කාන්තාවන් තම සහකරුගෙන් අනිවාර්යෙන් මේ දේවල් බලාපොරොත්තු වෙනවා

October 18, 2017
5,901
Women looking forward for these things from her partner
සතුට කියන දේ හැමතිස්සෙම තියෙන්නේ අපිට වඩා ටිකක් ඉස්සරහින්. ආදරේ කියන කාරණේදීත් එක එහෙමමයි. ආදරේ ලබා ගන්න කලින් ඒ වෙනුවෙන් තිබුණු උනන්දුව ලබා ගත්තට පස්සේ නැතුව යනවා. එකට ඉතින් විවිධ හේතු බලපානවා. කාලයක් යද්දී ආදරෙත් පරිණත වෙනවා. ඉස්සර වගේ බොළඳ විදිහට ආදරේ කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒත් බැඳීමක් පවත්වාගෙන යද්දී කැප කිරීම් කරන්න වෙනවා. ඒ වගේම අපි හැමෝම එකිනෙකාගෙන් ගොඩාක් දේවල් බලපොරොත්තු වෙනවා. විශේෂයෙන් කාන්තවන්. කාලයක් යද්දී මඟ හැරෙන, ඒත් කාන්තාවන් වැඩි වශයෙන් සහකරුගෙන් බලාපොරොත්තු වෙන දේවල් කීපයක් තමයි මේ.

1. දැනෙන්න ආදරේ කරන්න

ආදරේ කරනවා කියලා ඔච්චර වචනෙන් කිව්වත් වැඩක් නැහැ. ඒක අනිත් කෙනාට දැනෙන්නේ නැත්තන්. අනිත් එක තමයි ඔප්පු කරලා පෙන්නනකන් ආදරේ කියන්නෙත් වචනයක් විතරයි. ඒ වගේම කාලයක් ආදරේ කරලා කසාද බඳින්නත් තීරණය කරාට පස්සේ ආදර කතාව ටිකක් බෝරින් වෙන්න ගන්නවා. කලින් ආදරේ කරද්දී කරපු පොඩි පොඩි දේවල් surprise එහෙම අමතක වෙලා යනවා. ඊට පස්සේ ඉතින් වෙනස් වෙලා කියයි, ආදරේ නෑ කියයි, තව තව ගොඩක් ප්‍රශ්න. මෙහෙම වෙන්න දෙන්නේ නැතුව ආදරේ පටන් ගත්ත කාලේදී වගේම ඔයා එයාට ආදරෙයි කියන එක එයාට දැනෙන්න දෙන්න. දැනෙන්න ආදරේ කරන්න.
.

2. යාළු මිත්‍රකම් ගොඩාක් වැදගත්

කොච්චර හැංගි හැංගි ආදරේ කලත්, විවාහ වෙන්න තීරණය කරාට පස්සේ දෙන්නගේ යාලු මිත්‍රයෝ එහෙම මුණගැහෙන්න වෙනවා. අනික තව කපල් එක්ක විනෝද වෙන්න අවස්ථාවක් හදා ගන්න එක ගොඩක් වැදගත්. මොකද ගෑණු ළමයි කැමතියි මේ මගේ boyfriend මේ මගේ husband කියල අනිත් අයට හඳුන්වලා දෙන්න. ඒ නිසා දෙන්නගෙම යාලුවෝ දැන අඳුන ගන්න එකත් වැදගත්. ඒ වගේම එවැනි අවස්ථාවන් මඟහරින්න එපා.


3. වගකීම්

ආදර සම්බන්ධතාවයක වගකීම තියෙන්නේ දෙන්නටම තමයි. හැබැයි ගොඩක් වෙලාවට ගෑණු ළමයි කැමතියිනේ තමන්ගේ සහකරු වැඩියෙන් වගකීම් සහගත වෙනවට. ඉතින් කසාද බඳිනවා කියලා තීරණේ කළාට පස්සේ ඔහු අනාගතේ ගැන දෙන්නගේ තියෙන සැලසුම් ක්‍රියාත්මක කරන්න මුල පුරනවට ගෑණු ළමයා කැමතියි. විවාහයෙන් පස්සේ දෙන්නගේ ජීවිතේ ගැන සැලසුම් කිරීම සම්බන්ධයෙන් සහකරු වැඩි වගකීමක් ගන්න එක ගොඩක් වටිනවා.

4. දෙන්නටම වෙන් වුනු දවසක්

මෙන්න මේ කාරණයත් ඇත්තටම කසාද බඳින්න ඉන්න දෙන්නෙක්ට විතරක් නෙවෙයි, කසාද බැඳලා දරුවෝ ඉන්න පවුලකට වුනත් එක විදියටම වැදගත්. සාමාන්‍යයෙන් ආදරයක් පටන් ගත්තු කාලේ දෙන්නට දෙන්නා මුණගැහෙන්න ඕනේ තරම් වෙලාව තිබුනා. එත් සමහර අයට කාලයක් යද්දී call එකක් දෙන්න sms එකක් දාන්න වෙලාවක් නැහැ. එත් ඒක එහෙම වෙන්න දෙන්න එපා. ඒ අඩුව එයාට ගොඩක් ලොකුවට දැනෙනවා. බැඳීම් ශක්තිමත් වෙන්න නම් ඒ වෙනුවෙන් කැප කිරීම් කරන්න ඕනේ. එයා එක්ක පොඩ්ඩක් එලියට යන්න. ඇවිදලා විනෝද වෙලා එන්න. දහසක් වැඩ රාජකාරි අතරේ තමන්ගේ ආදරණීයයන් වෙනුවෙනුත් පොඩි වෙලාවක් වෙන් කරන්න.


5. නිතරම එයාගේ ළඟින් ඉන්නවා කියලා දැනෙන්න ඕන

ගොඩක් වෙලාවට ආදරයක් පරණ වෙනකොට සිද්ධ වෙන දෙයක් තමයි තමන්ගේ සහකාරියට දෙන අවධානය පොඩ්ඩක් අඩු වීම. හැබැයි කාලයේ වෙනසක් නැතුව කාන්තාවන් එක විදියටම තමන්ගේ සහකරුගේ අවධානය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැම මොහොතකම තමන් එයා ගාව ඉන්නවා කියලා දැනෙන දෙන්න. ඒ කියන්නේ මේ ආදර කරන්න පටන් ගත්තු කාලේ වගේ පැයකට සැරයක් මැසේජ් කරන්න, කෝල් කරන්න කියන එක නෙවෙයි. වැඩියෙන්ම තමන්ගේ ජීවිතේට එයා වටිනවා කියලා දැනෙන්න ඉඩ තියන එක. දවසේ වැඩ කටයුතු අතරේ එයා වෙනුවෙනුත් පුංචි කාලයක් වෙන් කරන්න

6. තෑගි භෝග

මොන කෙල්ලද ඉතින් තෑගි භෝග වලට අකමැති. කටින් කියල නොඉල්ලුවට පුංචි හරි present එකක් ලැබුනම තියෙන සතුට. ආදරේ කරපු මුල් කාලේදී වගේ නෙවෙයි කාලයක් යද්දී ගොඩක් අය අතින් මේක මගහැරෙනවා. විශේෂයෙන් විවාහ උනාට පස්සේ. ඒත් ඒක එහෙම වෙන්න දෙන්නේ නැතුව හැමදාම නැතත් ඉඳල හිටලා හරි පුංචි තෑග්ගකින් හරි එයාගේ හිත සතුටු කරන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා. ඒ වගේම සම්බන්ධතාවය රැක ගන්නත් හේතුවක් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 458 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:24:21 AM
Script:/article/458/women-looking-forward-for-these-things-from-her-partner.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:24:21 AM
Script:/article/458/women-looking-forward-for-these-things-from-her-partner.html