ජිවිතේ දිනන්න, අරමුණු, බලාපොරොත්තු ඉටු කර ගන්න උවමනාව විතරක් තිබිලා මදි. ඒකට හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්නත් ඕන. එහෙම නැති වුනොත් කවදාවත් අපි බලාපොරොත්තු වෙන සාර්ථකත්වයට යන්න බැහැ. ඔයා ළඟ මේ කියන ලක්ෂණ තියෙනවා නම් ජිවිතේ දිනන්න ඕන කරන ආත්ම විශ්වාසය ඔයා ළඟ තියෙනවා. මොන බාධකය ආවත් ඔයාගේ ගමන අතර මඟ නතර කරන්නේ නැතුව ඉදිරියට අරන් යන්න පුළුවන් හැකියාව ඔටයාට තියෙනවා.
1. බය කියන දේ ඔයා ළඟ නැහැ
බය හැමෝගෙම හිත් වල තියෙන දෙයක්. ඒ වගේම මේ බය අපිව දුර්වල කරනවා, අපිව පසු පසට ඇද දමනවා. එත් ඉහල ආත්ම විශ්වාසයක් තියෙන අය තමන්ගේ හිතට බයක් දැනෙන දෙයක් වුනත් බාර ගෙන කරන්න පැකිලෙන්නේ නැහැ. එවැනි අය ඕනෙම challenge එකක් බාර ගන්න වගේම තමන්ට පුළුවන් උපරිමයෙන් ඉටු කරන්න උත්සාහ ගන්නවා. මෙවැනි දේවල් තුලින් ඔවුන් සාමාජයේ අනිත් මිනිසුන් ලෙහෙසියෙන්ම පසු කර ඉදිරියටම යනවා
2. තමන්ව අනිත් අය එක්ක සංසන්දනය කරන්න වත් සම වෙන්න වත් උත්සාහ කරන්නේ නැහැ
ඔයා ඉහල ආත්ම විශ්වාසයක් සහිත කෙනෙක් නම් කිසිම දවසක තමන් ගැන හෝ තමා කරන වැඩ කටයුතු ගැන අනෙත් මිනිසුන් සමග සංසන්දනය කරන්න යන්නේ නෑ. සාර්ථකත්වයට සීමාවන් නෑ කියල ඔයා ඉතා හොදින් අවබෝධ කරගෙනයි ඉන්නේ. ඒ නිසාම අනිත් මිනිසුන්ගේ සාර්ථකත්වයේ සීමා වලින් ඔවුන් නවතින්නේ නෑ. ඔවුන් පහු කර යන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. ඒ නිසාම කිසි විටක තවත් කෙනෙක් එක්ක ඔයා සම වෙන්නේ නැහැ. ඔබ ඔබම වෙන්න කියල කියන්නේ මෙන්න මේකට.
3. අද බෑ හෙට බලමු
මේ කියන දේ නම් ඔයා ළඟ නෑ. තියෙනවා නම් ඔයාට සාර්ථක වෙන්නත් බෑ. ආත්ම විශ්වාසයක් තියෙන කිසිම කෙනෙක් මොනම හේතුවක් නිසා වත් අද වැඩ හෙටට හෝ ලබන සතියට හෝ පසුවට කල් දාන්නේ නෑ. වැඩ හෙටට කල් දාන ගොඩක් මිනිසුන් එහෙම කරන්නේ කම්මැලි කමටත් වඩා තම නොහැකියාව නිසයි. එහෙම අයට වැඩ කල් දමන්න ඕන තරම් හේතුත් තියෙනවා.
4. ඔයා ළඟ නිදහසට කාරණා ඇත්තෙම නැහැ
ඔයාට හොඳ ආත්ම විස්වාසයක් තියෙනවා නම් කිසිම වෙලාවක නිදහසට කාරණා කියන්නේ නැහැ. මොකද ඔයා කරන්නේ මොනවද, කියන්නේ මොනවද කියල ඔයා දන්නවා, ඒගැන අවබෝධයක් තියෙනවා. ඔයා කරන කියන දේවල් වල වගකීම ගන්න ඔයා කිසිම වෙලාවක පැකිලෙන්නේ නැහැ. ඔයා අතින් වුනු වැරද්දක් බොරු හේතු කියලා නිවැරදි කරන, වෙන අය මත වැරදි පටවන පුරුදු ඔයා ළඟ නැහැ.
5. කාටවත් ඔයාව වට්ටන්න බැහැ
කෙනෙක් හොඳින් ඉන්නවා බලාගෙන ඉන්න බැරි මිනිස්සු තමයි අපි අතරේ වැඩිපුර ඉන්නේ. ඇස් වල කටු අනිනවා වගේ. පුළුවන්තරම් අනිත් අයට ගරහන්න, අපහාස, තර්ජන, ගර්ජන එල්ල කරන්නම බලාගෙන ඉන්නවා. එත් හොඳ ආත්ම විශ්වාසයක්, ශක්තිමත් හදවතක් තියෙන කෙනෙක් විදියට ඔයා මේ කිසිම දෙකින් දුර්වල වෙන්නේ නැහැ. ඔයා තියෙන ශක්තිය ගැන විශ්වාස කරනවා. අනිත් අයගෙන් ගන්න පුළුවන් හරවත් දේ අරගෙන ඔයාට එල්ල වෙන negative දේවල් අයින් කරන්න තරම් ඔයාට හොඳ බුද්ධියක් තියෙනවා.
6. ලේසියෙන් දෙයක් අත් හරින පුරුද්ද ඔයා ළඟ නැහැ
ඉලක්කයක් කරා යන ගමන කිසිම වෙලාවක ලේසි පහසු එකක් වෙන්නේ නැහැ. නිතරම බාධක ,අභියෝග එල්ල වෙනවා. ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක් විදිහට ඔයා කවදාවත් ඒ දේවල් නිසා ඔයා යන ගමන නවත්වන්නේ නෑ. එක පාරක් ඇද වැටුනම ඔයා අපහු නැගිටින්නේ හිටියටත් වඩා ශක්තිමත් වෙලා. ඒක තමයි ඔයාගේ දියුණුවේ රහස.