2021 අවුරුද්දේ ඔබගේ නව රැකියාවක් සෙවීමේ ඉලක්කය ඉහළ නංවාගන්න නොවරදින උපදෙස්

June 25, 2021
2,171
Tips to up your job-seeking target in 2021
පැතිර යන කොරෝනා වසංගත තත්ත්වයත් සමගම සේවකයන් බදවා ගැනීම සම්බන්ධයෙන් සමාගම අනුගමනය කරන ප්‍රතිපත්ති වෙනස් මුහුණුවරක් ගෙන තිබෙනවා.. විශේෂයෙන් සන්නිවේදන තාක්ෂණයෙ දියුණුව සහ එය පහසුවෙන් හා පුළුල්ව යොදා ගැනීමට හැකි වීම නිසා නිවසේ සිට වැඩ කිරීම යන සංකල්පයට බොහෝ දෙනා හුරු වී තිබෙනවා.. බොහෝ ආයතන තම සේවා සේවාදායකයින්ට සහ සේවකයින්ට නම්‍යශීලී වැඩ කිරීමේ ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් ඒකාබද්ධ ඩිජිටල් සේවා ස්ථානය යන සංකල්පය (unified digital workplace) හඳුන්වාද දීමට පියවර ගනිමින් සිටිනවා. මෙම කාලානුරූපී වෙනස්කකමට මුහුණදීමට රැකියා සොයන්නකු ලෙස ඔබ ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව හැඩකාරි මෙම ලිපියෙන් ඔබට වැදගත් උපදෙස් කිහිපයක් ලබා දෙනවා..

වර්තමානයේ බොහෝ සමාගම් නව බඳවා ගැනීම් සම්බන්ධයෙන් ඉතා දැඩි ස්ථාවරයක සිටිමින් රැකියා අපේක්ෂකයින් තුළින් නව නිපුනණතා මාලාවක් සොයමින් සිටිනවා.. පශ්චාත් වසංගත තත්ත්වයෙන් ඔබ්බට දක්ෂ, ඕනෑම වාතාවරණයකට අනුවර්තනය විය හැකි සහ බහු කුසලතා ඇති පුද්ගලයින් ඔවුන් බලාපොරොත්තු වනවා.. එමෙන්ම විපත්තිදායක තත්ත්වයකදී රැකියා අහිමිකිරීම ආදිය සිදු කලද ඉතිරිව සිටින සේවකයින් හට විවිධ භූමිකාවන් ඉටුකිරීමේ හැකියාව ආයතන බලාපොරොත්තු වනවා.. ඉගෙනුම හා හැකියාව මත මෙම කරුණු රදා පවතිනවා..

හැකියාව ගොඩනගා ගන්නේ කෙසේද..
වෘතීය කේන්ද්‍රීය ප්‍රවේශයක් වර්ධනය කිරීම ඔබ විසින් කළයුතු වනවා.. මෙහිදී,
- ඩිජිටල් තාක්ෂණික නිපුණතාවය ගොඩනගා ගැනීම
- ඔබ තුල ඇති නායකත්ව ගුණංග හඳුණාගෙන ඒවා වැඩි දියුණු කර ගැනීම
- රැකියා ස්ථානයේ දි ඔබට ලැබෙන රැකියාව නිසිලෙස ඉටුකිරීම
- ඔබ තුළ ඇති ඉදිරිපත් කිරීමේ හැකියාව සහ මෘදු කුසලතා හඳුනගන්න
- කර්මාන්ත කෙරෙහි ඔබ තුළ ඇති දැනුම වැඩි දියුණු කර ගන්න

සෑම විටම විවෘත වු මනසකින් යුතුව කටයුතු කරන්න.. වෘත්තීමය ජීවිතය ඉණිමඟක් නම් ඔබ එහි ඊළඟ පියවර තැබීම පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින්න. ඔබගේ ක්ෂේත්‍රයට අදාල කර්මාන්ත පිළිබඳ නිරන්තර අලුත් අවබෝධයෙන් පසු වන්න. තාක්‍ෂණය, වෛද්‍ය විද්‍යාව සහ ඊ-වාණිජ්‍යය වැනි විශේෂිත කර්මාන්ත මේ වන විට වෙනත් අංශවලට වඩා වැඩි ඉල්ලුමක් සහිත ක්ෂේත්‍රයි. නූතන ප්‍රවණතාවයන්ට අනුව රැකියාව සෙවීම් උපාය මාර්ගික ක්‍රම වේදයකට අනුව සිදු කරන්න.

සෑමවිටම වටිනා පුද්ගලයෙකු ලෙස පෙනී සිටින්න
ඔබ ඔබගේම සන්නාමයක් බවට පත් වන්න.. විවිධ සමාජ මාධ්‍ය යොදා ගනිමින් ඔබට , ඔබගේම වේදිකාවක් තනා ගත හැකියි. එහි ඔබගේ විශේෂතාවය, දැනුම ප්‍රදර්ශනය කිරීමට ඔබට පුළුවන්. ඉගෙනගත් නව දැනුම නිරන්තරයෙන් බගේ සමාජ මාධ්‍ය ගිණුම් තුළ යාවත්කාලීන කරන්න.. උදාහරණයක් ලෙස ඔබගේ linkedin ගිණුම යාවත්කාලීන කිරීම දක්වන්න පුළුවන්. ඔබ වටා ජාලයක් (network) ඇති කර ගැනීමට නිරන්තරයෙන් උත්සහ කරන්න.

දුරස්ථ ප්‍රවේශය සඳහා සූදානම් වන්න
නවීන තාක්‍ෂණික ප්‍රවණතා සමඟ රැඳී සිටීම රැකියා සොයන්නෙකු ලෙස ඔබේ ස්ථාවරය ශක්තිමත් කර ගැනීමට උපකාරී වනවා.. දුරස්ථ සම්මුඛ සාකච්ඡා සඳහා ඔබ සූදානම් වන්න.. එමෙන්ම ඔබ දුරස්ථව වැඩ කරත් ඔබ ඵලදායි සම්පතක් බව ඔප්පු කිරීමට වැඩ කරන්න.. සාම්ප්‍රදායික ක්‍රම වෙනස් උනත් රැකියා මෙරට පොල තවමත් නොවෙනස් වී පවතිනවා. ඔබ නම්‍යශීලී, සවිස්තරාත්මක රැකියා සෙවීමක් කෙරෙහි අවධානය යොමු කරන විට එයට සවිස්තරාත්මක රැකියා අයදුම්පතක් සකස් කිරීම මෙන්ම ඔබ වැඩ කරන ස්ථානය පිළිබඳව විවෘත මනසකින් සිටීම සහ ජාලකරණයේ කාලය ආයෝජනය කිරීම වැනි දෑ සිදු කළ යුතුයි. මේ සඳහා ඔබ කැපවීම්, විවෘතභාවය සඳහා ඉහළ ප්‍රමිතීන් ඔබ තුළ සකස් කරගත යුතු වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2000 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:52 AM
Script:/article/2000/tips-to-up-your-job-seeking-target-in-2021.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:53 AM
Script:/article/2000/tips-to-up-your-job-seeking-target-in-2021.html