයෙන් බාහිරව පෝශණ පදාර්ථ ලබා ගැනීමට වඩා දිනපතා සමබල ආහාර වේලක් ගැනීම, හිසකෙස් පිරිසිදුව තබා ගැනීම සහ ආතතියෙන් මිදී යහපත් මානසික තත්ත්වයක් පවත්වාගෙන යාම වඩාත් වැදගත් වනවා. නමුත් දිගින් දිගටම ඔබගේ හිසකෙස් ගැලවී යනවා නම් හෝ තුනී වනවා නම් ඔබ වෛද්‍ය ප්‍රථිකාර සදහා යොමු විය යුතුයි. එහිදී අවශ්‍ය ඖෂධ මෙන්ම අවශ්‍ය නම් හිසකෙස් නැවත සිටුවීම (Hair transplants ) වැනි ප්‍රතිකර්ම සඳහා යොමුවීමට ඔබට හැකියාව තිබෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 2025 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:31:50 PM
Script:/article/2025/easy-ways-to-stop-hair-thinning.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:31:51 PM
Script:/article/2025/easy-ways-to-stop-hair-thinning.html