සාර්ථක විවාහ දිවියකට මේ දේවල් ඕනමයි

October 13, 2017
7,099
These things should be there to have a successful marriage life
තරුණ වයසේ ඉන්න හැමෝගෙම බලාපොරොත්තුව වෙන්නේ සුන්දර විවාහ ජිවිතයක්, ආදරණිය පවුලක් ගොඩ නගා ගන්න එක. කවුරුවත් කැමති නැහැනේ ජිවිතේ අවුල් ජාලාවක් වෙලා හැමදාම කලකිරීමෙන් ජිවත් වෙන්න. ඉතින් සුන්දර පවුල් ජීවිතයකට ඔයාල දෙන්න අතරේම තියෙන්න ඕන වැදගත් කරුණු කීපයක් තමයි මේ. මේ දේවල් ඔයාල අතරෙත් තියෙනවා නම් රණ්ඩු වෙන්න, තරහ වෙන්න, හිත් අමනාපකම් ඇති කරගන්න ඕන නැහැ.

1. ඉවසීම පවුල් ජිවිතයක් පවත්වාගෙන යන්න ඕනමයි. ගොඩක් දෙනෙක් ළඟ නැත්තෙත් මේ දේ. එත් අනිවාර්‍යයෙන් පුරුදු කර ගත යුතු වන්නේත් ඉවසීම. මොකද එකිනෙකා අතින් වෙන පොඩි පොඩි වැදීම්, අතපසුවීම්, අමතකවීම් වලට ප්‍රශ්න ඇති කර ගත්තොත් හැමදාම ප්‍රශ්න එක්ක තමයි ජිවත් වෙන්න වෙන්නේ. ඒ නිසා ඉවසන එක හැමදේටම වඩා ඇඟට ගුණයි.

2. ඒ වගේම කලින් කිව්වා වගේ ඔය පොඩි පොඩි වැරදි, අතපසුවීම් වලට සමාව දෙන්න. ඒවා අමතක කරන්න. හිතේ තියාගෙන සැරෙන් සැරේ රණ්ඩු කරන එක වත් අනිත් කෙනාට රිද්දන එකවත් හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා සමාව දෙන්න, කලින්ට වඩා ආදරෙන් ලං වෙන්න. එතකොටයි ආදරේ තව තවත් වැඩි වෙන්නේ.

3. ඔයා අතින් වුනු වැරැද්දකට සමාව ඉල්ලන එකත් හොඳ පුරුද්දක්. ඒ නිසා ඔයා අතින් වැරදි යමක් සිදුවූවා නම් වරද පිළිගෙන ඔහුගෙන් වරදට සමාව ඉල්ලන්න. ඒ වගේම ඒ වැරැද්ද ආයෙත් ඔයා අතින් නොවෙන්නත් වග බලා ගන්න. මොකද කිසිම කෙනෙක් එකම වැරැද්දට කීප වතාවක් සමාව දෙන්නේ නැහැ.

4. දෙදෙනාම එක විට තරහ ගන්න එපා. එක් අයෙක් තරහ වූ විට ඔහු හෝ ඇය සන්සුන් වෙන තෙක් නිහඬව සිටින්න. දෙදෙනාම එකවිට තරහා ගැනීමෙන් සිද්ධ වෙන්නේ ප්‍රශ්නය දුර දිගයන එක විතරයි. දෙන්නම තරඟෙට කියවන්න ගත්තම ප්‍රශ්නේ විසඳෙනවට වඩා එතන ඇති වෙන්නේ ගාලගෝට්ටියක්. ඒ නිසා එයාගේ කේන්තිය නිවෙනකන් ඔයාට කට පියාගෙන ඉන්න පුළුවන් නම් ලොකු දෙයක්.

5. කිසිවිටක එකිනෙකා සමග බහින්බස් වෙන්න එපා. චෝදනා කරන්නට යන්නත් එපා. සුහදව කතාබස් කර ප්‍රශ්නය විසඳාගන්න. විශේෂයෙන් කාන්තාවන් කියවන්න ගත්තම ඒකෙ කෙළවරක් නැහැනේ. කොහොම හරි ඒකෙන් ජය ගන්නමනේ බලන්නේ. හැබැයි එහෙම කරද්දී ඔයාල අතරේ තියෙන බැඳීම් ටිකෙන් ටික දුරස් වෙනවා කියලා ඔයා අමතක කරන්න එපා.

6. ඔයාට එයාව විවේචනය කරන්න ඕනම නම් එම විවේචනය ආදරණීය ලෙසට සිත නොරිදෙන අයුරින් කිරීමට මතක තබා ගන්න.

7. අතීතයේ සිදුවූ වැරදි යළිත් මතක් කරන පුරුද්ද ඔයා ලඟත් තියෙනවා නම් ගෙදර ප්‍රශ්න ඇති වෙන්න එක තවත් හේතුවක්. පැරණි දේවල් ඇවිස්සුවා කියලා ලැබෙන දෙයක් නැහැනේ. ඒ නිසා වැඩකට නැති දේවල් සැරෙන් සැරේ මතක් කරන එක නවත්තන්න. අතීතය නෙවෙයි වර්තමානය සහ අනාගතයයි වැදගත්.

8. මුලු ලොවම ගැන අමතක කරත් එකිනෙකා ගැන හැම විටම මතකයේ තබා ගන්න. නැත්තන් දෙන්නටම නොදැනී දෙන්නා ඈතට යනවා.

9. විසඳා නොගත් ප්‍රශ්න සමග කිසිවිටක නින්දට යන්න එපා. එතකොට ඊළඟ දවස පටන් ගන්නෙත් ප්‍රශ්න එක්ක.

10. දිනකට අඩුම තරමේ එක් වතාවක් ඔහුට හෝ ඇයට කරුණාවෙන් සහ ආදරයෙන් වචන කිහිපයක් හුවමාරු කරගන්න. දරුවන් සිටීම මෙයට බාධාවක් කර නොගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 449 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:00 AM
Script:/article/449/these-things-should-be-there-to-have-a-successful-marriage-life.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:00 AM
Script:/article/449/these-things-should-be-there-to-have-a-successful-marriage-life.html