රොමෑන්ටික් girlfriend කෙනෙක් වෙන්නේ මෙන්න මෙහෙමයි

September 24, 2017
15,061
This is the way to be a romantic girlfriend
සරලවම කිව්වොත් තමන් ආදරේ කරන කෙනාට දැනෙන්න ආදරේ කරන්න පුළුවන් නම් ඔයා ඇත්තටම රොමෑන්ටික් කෙල්ලෙක්. හැබැයි අපේ අය ගොඩක් දෙනෙක්ට ආදරේ පෙන්නන්න තේරෙන්නේ නැහැ. තවත් සමහර අය පෙන්නන්න පුළුවන් උනත් පෙන්නන්නේ නැහැ. කොහොම හරි ඔයත් ආදරේ කරන්න පෙම්වතෙක් ඉන්න පෙම්වතියක් නම් කියවලාම බලන්නකෝ romantic පෙම්වතියක් වෙන්න මොනවද කරන්න ඕනේ කියලා.

1. පුංචි පුංචි දේවල් මතක තියා ගන්න

සාමාන්‍යයෙන් පිරිමි අයට නම් පොඩි පොඩි දේවල් නෙවෙයි ලොකු ලොකු දේවල් පවා හරි ඉක්මනට අමතක වෙනවනේ. එත් ගෑණු ළමයි එකේ අනිත් පැත්ත. පුංචි දේත් කාලයක් යනකන් හිතේ තියන් ඉන්නවා. ලේසියට අමතක කරන්නේ නැහැ. ඕන නැති දේවල් හිතේ තියන් ඉඳල රණ්ඩු වලට පටල ගන්නවා වගේ ඇනිවසරි, බර්ත්ඩේ, එයා ආසම කෑම, ආසම පාට වගේ පුංචි පුංචි දේවල් මතක තියාගෙන ඉන්න, අවශ්‍ය වෙලාවල් වලදී එයාව පුදුම කරවන්න පුළුවන්. ඔයා නම් හරිම රොමෑන්ටික් කෙල්ලෙක් කියලා එයා අනිවාර්යෙන් හිතනවා.

2. සර්ප්‍රයිස්

නොකිව්වට ගෑණු ළමයි වගේම පිරිමි ළමයිත් කැමතියි පුදුම කිරීම් වලට. ඔයාට කලින් කිව්ව වගේ පොඩි පොඩි දේවල් මතක තියන් ඉඳලා නියම වෙලාව ආවම එයාව පුදුම කරවන්න පුළුවන් නම් ඒ කියන්නේ ආස හිතෙන විදියේ සර්ප්‍රයිස් එකක් දෙන්න පුළුවන් නම් කොහොමද? හොඳයි නේද?. ලොකු වියදම් යන දේවල් ඕන නැහැ. ඔයා අතින්ම හදපු තෑග්ගක් එයා නොහිතන වෙලාවක දෙන්න, එයා කැමති කෑමක් ඔයා අතින්ම හදල දෙන්න. ඒ වගේ පොඩි පොඩි දේවල් ප්‍රමාණවත්.

3. ඔයා එයාට කොච්චර ආදරෙයිද?

ඔයා එයාට ආදරේ වුනත් ඒක හිතේ තියන් ඉඳලා වැඩක් නැහැනේ. ඒක එයාට කියන්න. ළඟ ඉන්න හැම වෙලාවකම ආදරෙයි කියලා මුමුණ මුමුණ ඉන්න පුළුවන් නම්, call එකකින්, sms එකකින් කියන්න පුළුවන් නම් ඔයා එයාට කොයි තරම් ආදරේ කරනවද කියලා එයාට දැනෙන්න ගනීවි.

4. හැදිච්චකම ගෑණු ළමයෙක් ළඟ තියෙන්න ඕනමයි

රොමෑන්ටික් කෙල්ලෙක් ළඟ අනිවාර්යෙන්ම තියෙන්න ඕන දේ තමයි ආචාරශීලී කම. එයා ළඟදි වුනත් හැසිරීමේ, කතා බහේ පිළිවෙලක් ඇති කර ගන්න, කිසිම සංවරකමක් නැතුව හැසිරෙන එක, වක්කඩේ කැඩුවා වගේ කියවගෙන යන එක, එකට එක කියන එක, අනිත් අයගේ ඇද හොයන එක ගෑණු ළමයෙක්ට ගැලපෙන්නේ නැහැ. හරිම කැතයි. ඒ වගේම එයාට දෙන්න ඕන ගෞරවය හැම තැනකදිම ලබා දෙන්න. ආචාරශිලිව කතා කරන්න, හැසිරෙන්න. රොමෑන්ටික් girl කෙනෙක් ළඟ තියෙන හොඳ පුරුද්දක් ඒක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-30 00:00:00' and A.id <> 426 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Friday, October 31, 2025 at 6:21:40 PM
Script:/article/426/this-is-the-way-to-be-a-romantic-girlfriend.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Friday, October 31, 2025 at 6:21:41 PM
Script:/article/426/this-is-the-way-to-be-a-romantic-girlfriend.html